(අජන්ත කුමාර අගලකඩ)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට සුනඛයන් 20ක් පිටරටින් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම එක් සුනඛයකු සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය කෙරෙන අතර සුනඛයන් ආනයනය කිරීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වෙන් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුඩු අල්ලන්න බල්ලෝ විස්සක්
nishard Tuesday, 29 January 2019 01:28 PM
මුහුදෙන් එන කුඩු අල්ලන්නේ කොහොමද ?
kapWednesday, 30 January 2019 05:10 AM
ඒකට මුහුදු බල්ලන් 20ක් ගෙන්වනවා.
RaveendraWednesday, 30 January 2019 01:03 PM
බල්ලන් වුණත් දන්නවා කුඩු අල්ලන්න.. දියවන්නා ඔයේ බූරුවන් දන්නවා කුඩු ඉබින්නට.. රොටි පිට්ටු සැදුමට මෙච්චර කුඩු ඕනමද..? දරුපරපුර නැතිවෙන්නේ මූසලයන් නිසාමනේ..
Nandalal DE SILVA - France Tuesday, 29 January 2019 06:56 PM
අපේ රටේ හැමතැනකම, හැමෝටම වදයක්වී තිබෙන බලු වසංගතය අවසන්කිරිම සඳහා උන්ගෙන් ටිකක් අල්ලා හොඳට කන්න බොන්න දී, මත්කුඩු සෙවීම සඳහා පුහුණුවක් දුන්නොත් රටට කොතරම් වටිනා විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට පුලුවන්ද?
NuwanWednesday, 30 January 2019 09:41 AM
විහිලු කතා කියන්න එපා.., වල් බල්ලන්ට එවැනි හැකියාවක් නැහැ. බොරුනම් හොයලා බලලා වල් බල්ලන් මේ සඳහා යොදවන රටක විස්තරයක් පෙන්නන්න..
RaveendraWednesday, 30 January 2019 12:16 PM
Nuwan මයා වෙත, අප හොඳින් විශ්වාස කරනවා.. ඔහු අදහස් කලේ "දියවන්නා ඔයේ ඉන්න 225ක් තරම් වූ අය" ගැන. ඇත්තෙන්ම ඔවුන් රටට පුදුම කරදරයක් වගේම කරුමයක්නේ..
BamunuarachchiFriday, 01 February 2019 02:49 AM
හොඳ බල්ලෙක් තෝරන විදිහ අන්තර්ජාලයට ගොස් ඉගෙන ගන්න. තෝරන විදිහ ඔබ දන්නවානම් ඔය කමෙන්ට් එක දාන්නේ නැත
canada dissa Tuesday, 29 January 2019 09:47 PM
මුහුදෙන් එන කුඩු අල්ලන්න මාළු පුහුණු කරමු .
lanka Wednesday, 30 January 2019 02:17 AM
ඉතාමත් හොඳ පියවරක්. මත්ද්‍රව්‍ය සාමාන්‍යයෙන් x _ray වැනි යාන්ත්‍රික ක්‍රම වලින් සොයා ගත නොහැකි නමුත්, සුනඛයන් හට ඉතා හොඳින් හඳුනාගත හැකිය.
Kumar Wednesday, 30 January 2019 02:53 AM
සුනඛයන් යොදා කුඩු අල්ලා ටික දවසකින් චූදිතයන් ඇප පිට මුදා හරින එකේ වැඩක් තියෙනවද?
Raveendra Wednesday, 30 January 2019 06:06 AM
Kumar මයා වෙත, ඇයි වැඩක් නැත්තේ? ඒ ඔබට මට, අපට, වැඩක් නැත්තේ.
Rohana Wednesday, 30 January 2019 06:47 AM
බල්ලන්ගේත් තියෙන්නේ ගිනි ගණන්නේ. මේ තියෙන්නේ ඇත්තම ගණන්ද කියලා සැකයි.
sirimal Wednesday, 30 January 2019 09:45 AM
බල්ලෝ ගෙනෙන්න කලින් කුඩුවලට කප් ගහපු කට්ටියට ඇමැති තනතුරු දීලා හිටං ඔය වැඩේ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කළොත් හොඳයි...
BamunuarachchiFriday, 01 February 2019 02:46 AM
ගස් යවන එකත් කොර ගන්න බැරුව ඉන්නේ ඔය කාරණය නිසා තමයි.
KANDEPOLA Wednesday, 30 January 2019 10:06 AM
එක බල්ලෙක් ලක්ෂ 23ක්... අපොයි රටේ ජනතාවගේ සල්ලි...
iron Wednesday, 30 January 2019 10:09 AM
බල්ලන් මොකටද..? ඔය 225දෙනාගේ... ගෙවල් බැලුවා නම් ඕනෑතරම් හොයාගන්න පුළුවන්...
Bamunuarachchi Thursday, 31 January 2019 05:32 AM
මේ සතා අපේ දේශපාලකයන්ට වඩා ස්මාට් පෙනුමක් තිබෙනවා...
Bamunuarachchi Thursday, 31 January 2019 05:35 AM
ඒ බල්ලන් කුඩුවලට ඇබ්බැහිකර තිබෙනනිසා බව දන්නවාද?
Bamunuarachchi Friday, 01 February 2019 02:44 AM
"බල්ලන්ගේත් තියෙන්නේ ගිනි ගණන්නේ. මේ තියෙන්නේ ඇත්තම ගණන්ද කියලා සැකයි." බල්ලන් දේශපාලුවන්ට වඩා වටිනා බව පෙනෙනවානේද?