IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ

(අජන්ත කුමාර අගලකඩ)

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිම මුදලක් ඉල්ලා හිඟ බිල්පත් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය,  මහාමාර්ග සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශවලින් බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් ද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1350ක පමණ මුදලක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 1100ක පමණ මුලක් ද මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අමාත්‍යාංශවලින් ඉකුත් කාලයේ දී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් මෙම බිල්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රජයේ අපේක්ෂිත ආදායම් නොලැබීමත්, ණය සීමාවන් ඉක්මවා යාමත් හේතුවෙන් රාජ්‍ය ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඉකුත් මැයි මාසයේ දී චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබිණි.

මීට අමතරව පසුගිය මාසයේදීත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රාග්ධන වියදම් තවත් සියයට 10කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් උපදෙස් දුන්නේය.



අදහස් (29)

කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ

latha Wednesday, 23 October 2019 04:41 AM

සල්ලි නැහැල්ලු. හැබැයි ඩියුටි ෆ්‍රී පර්මිට් දෙනවා හිටු කියල. කාට ගහන බොරුද දන්නේ නැහැ.

:       0       465

kolam bossWednesday, 23 October 2019 05:35 AM

රජයේ ආයතන වල ඉහල නිලදාරීන්ගේ නොදැනුම , නොහැකියාව , අදක්ෂතාවය , අකාර්යක්ෂමතාවය , අදික දුෂණය , හරි තීරණ ගැනීමේ නොහැකියාව , ප්‍රශ්නයට සුදුසු විසඳුම් තමන් ළඟ නොමැතිබව සහ අදික කම්මැලි බව මේ වෙනකම් පවත්වපු සියලුම කෝප් කමිටු රැස්වීම වලදී ජනතාව පැහැදිලිවම දුටුවා. මෙවැනි නිලදාරින්ව තනතුරේ තියාගන්නවත් සුදුසු නැති කොට තව වරප්‍රසාද සහ බදු සහන යටතේ වාහන , බෝනස් , සහ වෙනත් විවිද දීමනා නොකඩවා දෙනවා . කිසිම පුද්ගලික ආයතනයක මෙවැනි නිලදාරින්ව තියාගන්නේ නැහැ. මොකද ඔවුන් නිසා ආයතනයේ පැවැත්ම විනාශවෙලා මුදල් ටික අවසන් වුනාම ආයතනය වහන්න වෙන්නේ. නමුත් රජයේ ආයතන වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ආයතන මොනතරම් පිස්සු කලත් අදාලම නැති දුප්පතාගේ බදු බර වැඩි කරලා හරි නිලදාරින්ට සැප දෙන්න බදු ගහන්න පුළුවන් හින්ද. අපේ ගෙදර ඉස්සරහ පාර වසර 30 කට පස්සේ හැදුව. අපිව දැනුවත්කලේ කාපට් දානවා කියල, නමුත් කලේ තාර දමල නවත්වපු එකයි .ඒකත් කලේ ඉතාම සරලව බාලම විදියට . මම තදින්ම විශ්වාස කරනවා ඒ පාර කාපට් කලබවට පෙන්වා කොන්තරත්කරු , ප්‍රාදේශීය සබාපති සහ ප්‍රාදේශීය සබා නිලදාරීන් මුදල් ගසා කෑවා කියල. කිසිම නිලදාරියෙක් පැත්ත පළාතේ ආවේ නැහැ

:       1       1173

Lakmal Wednesday, 23 October 2019 06:53 AM

කාපට් කලා කියලා තාර දාන්න බෑ. එහෙම කළානම් අදාළ නිලධාරීන් වගකිව යුතුයි. ඔබ රජයේ විගණන දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න.

:       0       45

kamal koyralaThursday, 24 October 2019 07:36 AM

දැන් පළාත් සභා, පාර්ලිමේන්තුව සහ ඉන්න ජනාධිපති සහ හිටපු අය මාසයක් නිවාඩු යවන්න. දෛනික වියදම් වලින් බිල නිකන්ම ගෙවන්න පුළුවන්.

:       0       0

RaveendraWednesday, 23 October 2019 07:23 AM

කොළම්බස් මයා වෙත, ඔබ විසින් මහජන බදු මුදල් වලින් සුර සැප විදින ලේ මාපිලන් පිලිබදව කර ඇති විග්‍රහය අප 200% අගය කරන්නෙමු. අප අවම වශයෙන් අපට අවංක නැතිව කෙසේ දියුණු වන්නේද ? එලෙසම රටක් හැටියට ජාතියක් හැටියට අප එවන් හොර තක්කඩි මානසිකත්වයක් සමග ඉදිරියට යන්නේද ආපස්සට යන්නේද යන්නවත් ඔලමොට්ටල තීරණ මනාව පිලිබිබු නොවන්නේද ?? උසස් , උගත් යයි කියාගන්න පරිපාලන නිලධාරීන් තම වපසරිය වැඩිකරගනිමින් නම්බුකාරව මහජන මුදල් ගසාකම්න් සුරසැප විදින බව අදාළ කමිටුවලට පැමිණ තොත්ත බබාලා සේ පිළිතුරු දෙනවිටම පැහැදිලිවන බව කිව යුතුය. අපට තව කෙනකුගේ ශතය හෝ අයතා ලෙස ගැනීමට මහත් භයක් ලැජ්ජාවක් මෙන්ම හිතට මහත් පිළිකුලක් දැනෙන මුත් මෙවන් පිරිස් කෙසේ මහජන මුදල් විනාශ කරමින් තම ගෙවල් දොරවල් බලා යන්නේද නම් මහත් ගැටලුවකි.දේශපාලුවන් යනු උපතේදීම මහජන මුදල් හොරාකමි යන පදපෙලිය ක්‍රියාවෙන්ම ඔප්පුකරන අය බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් මහජන මුදලින් ඉගෙනගත් රජයේ නිලධාරීන් එසේ කරන්නේනම් එය කාට කියමුද ?

:       16       689

karunapalaWednesday, 23 October 2019 08:24 AM

ඔබ හරි . ලංකාවේ දේවල් නම් රෙදි කෑල්ලෙන් මුණ වැසූ දේවතාවියට කිවුවත් වැඩක් වෙන්නේ නැහැ . විජේදාස කිව්වා අරයව බේරාගත්තේ එයා කියලා. සරත් කිව්වා අරයව බේරාගත්තේ එයා කියලා .

:       64       231

munidasa Wednesday, 23 October 2019 04:41 AM

පහු ගිය වසර 5 රජයේ සේවකයන්ට වැඩි කල පඩි ගෙවීමට ගත් ණය ඩොලර් බිලියන 20. අවුරුද්දෙන් පස්සේ පඩි ගෙවන්නත් බැරි වෙයි වගේ

:       147       304

මම Wednesday, 23 October 2019 10:31 AM

රජයේ සේවකයින්ගෙ පඩි ගෙවන්නේ රුපියල්වලින්. ඒ වට ණය ගන්නවා නම් ගත යුත්තේ රුපියල් ණය. රටේ ඩොලර්වලින් වැඩිපුරම යන්නේ චීනයෙන් ගත් ණය ගෙවන්න. ඒ ණයවලින් කරපු වැඩක් නැති දේවලින් ආදායම් නැති නිසා.

:       165       131

nalinThursday, 24 October 2019 06:14 AM

කොහෙන්ද ඔය ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ. වැස්සකටවත් ඉස්කෝලෙකට යන්න.

:       0       28

manik Wednesday, 23 October 2019 04:43 AM

මෙච්චර ණය තියෙද්දී මඩකඩ මිනිසා තමන්ව පුම්බන්න කෝටිගණන් වියදම් කරපු හැටි

:       123       249

Thilina Wednesday, 23 October 2019 04:48 AM

ඒ වුනාට අලුතින් සමෘද්ධි පත්වීම් ලක්ෂ 3 දෙන්න සල්ලි තියෙනවා . යකඩ මිනිහගේ මලකඩ කඩන්න දැන්වීම් දාන්න කෝටි 100 තියෙනවා . ගම්උදා සමරු ඵලක ගහන්න කෝටි 65 තියෙනවා . පෝස්ටර් ගහන්න කෝටි 40 තියෙනවා . නිවාස අධිකාරියේ අලුත් පත්වීම් 3000 දෙන්නත් සල්ලි තියෙනවා .. තවත් මේ රට කන මේ යක්කුන්ට ජන්දෙ දෙන පිරිසකුත් ඉන්නවනේ..

:       1194       2247

සේන Wednesday, 23 October 2019 05:10 AM

අපනයනය දියුණු කරලා, කෘෂිකර්මාන්තය, අනෙකුත් දේශීය නිෂ්පාදන දියුණු කරලා රට ගොඩගන්නවා මිසක, බදුම ගහ ගහ, බොරුම කිය කියා රටක් ගෙනියන්න බෑ. තමන් බලයේ සිටීම මිසක මොවුන්ට වෙන අරමුණක් නෑ. ඉතින් රට ඉවරයි. විකුණන් කන්න පුලුවන් සේරම විකුණලා දැම්මා. අහෝ !

:       15       402

Soma dubayi Wednesday, 23 October 2019 05:26 AM

මේවට රැවටෙන්න එපා. භාණ්ඩාගාරේ ඕන තරම් සල්ලි තියෙනවා.

:       311       72

abilinWednesday, 23 October 2019 07:19 AM

ගෙදරින් ගෙනෙල්ලා වියදමට දුන්න ඒවා වෙන්න ඇති.

:       0       37

athula kWednesday, 23 October 2019 10:09 AM

ඔය කතාව තව එක්කෙනෙක් ඊයේ පෙරේදා වේදිකාවේ කිව්වා. හැබයි මුදල් ඇමති කියන්නේ වෙන දෙයක්.

:       0       98

Sanka Wednesday, 23 October 2019 05:27 AM

ගිය සුමානේ අර අපේක්ෂක තුමා කිව්වේ බන්ධනාගාරේ ඕනෑතරම් සල්ලි තියනවා කියලා.

:       0       498

wimal Wednesday, 23 October 2019 05:37 AM

අනිවාර්යෙන් තම තමන්ගේ සාක්කු පුරුවාගෙන ඇති දන්නවනේ නොවැම්බර් 17 පස්සේ ඇඩ්නැරස්හැ නැහැ කියල කියල.

:       32       263

saman Wednesday, 23 October 2019 05:50 AM

ඒවුනාට සජිත් ඇමතිතුමනම් කියල තිබුන භාණ්ඩාගාරේ ඕනේ තරම් සල්ලි තියනව් කියල

:       0       213

nishaWednesday, 23 October 2019 06:36 AM

ගණිතය අසමත් බව දන්නේ නැද්ද ?

:       0       142

LebbeWednesday, 23 October 2019 07:20 AM

නිධානයක් හීනෙන් දැකලා වෙන්න ඇති.

:       0       104

Chanak los angeles Wednesday, 23 October 2019 07:12 AM

පාස්කු ප්‍රහාරය වෙලාවේ රට අරාජික වුණා. එක පමණද පෙනෙන්නේ .. අර සාඨක අගමැති කමට රිංගලා රට දින 52 ක් අරාජික කරපු එක අමතකද ?මමනම් කියන්නේ භාණ්ඩාගාරය පුරවන්න පුළුවනි රටේ මංකොල්ල කාල තිබෙන මුදල් ටික නැවත ගන්න කටයුතු කරතොත් ..

:       283       116

tglWednesday, 23 October 2019 11:10 AM

චානක, භාණ්ඩාගාරය ගැන කිව්වාම අපට මතක් වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් ගැන,

:       1       69

Hafeel Wednesday, 23 October 2019 08:03 AM

ඒ වුනාට මුදල් ඇමති මංගල කිව්වා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය නිසා රටට ඩොලර් මිල්ලියන 400 ක් ආධාර වශයෙන් ලැබුණු බව. ඒ නිසා මංගලගේ ප්‍රකාශ අනුව පාස්කු ප්‍රහාරය නිසා රටේ ආර්ථිකයට කිසිම හානියක් වෙන්න බැහැ.

:       0       53

Amila Wednesday, 23 October 2019 08:04 AM

පිටරටින් එන සල්ලි වලට බදු ගැහුවා. දැන් මිනිස්සු අඩුවෙන් එවන්නේ. අනික බොහෝමයක් තරුණ අයත් රට දාලා යන්නම තමයි කල්පනා කරන්නේ. මොකද මීට වඩා ඒ රටවල මුදල් හොයාගන්න ක්‍රම තියෙන නිසා. අනික මෑත කාලේ කිසිම ආණ්ඩුවක් අපනයනය වැඩි දියුණු කරන්න ක්‍රම හැදුවේ නෑ. රාජ්‍ය සේවය කාර්‍යක්ශමතාවය වැඩි කරේ නෑ. කොහොමත් දැන් අපේ කම්කරු වියදම වැඩි. ඒක නිසා පිටරට ආයෝජකයෝ එන්නේත් ඉතාම අඩුවෙන්. වානිජ ණය වලින් සල්ලි එන දේවල් නෙමේනේ කරේ. බිල්ඩින් හැදුවා. පාරවල් හැදුවා සහ රට කන රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙව්වා. ඕවනේ කරේ. ඉතින් ලෝකයේ අනිත් රටවල් යන වේගයට අපි නොගිය ගමන් කොහොමත් රටක් වේගයෙන් කඩන් වැටෙනවා.

:       0       156

piyakaruWednesday, 23 October 2019 08:31 AM

2014 දී කොච්චර ආයෝජන තිබුනද? අද ඉදිකරමින් පවතින හා ලඟදි වැඩ අවසන් කරපු සියලු හෝටල්, ගොඩනැගිලි, ආයෝජන ආවේ ඒ කාලේ. ආයෝජන එන එක නැවැත්තුවේ දින 100 ආණ්ඩුවේ අයවැයෙන්. ගිය ආණ්ඩුවෙන් වැඩිම ආයෝජන කරන සමාගම් 10 තෝරලා සම්මාන දුන්න. දින 100 දී ඒවාට කෝටි 100 ක බද්දක් ගැහුවා. අද කිසිම සමාගමක් ලාභ ලබන්නේ නැහැ. ඒකක 8000 ක් තිබුන කොටස් වෙළඳපොළ 5500 ට විතර වැටිලා. කෝටි 30000 ක් විතර ලංකාවෙන් අරගෙන ගිහිල්ලත් ඉවරයි.

:       538       246

sunilWednesday, 23 October 2019 09:10 AM

ඒක හරි. බැලුවොත් මොකක් හරි බද්දක් ගහනවා.

:       104       66

Bandula. Wednesday, 23 October 2019 08:05 AM

අනේ මන්ද අපේ රටට ගිය කලක්. මේ දැන් රට වටේම කියා කියා යනවා භාණ්ඩාගාරේ ඇතිවෙන්න සල්ලි තියනවා කියලා. ඇත්තටම කවුද මේ බොරුවෙන් රැවටෙන්නේ කියලා ටිකක් හිතන්න.

:       0       57

Asanka Suraweera Wednesday, 23 October 2019 08:59 AM

ඇත්තටම අහන්නේ. එකපාරම හොඳ රටක් බලලා මුලු රටම විකුණන්න බැරිද?

:       0       36

Thanu Wednesday, 23 October 2019 11:43 AM

මේ අය නම් මහ කාලකන්නි ජාතියක්.‍ රටේ මිනිස්සුන්ගේ කරුමේ.

:       0       39

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 401 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 385 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 122 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1342 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 344 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 408 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site