IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා’

විනීතා එම් ගමගේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමන්ට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය අහිමි කළ බව එම අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

රුපියල් කෝටි 243 ක් වටිනා එම ගනුදෙනුව නීතිවිරෝධී බව පෙන්වා දෙමින් තමන් එය අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ කරුණු අනුව එය බවත් එහිදී අගමැතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් තමන් වෙත බරපතල පීඩනයක් එල්ල වූ නමුත් තමන් සිටි ස්ථාවරය වෙනස් නොකළ බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියයි.

සාමාන්‍යයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයකුට නෛතික බලයක් නොමැති වුවත් එකී ගනුදෙනුව ගැන තමන් නිරික්ෂණය කළ අතිශය දූෂිත අරමුණ හා ක‍්‍රමවේදය තමන් දැඩිව ප‍්‍රතික්ෂේප කළ බැවින් හා එය ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියට සම්පූර්ණයෙන්ම පටහැනි වූ බැවින් එකී පදනම ඔස්සේ තමන් ඊට විරුද්ධ වූ බව ද ඔහු පවසයි.   

මේ නිසා එවකට සිටි අගමැතිවරයා තමන් කැඳවා sign or resign යනුවෙන් තර්ජනය කළ බව ද එකී තර්ජනයකට ද තමන් කීකරු නොවූ බැවින් හා එවකට එම සිද්ධියට ලැබුණු පුළුල් ප‍්‍රචාරය හමුවේ යහපාලනයේ පිරිහීම ඇරඹුණු බැවින් ද ජනාධිපතිවරයා ඒ ගැන සෙවීමට සිව්පුද්ගල කමිටුවක් පත් කර එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

අවසානයේ තමන් අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සඳහා තම අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යංශය හා එක් කර මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එහි ලේකම් තනතුර පවරා තමන්ට තනතුර අහිමි කළේ යැයි ද එසේවුවද තමන්ට තනතුර අහිමි වෙද්දී රටට රුපියල් කෝටි 243 ක් ඉතිරි කළ හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බව ද එහි සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.



අදහස් (44)

‘කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා’

rama Sunday, 09 February 2020 11:51 AM

ඔබ ඉවත් කළ, පත්කළ අය අත්සන් කළාද? වාහන ගේනවද?

:       3       210

BamunuarachchiSunday, 09 February 2020 02:39 PM

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය අහිමි කළ බව එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ එම තනතුරින් ඉවත් කිරීම සඳහා ගත් උපක්‍රමයක් වන්නට ඇත. කෝටි 243ක ගනුදෙනුව කිසිම වාහනයක් අරගෙන නොමැති බව සඳහන්ය. වෙනත් ලේකම් කෙනෙක් පත්කර අවස්ථා දෙකකදී වුවත් වාහන ගෙන්වීමට හැකියාව තිබිණි. නමුත් කිසිවකු අලුතින් වාහන ගෙන්වා නොමැත. අගමැතිවරයා තමන් කැඳවා සයින් හෝ රීසයින් යනුවෙන් කියන්නට ඇත්තේ මොහු ලිපියට අත්සන් නොකරන බව දැනදැනම වෙන්නට ඇත.

:       2       60

mahinda rajjuruvoSunday, 09 February 2020 04:46 PM

වෙනම ගුවන් යානයක් ගන්න කෝටි කීයක් යාවිද හැබෑටම? මීට වඩා අඩුවුණොත් හොඳයි.

:       12       5

Rasika Sunday, 09 February 2020 11:53 AM

තව නාටකයක් පටන් ගන්න වගෙයි හදන්නේ. අපෙන් ඡන්දෙ අරන් රට හදනවා වෙනුවට නාටක සෙල්ලම...

:       607       568

shan Sunday, 09 February 2020 11:54 AM

කිසිඳු තර්ජනයක් හමුවේ විනාශකාරී දේශපාලුවන්ට යට නොවන මෙවැනි නිලධාරීන් රටට අත්‍යාවශ්‍ය කාලයක් මේක...

:       169       375

NalakaMonday, 10 February 2020 12:58 AM

රනිල් මහත්තයා එහෙම කරන කෙනෙක් නම් නොවෙයි. එතුමගේ දේශපාලන ජීවිතය තුළ කිසිම දූෂණ, හොරකම් චෝදනා නැහැ. මේවා පොහොට්ටුවන්ගේ ගොතපු කතා..

:       179       20

ALAKAMonday, 10 February 2020 05:30 AM

ඇත්ත එයා එහෙම කරන්නේ නැහැ. එකම එකයි කරේ. මහ බැංකුවට ගේම දුන්නා.

:       5       75

deepthiMonday, 10 February 2020 06:00 AM

මේ වගේ වහල්ලු ඉන්න එක රටේ හොරා කන අයට හොදයි.....

:       3       0

athuraMonday, 10 February 2020 06:43 AM

රනිල් විතරද මහ බැංකුවට ගේම දීල තියෙන්නේ ?

:       38       3

Bamunuarachchi Sunday, 09 February 2020 12:57 PM

කෝ යහපාලන හිවල්ලු මේවාට උත්තරදෙන්න? බලනකොට ඒ කාලේ අගමැතියා සලකලා තිබෙන්නේ මන්ත්‍රියාලටම විතරයිනේ...

:       336       603

WijebahuSunday, 09 February 2020 09:14 PM

මන්ත්‍රීවරු යනු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොවෙයි සහෝදරයා...

:       101       32

NishanMonday, 10 February 2020 12:02 AM

ඇයි දැන් මේ ආණ්ඩුවේ ඇමතිලා යන්නේ පාරේ බස් එකේද? චෝගම් එකට ගෙනාපු බෙන්ස් කාර් 52 බහිරවයා ගිල්ලද? නැතිනම් ඒ ආණ්ඩුවේ ඇමතිලා අඩුවෙන් තක්සේරු කරලා ගෙදර අරන් ගියාද?

:       0       74

NalakaMonday, 10 February 2020 12:28 AM

රනිල් මහත්තයා එහෙම කරන කෙනෙක් නම් නෙවෙයි. එතුමාගේ දේශපාලන ජීවිතය සුපිරිසිදු එකක්. කිසිම දූෂණ, හොරකම් චෝදනාවක් නැහැ. මේ පොහොට්ටුවන් ගොතපු කතා...

:       195       19

mangalaMonday, 10 February 2020 06:08 AM

දැන්වත් වහල්බාවයෙන් මිදෙන්න. 21 වන සියවසේ නිදහස අත් විදින්න කියා ප්‍රාර්ථනා කරනවා !

:       48       2

NalakaMonday, 10 February 2020 01:02 AM

රනිල් මහතා එහෙම කෙනෙක් නෙමෙයි. තාම චෝදනා විතරයි තියෙන්නේ... ඔප්පු වෙලා නෑනේ.. පොහොට්ටු කුක්කන්ට මොනවා වෙලාද මේ?

:       113       4

rohanTuesday, 11 February 2020 01:35 PM

කීයක් දුන්නද එකම කොටන්න?

:       0       1

Nimal Sunday, 09 February 2020 01:01 PM

මහත්මයාණෙනි, කබා, කලිසම් ටයිපටි අස්සේ වහන්කරගෙන සිටි නිසා ඡන්දපොලට යන්න කලින් අපි නොදැක්කා එයාලාගේ හොරකම, වංචාව, දූෂණය දැන්වත් මෙහෙම අපිට පෙන්නලා දුන්නාට ඔබතුමන්ට ස්තුතියි....

:       209       242

athula Sunday, 09 February 2020 01:10 PM

මේ කතාව ඇත්ත...

:       7       99

යාපැ Sunday, 09 February 2020 01:14 PM

වැඩකට නැති යහපාලනයක්...

:       2       106

Raveendra Sunday, 09 February 2020 01:20 PM

මොහුගේ කතාව " සත්‍ය නම් " අප මොහු පිළිබඳව ආඩම්බර වන්නේය. මක්නිසාදයත් කොන්ද කෙලින් තියාගෙන තනතුර හැරයාමට සිදුවුණත් තමන් රට වෙනුවෙන් තම යුතුකම සහ වගකීම නිසිලෙස කිරීම ගැන සතුටුවිය හැකිය. එසේ අද සමාජයේ වැඩිදෙනෙකුට සතුටුවිය නොහැකි බවත් දැන්වීමට කැමැත්තෙමු. එලෙසම මෙසේද කීමට කැමැත්තෙමු. තවත් වසර කීපයකින් දැන් බලයේ ඉන්න " හිඟන්නන් "ගැනත් තවත් පිරිසක් අනාගතේ මෙලෙසම කියනු ඇත. එයට ප්‍රධානතම හේතුව වන්නේ එකම පට්ටියේ ඉන්න 225 පිල් මාරුවෙමින් එකම කුඹුර හෑමට යාමයි.

:       1       286

Akila Sunday, 09 February 2020 01:27 PM

රනිල් තවම කඩේ යන සෙට් එකට හොඳ කනේ පහරවල් මේවා...

:       84       182

NalakaMonday, 10 February 2020 01:08 AM

එතුමා වැදගත් සුපිරිසිදු චරිතයක්... තාම චෝදනා විතරයි තියෙන්නේ... ඔප්පු වෙලා නෑනේ.. පොහොට්ටු වහලුන්ට මොනවා වෙලාද මේ?

:       45       1

Pradeep Sunday, 09 February 2020 01:31 PM

හොඳ ළමයා..

:       24       57

asela Sunday, 09 February 2020 01:36 PM

එජාප කුක්කන්ට මේ යමපාලනය පෙනෙන්නේ නැත්ද? ආයේ බලය ලේසියෙන් ගන්න බැරි බව දන්න නිසා කන එකා අහුවෙන තැනින්ම නැතිවෙන්න කෑවා.

:       128       302

NalakaMonday, 10 February 2020 01:19 AM

චෝදනා කරන්න ඉස්සර ඔප්පු කරන්න. රනිල් එහෙම කෙනෙක් නෙවෙයි. කාටත් බොරු චෝදනා කරන්න පුළුවන්...!!! පොහොට්ටු කාරයින්ට මේවා දැක්කාම වයින් වෙනවනේ...

:       66       2

aselaMonday, 10 February 2020 05:56 AM

අනේ මෙහෙමත් වහල්ලු.....................

:       2       32

rohanTuesday, 11 February 2020 01:39 PM

යහපාලනේ නම් චෝදනාවලට රිමාන්ඩ් කළා අප නැතුව...!!!

:       0       0

athuraMonday, 10 February 2020 06:44 AM

වහලෙක් නෙමෙයි. පොහොට්ටුවේ පිගන් හෝදන කෙනෙක්.

:       30       3

ප්‍රසාද් Sunday, 09 February 2020 02:30 PM

මේ කතාව ඇත්ත. මට මතකයි හිටපු අගමැති මෙතුමා සමග මේ ගැන අමනාපයෙන් තනතුරෙන් පහකළ බව... මහජනයාගේ දුකසැප බලන්න අගමැතිට වෙලාවක් නැතිවුණාට ලොකුලොකු කාර් ගෙන්වන්න ලොකු වුවමනාවක් තිබ්බා. ගොවියන්ටත් බ්‍රේස්ලට් දෙන්න වුවමනාව තිබ්බා. ඒවා දෙන්නට පෙර තනතුර නැති වුණා. නැත්නම් දැන් ගොවියන් කුඹුරු කොටන්නේ රත්තරන් පුරවාගෙන...

:       17       111

dare Sunday, 09 February 2020 02:57 PM

බී.එම්.ඩබ්ලිව්.. බදු වංචාව කියලා නාගානන්ද කියන එක තවත් එකක්ද?. එ්ක නම් කියන විදියට 225ම හොරා කාපු එකක්. මේ හොරුන්ගෙන් කවදා රට ගැලවෙයිද?

:       1       78

chandima Sunday, 09 February 2020 03:01 PM

බලාගෙන ගියාම මෙයා රෝමේ උන්නේ නීරෝට වැඩි වෙනසක් නැහැනේ? රෝමේ ගිනිගනිද්දී වීනා වාදනේ කල, මෙය රට ආර්ථික වශයෙන් වලපල්ලට වැටිලා තියෙද්දී බලය පවත්වාගෙන යන්න ඇමතිලා මන්ත්‍රීලාට රටේ ජනතා බදු මුදලින් බිලියන් ගණන් දීලා අධි සුඛෝපභෝගි වාහන ගෙන්නලා. රටේ කිසිම සංවර්ධන වැඩක් නොකර, කරගෙන ගිය සංවර්ධන වැඩත් නවත්තලා... එය එදා හැදුවේ යන්තම් ඡන්ද ගණනකින් ආසනයක් දිනාගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මේ යානා වාහන දීපු කට්ටියගේ ඡන්දෙන් රටේ විධායක බලතල අතට ගන්න. මෙදා හදන්නේ සජිත්ගේ සන්ධානෙට අලියා ලකුණ ණයට දීලා අලියා, දිනුවොත් ලකුණ අයිති පක්ෂේ නායකයා තමන් කියලා පස්සෙන් පහු සජිත්ව එලවලා බලය ගන්න. පැරදුණොත් මේ සන්ධානෙට ලැබුණු සියලුම ඡන්ද අලියට ලැබුණු ඡන්ද විදියට පෙන්නලා මීළඟ මැතිවරණයේදී රැල්ලක් ඇතිකරලා ඡන්ද කඩාගන්න.

:       2       68

පිටිගල මිලානෝ Sunday, 09 February 2020 03:23 PM

මෙන්න නිලධාරි...! අහෝ.. මහත්මා දේශපාලනයේ යෙදෙන හිටපු අගමැතිතුමනි...!

:       30       27

Aris Sunday, 09 February 2020 04:17 PM

ඇයි මේවා කලින් නොකිව්වේ? ඒ ගැන සැකයක් ඇති වෙනවා. මේ ආණ්ඩුවේ තනතුරක් ගන්න ගොතන උප්පරවැට්ටියක් දෝ කියලා හිතෙනවා.

:       36       158

RasikaSunday, 09 February 2020 08:32 PM

කලින් කිව්වා නම් රාජිතගේ සුදු වෑන් එකෙන් කිඹුලන්ට කන්න ගිහින් දානවලු...

:       1       156

සමන්ත Sunday, 09 February 2020 07:29 PM

මේ අවස්ථාවාදීන්ගේ පට්ට බොරු. මේ පුද්ගලයාගේ ඉතිහාසය බැලුවොත් ඒක පෙනෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ සිට ගොට්ට අල්ලා ඉහළ ගියත්, පවතිනා රජයේ නීත්‍යානුකූල වූ, කැබිනට් අනුමැතිය සහිත තීරණ වලට ඉහළින් යන්න නිලධාරීන්ට බෑ. මෙයා දේශපාලන මතවාදයක් ඔලුවේ තියාගෙන රාජ්‍ය සේවය හෑල්ලු කළා. ඒ මිසක් වෙන මගුලක් කලේ නෑ. බොහෝ චෝදනා තිබුණා. හොඳට මතක තියාගන්න ඕනේ... එදා ආණ්ඩුවට වැඩ කරන්න, විවිධ මතධාරීන් එක්ව තබාගන්න ඕනේ වුණා. ඒ සඳහා ඒ මිනිස්සුන්ට සල්ලි තිබුණා. ලෝකයම උදව් කළා. ඒ අනුව තමයි සුවසැරිය ගිලන් රථ සේවය පටන් ගත්තේ. ඒත් අද හිඟාකනවා. ණය ගෙවන්න බැරුව දඟලනවා. ඒ අතරේ බයිලා ගහනවා.

:       54       3

කපුරුහාමි Sunday, 09 February 2020 09:05 PM

පහුගිය කාලේ සමහර දූෂිත නායකයන් හෙන්චයියන්ට තනතුරු දුන්නේ තමුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ඨකර ගන්න කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       0       30

Sanaa Sunday, 09 February 2020 11:01 PM

රට කන නඩය මේ පාරත් ගෙදර යවමු.

:       1       93

nishantha Monday, 10 February 2020 02:02 AM

අපි ඔබතුමා ගැන හොඳින් දන්නවා. වැලිකන්දේ GSMB ය සිදුකළ මහාපරිමාණ වැලිජාවරම ගැන අප සංවිධානයේ සාමාජීකයින් ඔබතුමා සමග කළ සාකච්ඡාවෙන් දින කීපයකට පසු ඔබතුමාව එම තනතුරෙන් ඉවත් කළා. පස්සේ එම තනතුරට අාපු අසේල ඉද්දවල මේ ජාවාරම රජ්‍ය බලය උපරිමයෙන් යොදවා අපේ පරිසරය වගේම රටම විනාශ කළා...

:       0       43

Silva Monday, 10 February 2020 03:30 AM

දැන් කවුරුහරි මට කියනවද... මේ වාහන මෙයාලා යනකොට අරගෙන යනවද? නැතිනම් ඒවා රජයේ දේපළ විදිහටම එම අමාත්‍යාංශවල තියෙනවද කියලා...

:       0       22

Amula Monday, 10 February 2020 03:47 AM

අපේ ඇත්තෝ සල්ලි දෙනවා නම් ඕනෑ දෙයක්... මේකත් ඒ වගේ නාටකයක් තමයි.

:       0       29

manil kehelgamuwa Monday, 10 February 2020 04:07 AM

මේ වගේ අයට ඇයි මෙහෙම බොරු ප්‍රසිද්ධියක් දෙන්නේ... ඇයි මෙහෙම උස්සලා තියන්නේ? මේ අයගේ කැරට්ටුව මේ රටේ දන්නා අය දන්නවා...

:       0       4

සනත් ඉතාලිය Monday, 10 February 2020 09:05 AM

මම කිසිවෙකුට දොස් නොකියමි, වෛර නොකරමි, කර්මය විශ්වාස කරමි. මහජන දේපල හොරාකන දේශපාලකයන් ඔවුන්ට කඩේ ගිහින් මාටියා ගහන නිලධාරීන්, විනිසුරුවරුන්, නීතීඥයින්, මෙකීනොකී සියලුම අපතයින් අද යහතින් වැජඹුනත් හෙට මොවුන් දරුණු ලෙඩරෝගවලින් විඳවනවාමයි. මරණින් මතු නිරයේ දහදුක් විඳවනවාමයි. බුදුබණ සත්‍යයි..

:       0       65

හොරු වෙනුවෙන් අපි Monday, 10 February 2020 09:44 AM

අපේ පරම පැතුමත් එයම තමා.

:       0       51

sampath Wednesday, 12 February 2020 11:33 AM

ඕක ඒ කාලේ කියන්න තිබුණනේ... දැන් මොන කෙහෙල් කෙඩියකටද ඕක කියන්නේ? රජයට පාඩුවක් වෙන බව දැනදැනම වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් නොවන්නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 184 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 147 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 131 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 539 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 499 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 263 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site