IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කෝටි 15ක් වංචා කළැයි සණස කළමනාකාරිනිය සැකපිට අත්අඩංගුවට

(තරිඳු ජයවර්ධන)

බලංගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවෙන් රුපියල් කෝටි 15ක මුදලක් රැගෙන පළා ගිය බව කියන එහි හිටපු කළමනාකාරිනිය මාස අටකට පමණ පසු අද (06) සවස අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය කියයි.

සැකකාර හිටපු කළමනාකාරිනිය සිය දරුවකු උසස් පෙළ විභාගයට යොමු කිරීමට පැමිණ සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

බලංගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ තැම්පත්කරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවකගේ කෝටි 15කට ආසන්න මුදලක් රැගෙන එහි කළමනාකරිනිය පළා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ 2018 නොවැම්බර් මාසයේ දී ය.

සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කර නියෝගයක් ලබාගෙන විමර්ශන සිදු කළ බවත්, ඇය තම දරුවා උසස්පෙළ විභාගයට යොමු කිරීම සඳහා පැමිණ ඇතැයි ලද තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු සැකකාරිය හෙට (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් පී අමරතුංග මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (9)

කෝටි 15ක් වංචා කළැයි සණස කළමනාකාරිනිය සැකපිට අත්අඩංගුවට

Daka Wednesday, 07 August 2019 04:14 AM

ඔය වගේ අවිධිමත් මූල්‍ය ආයතන වල තමුන්ගේ මුදල් තැන්පත් කිරීමට ප්‍රථමයෙන් හොඳින් හිතලා බලන්න ඕනේ. දැනටමත් ගම්පහ සණස බැංකුව වැටිලයි තියෙන්නේ. තැන්පතුකරුවන්ගේ මුදල් වත් ආපහු ලබා දෙන්නේ නෑ

:       0       26

sandy123Wednesday, 07 August 2019 06:36 AM

වැටෙන්න අහන්නත් දෙයක්ද? මේ වගේ රටට සහ තැන්පතුකරුවන්ට බොහොම ආදරේ ඇති උදවිය කළමනා කරන කොට...

:       0       1

Chanak los angeles Wednesday, 07 August 2019 04:55 AM

අයියෝ අපරාදේ ..අත්අඩංගුවට නොගන්න කියා අධිකරණ නියෝගයක් ගන්න තිබුනානේ .

:       0       26

Raveendra Wednesday, 07 August 2019 05:52 AM

අනේ නෝනත් දෙන එක දීලා තියෙනවා කෝටි 15 ක් ම. නරකම නැහැනේ මේ වැඩ.....පව් ඉගෙන ගන්න දරුවන් ඉන්න අම්මෙක් නේද? ඒ දරුවන්ටත් පාරේ බැහැල යන්න බැරි විදියටම වැඩේ කරලා. දියවන්නාඔයේ කට්ටියන්ගේ ගානටම මෙයත් පත්වෙලා..

:       0       0

sandy123 Wednesday, 07 August 2019 06:34 AM

අපරාදේ... අත් දෙක උස්සලා පොඩි හිනාවක් දාලා පත්තරේට සහ රූපවාහිනියට දැම්මා නම් මේ පාර නොමිනේෂන් ෂුවර්...

:       0       1

බද්රානි Wednesday, 07 August 2019 06:38 AM

මූලික සුදුසුකම් සපුරා ඇති මෙතුමියත්, ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙනවද?

:       0       0

RaveendraWednesday, 07 August 2019 12:36 PM

තුමිය.? නොදකින්.. බද්රානි මහත්මිය, මෙනෙවිය ඔබ විසින් අපගේ මව්බසට පරිභව කර ඇතිබව කිවයුතුයි.

:       0       0

Prabha Wednesday, 07 August 2019 08:25 AM

මේ තරම් මුදලක් තියා තිබුණේ බැංකුවේ ලාච්චුවේද?

:       0       0

Chinth Thursday, 08 August 2019 01:16 AM

ගම්පහ සණස හොරු ගැන පත්තර වල වැටෙන්න නැත්තේ මොකද? ස්ථාවර තැන්පතු කරුවන් 3000 කට කෝටි 300ක් ආපසු ගෙවීමට නොහැකි බව පවසා බංකොලොත් බව පවසා සිටිනවා. නමුත් හොරා කාපු අය තවමත් නිදහස්. බන්කොළොත් කරපු කෙනා තවමත් නිදහස්.... ඔහු පසුගිය කාලයේ ගම්පහ රෝහලට ගොඩනැගිලි සාදා පරිත්‍යාග කළා. නමුත් දැන් අසරණ තැන්පතු කරුවන්ට මුහුණ දෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 614 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 115 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 843 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 865 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1240 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site