(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ බී 4 සිරකුටියේ තිබී තුන්වන වතාවටත් ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගත්බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සී.සී.ටී.වී කැමරා වලින් කරන ලද නිරීක්ෂණයකදී මෙම ජංගම දුරකතනය සොයාගෙන ඇතැයි පැවසේ.
එම සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කංජිපානිට එරෙහිව පරීක්ෂණ සිදුකරන බවද දැනගන්නට තිබේ.
මොහු සෑම සතියකට වරක්ම නඩු කටයුතු සඳහා කොළඹට රැගෙන එන බවද එහිදී ජංගම දුරකතන ශරීරය තුළ රහසිගතව සඟවාගෙන එන්නට ඇති බවද සැකකරන බවද එහි නිලධාරීහු පවසති.
දැනට මෙහි සියලුම ආරක්ෂක කටයුතු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් පරීක්ෂා කිරීම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරන අතර ඒ සඳහා ඔවුන්ට නවීන තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ උපකරණ කිසිවක් නොමැති බවද වාර්තාවේ.
විශේෂ ගණයේ සිරකරුවන් 22 ඇතුළුව සිරකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් මෙහි රඳවා සිටිති.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කංජිපානි රඳවා සිටින සිරකුටියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි
mihira Wednesday, 04 March 2020 06:22 PM
ලංකාවේ පළවැනි වතාවට නේද?
Mahee Wednesday, 04 March 2020 06:33 PM
මැරුම් කෑ ජේලර් මහත්වරුන් කුඩු කාරයින්ට එරෙහිවීම නිසා එම ඉරණමට මුහුණ දුන් බව නිල වශයෙන් තහවුරු වුණා. මොකද වුනේ? මේ රටේ සැබෑ බලය තිබෙන්නේ ජමපර් ඇඳගත් කුඩුකාරයන් සහ සුදු ඇඳුම් ඇඳගත් කුඩුකාරයන්ගේත්, නිල ඇඳුම් ලාගත් කුඩුකාරයන්ගේත් අතේ නොවේද?
පිටිගල මිලානෝ Wednesday, 04 March 2020 11:31 PM
මෙය අලුත් පුවතක් නොවෙයි. හැමදාම...හැමදාම.... පුවත පලවෙන්නේ හිරකුටියක ෆෝන් එකක් හම්බ වුනා කියා පමණයි. ඊට අදාළ ක්‍රියා මාර්ගයක් ගත්තේ නම් මෙවැනි පුවත් අපිට නිතර නිතර අහන්න හම්බවෙයිද? අපේ ශරීරයේ රුධිර වාහිනී තිබෙනවා. ඒවා තුලින් රුධිරය හදවතේ සිට මාන්ශපෙශී ... සෛල තුලින් යන තාක් කල් ශරීරය රඳා පවතිනවා. ඒවගේම සිරකරුවෙකුගේ සිට කඩුවයි තරාදියයි අතින් අරන් සිටින දේවතාවිය අතරත් නාලයක් තිබෙනවා. එම නාලය තුලින් මොණර කොළ යන තාක් කල් මේ දේවල් නැවත නැවත සිදුවෙනවා. මේ නාලය කපන තුරා මේවා සිද්ධ වෙනවා.
ධර්ම රාජයා Wednesday, 04 March 2020 11:44 PM
සමහර බන්ධනාගාර කොමසාරිස්ලාගේ මුහුණු පොත බැලුවම මේ ව්‍යසනය තේරුම් ගන්න පුලුවන. බවලතෙක් දකින්න බෑ ගිහින් අල්ලාගෙන ෆොටෝ එකක් අරන් මුනුපොතතට දාගන්නවා. නිල උත්සව වල හැසිරෙන්නේ දකුණු ඉන්දියානු නළුවෝ වගේ .
denin Thursday, 05 March 2020 01:33 AM
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආ විට මේ සිරකරුවන් සිරගෙවල්වල සිට ජංගම දුරකථන භාවිතය නැවත්වීමට පියවරක් ගනියි කියා මගේ ලොකු විස්වාසයක් තිබුනා.
S.PThursday, 05 March 2020 04:56 AM
ගෙයක් හරියට හදන්න කලින් ප්ලෑන් කරන්න ඕනේ... ඔයා මැදින් පනින්නේ නැතිව ඉන්න. තව ටික දවසකින් මේ ගොල්ලෝ වලලපු තුවක්කු, බෝම්බ, පෙන්නන්න අරගෙන යයි.
NimalThursday, 05 March 2020 04:35 PM
ඒ සඳහා අප දිය යුතු දායකත්වය කුමක්ද?. 2/3 දීමද?
BamunuarachchiThursday, 05 March 2020 11:43 AM
ඔබ කියන්නේ ඝෝඨාභය මහතා උදේට හිරගෙට ඇවිත් හිරකූඩු පරීක්ෂා කරන්න කියලද? මැටි කතා කියන්න එපා හලෝ.. අනිතිමට හිරගේ පරීක්ෂා කරන්නේ ජේලර්.. ඒ මිනිහා හිරකරුවාට සපෝට් නම් මොකද කරන්නේ? කරන්න දේවල් බොහොමයක් තිබෙනවා. පළවෙනි එක තමයි ජෙප්පන් නැති කරන එක... ඔවුන් තමයි තද නීති දැම්මාම හිරකාරයෝත් මනුෂ්‍යයෝය... කියන කතා කියන්නේ...
Gayan Thursday, 05 March 2020 02:09 AM
අද කාලේ දුරකථන වලට කකුල් තියෙනවා. ඒවා බන්ධනාගාර වලට ඇවිදගෙන ඇවිත් "අනේ මගෙන් ඇමතුම් අරගෙන කුඩු වෙළදාම් ජයටම කරගෙන යන්න" කියලා ඉල්ලා සිටිනවා. බන්ධනාගාර නිලධාරීන්ට ඕවා දැනගන්නට බෑ. එයාලා නිර්දෝෂීයි. තුන් වැනි වතාවට නේ මේ හම්බවෙලා තියෙන්නේ.
MD Thursday, 05 March 2020 02:33 AM
එකක්වත් නැත්නම් තමයි පුදුම වෙන්න ඕන.
chinthaka Thursday, 05 March 2020 02:41 AM
අදාල සිර මැදිරිය බාරව සිටින දුෂිත නිලධාරීන්ව වැඩ තහනමකට ලක්කළ යුතුයි.
Bamunuarachchi Thursday, 05 March 2020 03:16 AM
මේ කැඳ වික්ක කෙනෙක් හිරේ තියාගෙන රජය විඳින වදයක්.
රවින් Thursday, 05 March 2020 05:45 AM
ඉඳහිට විහිළු කරනකොට මුවෙන් හිනාවිය හැකිය. හැමතිස්සෙම විහිළු කරනකොට හිනාවිය යුත්තේ කොහෙන්ද? නිතර නිතර දරුණු යයි සලකන මත්කුඩු ජාවාරම් කාරයින්ගේ සිරමැදිරි වලින් දුරකථන හමුවේ. නිතර නිතර මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් ශ්‍රී ලංකා දේශසීමාව තුළින් හමුවේ.