IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසරට සුහුරු පන්ති කාමර

ශ්‍රී ලංකාවේ පාසලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසර පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ උත්සවය අද (7) පැවැත්විණි.
 
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් සේවා අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
 
ඒ අනුව අංග සම්පුර්ණ සුහුරු පන්ති කාමර 5 ක් ඇතුළත් සිසුන් 160 දෙනෙකුට ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු කළ හැකි ගොඩනැගිල්ල  අමාත්‍යවරයා සිසු අයිතියට පත් කෙරිණි.
 
ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (11)

කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසරට සුහුරු පන්ති කාමර

Nuwan Thursday, 07 February 2019 08:14 AM

ලෝකයේ දියුණු රටවල් ස්මාර්ට් ක්ලාස් හෙවත් සුහුරු පන්ති කාමර සංකල්පය දියත්කරලා බොහෝ කල් . නමුත් ලංකාවේ නුගත් ජන නායකයෙක්ගේ කෙනෙහිලිකම් නිසා අපේ දරුවන්ට මේවා ලැබෙන්න තව කල්පයක් යයි

:       46       410

රටේ සම්පත් Thursday, 07 February 2019 08:32 AM

සන්තෝෂයි. ඒත් හොයලා බලන්න අන්ත අසරණව, දුක් ගැහැට විඳගෙන කොයි තරම් මේ රටේ අනිත් පලාත්වල අහිංසක දුප්පත් දරුවෝ ඉගෙන ගන්න දරන උත්සාහය. ඒ අයගේ අඩුපාඩුකම් හොයලා බයන්න. අඩු තරමින් මුලික අවශ්‍යතාවත් හදලා දෙන්න. අලුත්වෙන ලෝකේ දැණුම තාක්ෂණය මේ හැමදෙනාටම එකම විදියට ලබාදෙන්න ඕනේ. ඒ වගේම මනා ශික්ෂණය. රටට ලෝකෙට පේන්න හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මෙහෙම කරන එකෙන් තවත් අසරණ වෙන්නේ මේවා දකින අර දුප්පත්, රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ. ඒ අය හුල්ලනවා. කන්න නෑ , බොන්න නෑ, ඇදුමක් හරියට නෑ, දෙන රෙදිවලින් මහගන්න විදියක්නෑ. හරිහැටි පන්ති කාමර නෑ, අවශ්‍ය විදීයට ගුරුවරු නෑ, අනිත් කදවුරුවල සමහර දරුවෝ, මේවයි ප්‍රශ්ණ. මේවටයි පිළියම් හොයල විසදිය යුත්තේ. කොළඹට කිරි ගමට කැකිරි. මේ ඊරිසියාවට නොවෙයි. මාධ්‍යයයෙනුත් පෙන්වන්න මේවගේ දේවලට සාපේක්ෂ විසදුම්. සංසන්දනය කර පෙන්වන්න. අර පහුගිය පාසල් වාරේ සෙල්ලම් ගෙවල්වල වගේ පන්තිකාමර පටන් ගත්ත පාසල් වලට මොන සාධාරනේද උනේ කියල. රටේ අස්සක් මුල්ලක් නෑරම ඉන්න දරුවන්ගේ අයිතිය ඉගෙනීම. හැමෝටම එකම විදියට. එහෙම නේද හොඳම..

:       522       263

RaveendraThursday, 07 February 2019 11:39 AM

ඇත්තෙන්ම ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු.මේවා කියවීමට තරම්වත් වෙලාවක්, අවස්තාවක් මේ අචාර්ය, මහාචාර්ය යයි කියන මහජන නියෝජිතයන්ට තිබේද යන්න නම් ලොකු ගැටලුවකි. නමුත් බෝඩ් ලෑලිවල බිත්තිවල තම තමන්ගේ නම් ගම් හරියාකාරව ලියල තියෙනවද කියල බලන්නනම් මේ අයට සැමවිටම කාලය සොයාගත හැක .

:       4       30

himalThursday, 07 February 2019 01:01 PM

පාසැල්වල වැසිකිළි වගේ මූලික පහසුකම් සැකසෙන්නේ ළඟම පාසැල හොඳම පාසැල ව්‍යපෘතිය යටතේ. සුහුරු පන්ති කාමර කියන්නේ ඊට ඔබ්බෙන් යන සංකල්පයක්. කොළඹට කිරි ගමට කැකිරි කියන්න බෑ, මහවිලච්චිය ගමේ තොරතුරු තාක්ෂණය මඟින් නැංවූ පාසැල ගැන හොයලා බලන්න. එස් පහ සංකල්පය යටතේ ග්‍රාමීය පාසැල් ගණනාවක් ඵලදායිතාව නංවා ගෙන තිබෙනවා. ඉන්දියානුවන්ට වැසිකිළි නෑ, සෙරෙප්පු නෑ, නාන්නේ නෑ කියලා ලෝකයේ තොරතුරු තාක්ෂණ විප්ලවයට එකතුවෙන්න බැරි වෙලා නෑනේ. ඒ සේරම හදාගෙන ලෝකයට යන්න යනවා නම් ඉන්න වෙන්නේ ගල් යුගයේ තමයි.

:       1       91

Nimal Thursday, 07 February 2019 09:12 AM

හොඳ වැඩක්.

:       0       6

Nimal Thursday, 07 February 2019 09:14 AM

අනෙක් පාසල් කවදද?

:       0       6

lanka Thursday, 07 February 2019 11:17 AM

හැම වෙලේම කොළඹට අවඩලා හරි යන්නේ නැහැ. දැන් මෙවැනි නව ව්‍යාපෘති බස්නාහිර පළාතෙන් පිට, ඈත පළාත්වලින් ආරම්භ කල යුතුයි. නගර ආශ්‍රිතව තිබෙන පාසල් වලට දැන් තිබෙන භෞතික සම්පත් හොඳටම ඇති. මේවා ලැබිය යුත්තේ නගරයෙන් පිට පාසල් වලටයි.

:       5       1

chandima Thursday, 07 February 2019 04:16 PM

කොළඹට කිරි අපට කැකිරි.

:       14       8

lal Friday, 08 February 2019 08:31 AM

වැඩේ නම් හොඳයි..අගය කලයුතුයි.....

:       0       8

Bena Friday, 08 February 2019 09:54 AM

උගතුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් හොඳයි..

:       0       5

rasika Saturday, 09 February 2019 04:47 AM

මුළු රටේම පහසුකම් ඇතිකරන කම් ඉඳලා මේවා පටන් ගන්න ගියොත් ඉතින් කවදාවත් රට ඉස්සරහට යන්නේ නැහැ. හොඳ වැඩක්. හැබැයි හොඳට හොයලා බලලා, ගුරුවරුන්ට නිසි පුහුණුවක් වගේම නිසි ඇගයීමක් කරන්න ඕනේ. වතුකම්කරුවන් දවසක වැටුප 1000ක් කරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. ගුරුවරයෙක් ගේ දවසක වැටුප රුපියල් 700ක් වගේ වෙන්නේ. ඉන්දියාවේ චන්ද්‍රිකා යවන්න ඉස්සෙල්ලා මුළු රටේම ජනතාවට ඕනේ කරන ටොයිලට් හදනකන් ඉන්න ගියානම් කවදාවත් එ් වැඩේ කරන්න වෙන්නේ නැහැ. මේක හොඳ දෙයක්.. ඒ වගේම මේවායින් බිහිවෙන සිසුන්ට විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශයත් රටට වැඩදායක විදියට රැකියාවක් කරන්න අවශ්‍ය දැනුම වර්ධනය වන විදියට වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම දක්ෂයන් රටතුළ තියාගන්න පුළුවන් වෙන්නත් ඕනේ... නැත්නම් මේ ආයෝජනයෙන් ප්‍රතිඵල ගන්නේ වෙනත් රටවල්...

:       0       21

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site