IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි

(ඩයනා උදයංගනී)

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබූ කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනාගෙන් තිදෙනෙක්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මොහොමඞ් නජීබ් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් සමඟ තුඹේදුරහේවා අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා , අමිල සම්පත් සේපාල රත්නායක  සහ ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් යන අය එසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතරින් කංජිපානී ඉම්රාන් සහ අමිල සම්පත් යන අය කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු යූ.එල් 101 නැමති ගුවන් යානයෙන් මාලදිවයිනට පලා යාමට සැලසුම් කර තිබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ එලෙස පලායාමට සූදානමින් සිටියදී බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

කටුනායක ගුවන් තොටුපලට අද (28) පෙරවරු 6.15ට පමණ පැමිණි එෆ්.ඉසෙඞ් 547 දරණ ෆ්ලයි ඩුබායි ගුවන් යානයෙන් මෙම සිව් දෙනා මෙරටට පැමිණ ඇති අතර ගුවන් යානයේ මගීන්ගේ නම් ලැයිස්තුව පරීක්‍ෂා කර මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපල රහස් පොලිස් ඒකකය කටයුතු කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතුරින් මොහොමඞ් නජීබ් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමති අය කොළඹ 08, ශ්‍රී සුධර්ම මාවත, අංක 99/8 ලිපිනයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඩුබායි බලා පිටව ගොස් ඇත්තේ 2015 මාර්තු 28 වැනිදා ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු 2016 ජනවාරි මස 26 වැනිදා එරට නේවාසික වීසා ලබාගෙන ඇති අතර එහි ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකු ලෙස සේවය කර ඇති බව ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ඩුබායිහි සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම්, මිනී මැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ ගණනාවක් ඔහු විසින් මෙහෙයවා ඇති අතර ඒ හේතුවෙන් ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අපරාධකරුවකු බව ද රුවන් ගුණසේකර මහතා කීවේය.

පසුගිය කාලයේ කොළඹ නගරයේ සිදුවූ වෙඩි තැබීම් ගණනාවකට ඔහු සම්බන්ධ බව කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිය අනියම් බිරිඳ වූ ආශා ෆාරික් ඉකුත් පෙබරවාරි 14 වැනිදින කොටහේන මෛත‍්‍රී බෝධිරාජ මාවතේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියද ඩුබායි සිට මෙහෙයවා ඇත්තේ ඔහු විසින්ම බවට හෙළි වී ඇතැයි කියා සිටියේය.

බොරැල්ල කොටාපාරේදී 2018 පෙබරවාරි 20 වැනිදා ප‍්‍රසාද් කුමාර නොහොත් අසිත යන අය වෙඩි තබා ඝාතනයට තැත්කිරීම, මාළිගාවත්ත, අලාම් ඉක්බාල් මාවතේදී 2018 මාර්තු 27 වැනිදා තාවුල් හමීඞ් මොහොමඞ් නිප‍්‍රාස් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, කොටහේන, ආමර් වීදිය, මැසෙන්ජර් මාවතේදී 2018 මාර්තු 19 වැනි දින ඇන්ටනී රාජ් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදුකිරීම, වෙරළබඩ, ජම්පටාර් වීදියේදී 2018 පූලි 8 වැනිදා සෙල්ලයියා සෙල්වරාජ් සහ එළිසබෙත් පෙරේරා යන දෙදෙනා වෙඩි තබා ඝාතනය, මාළිගාවත්ත ජුම්මා හන්දියේදී 2018 අගෝස්තු 30 වැනිදා මොහොමඞ් හමීඞ් අබ්දුල් රවුෆ් නැමැත්තා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, එම වසරේම සැප්තැම්බර් 12 වැනිදා මාළිගාවත්ත ලක්සෙත මහල් නිවාස අසලදී අජ්මීර් නැමැත්තෙකු වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, ඔක්තෝබර් 20 වැනිදා මාළිගාවත්ත ජුම්මා මස්ජීඞ් පාරේදී මොහොමඞ් නිශාම්ඞීන් මොහොමඞ් අජ්මීන් නැමැත්තා වෙඩි තබා ඝාතනයට උත්සාහ කිරීම, නොවැම්බර් 7 වැනිදා ග‍්‍රෑන්ඞ්පාස් පරාක‍්‍රම පාරේදී එම්තඒ නිප‍්‍රාස් නැමැත්තා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, දෙසැම්බර් 10 වැනිදා මෝදරදී පුද්ගලයින් පිරිසකට වෙඩි තබා 6 දෙනෙකුට තුවාල සිදුකර ඝාතනයට තැත් කිරීම, 2019 ජනවාරි 1 වැනිදා වෙරළබඩ ජම්පටාර් වීදියේදී කන්දන ආරච්චිගේ මැල්කම් පෙරේරා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, ජනවාරි 20 වැනිදා ජින්තුපිටිය ප‍්‍රදේශයේදී ඇන්ටන් මයිකල් යන අය වෙඩි තබා ඝාතනයට තැත් කිරීම යන අපරාධ ගණනාවකට මොහු ඩුබායිහි සැ`ගවී සිටිමින් මෙහෙයවූ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි රුවන් ගුණසේකර මහතා කීවේය.

ඔහුට එරෙහිව විෂ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් නඩු කිහිපයකටම අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

තුඹේදුර හේවා අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා නැමැත්තා ගන්දර, තලල්ල දකුණ, වෙලේගෙදර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ 2019 පෙබරවාරි මස 03 වැනිදා වුවත් 2017 වසරේ නොවැම්බර් මාසයේ එරට නේවාසික වීසා ලබාගෙන තිබීමෙන් වරින් වර එහි ගොස් ඇති බව පෙනීයන්නේ යයි පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

ඔහු මාතර, ගන්දර, තලල්ල ප‍්‍රදේශයේ අවන්හලක හිමිකරුවකු වන අතර පසුගිය පෙබරවාරි 8 වැනිදා ගන්දර පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා ඇඳුම් කට්ටල, ටී 56 පතරොම්, පුහුණුවීම් සඳහා භාවිතා කරන පතරොම්, යතුරු පැදි දෙකක් සහ කිණිස්සක් සොයාගත් බව ද හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් එම නිවසේ සිටි ඔහුගේ ඥාති සොහොයුරෙකු සහ පියාගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන අප්‍රේල් 2 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජංගා නැමති මොහුද පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බව ඔහු සඳහන් කළේය.

අමිල සම්පත් නැමැත්තා රොටුඹ, දෙල්කඳලිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, 2017 වසරේ අගෝස්තු මස 7 වැනිදා ඩුබායි බලා ගොස් ඇති අතර ඔහු 2017 ඔක්තෝබර් මස 11 වැනිදා එරට නේවාසික වීසා ලබාගනිමින් එහි ඉන්ධන පිරවුම්හලක සේවය කර ඇත.

ඔහුද 2005 අගෝස්තු 27 වැනිදා ඌරුබොක්ක පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් නැමැත්තා කොළඹ 13, මහා විද්‍යාල මාවතේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු ඩුබායි ගොස් ඇත්තේ 2019 ජනවාරි 30 වැනිදා වන අතර එහි වාහන කොටස් අලෙවි කරන්නෙකු ලෙස සේවය කර ඇත.

මෙම අත්අඩංගුවට ගත් සිව්දෙනා අතරින් කංජිපානී ඉම්රාන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත අතර අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා නැමැත්තා සහ අමිල සම්පත් නැමැත්තා මාතර පොලිස් කොට්ඨාශයට භාරදීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

ඔවුන් සම්බන්ධයෙන් නඩු පවතින්නේ මාතර දිස්ත‍්‍රික්කයේ පොලීසි හා අධිකරණ ආශ‍්‍රිතව බැවින් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කණ්ඩායමක් එවන ලෙස මේ වන විට මාතර කොට්ඨාශ භාර නිලධාරීන්ට දැනුම් දී තිබෙන බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් නැමැත්තා තව දුරටත් රහස් පොලීසියේ කටුනායක ඒකකයේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් අධිකාරීවරයා ප‍්‍රකාශ කළේය.

මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව පෙරේදා දිනයේ ලංකාවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කුමාර නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (28) පස්වරුවේ ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග යටතේ ප‍්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගැනීමට නියමිතව තිබූ බව ද ඔහු කීවේය.

ලලිත් කුමාර නැමති මෙම බන්ධනාගාර නිලධාරියා කළුතර උතුර, එතනමඩල ප‍්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී මාකඳුරේ මධුෂ්ට තොරතුරු ලබාදී ඇති බවට තොරතුරු ඇති බැවින් මෙසේ ඔහු රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

මෙම බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මධුෂ්ගේ කුඩා කල සිට මිතුරකු වන අතර මධුෂ් උපදින අවස්ථාවේ ඔහුගේ මවට අවශ්‍ය සත්කාර කර ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාවක වූ මෙම බන්ධනාගාර නිලධාරියාගේ මව බවද හෙළිවී ඇතැයි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේය.

මෙම පැමිණි අයට මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත් ලබාදුන්නේ එරට රජය ද නැතිනම් වෙනත් කිසිවෙකු විසින් ඒවා ලබාගත්තේද යන්න ගැන පරීක්‍ෂණ පවත්වාගෙන යන බව ද හෙතෙම කියා සිටියේය.

ඩුබායි අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු සෙසු පිරිස මෙසේ පිටුවහල් කරන්නේද යන්න ගැන මෙතෙක් දැනුම් දීමක් ලැබී නැතැයි කී මාධ්‍ය ප‍්‍රකාශකවරයා ආරක්‍ෂක අංශ ඒ ගැන විමසිල්ලෙන් පසුවන බව ද කීවේය.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කටුනායක ගුවන් තොටුපල රහස් පොලීස් ඒකකයේ නිලධාරීන් මෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ආදී විශේෂිත අංශ ගණනාවක් මගින් ප‍්‍රශ්න කරනු ලැබූ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 

 



අදහස් (14)

කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි

sam Thursday, 28 March 2019 08:24 PM

මිනිසුන් තිරිසන්නු වගේ අනිත් මිනිස්සු මරා දාන්නේ. සංසාරේ කොතරම් බියකරුද?

:       1       502

Duncan Thursday, 28 March 2019 10:54 PM

ඩුබායි පොලිසිය සමග රාජ්‍ය මට්ටමෙන් සම්බන්ධතා පවත්වන්න සහ තොරතුරු හුවමාරු කරගෙන මේ අපරාධකරුවන් බාර ගන්න ලංකාවේ රජය අපොහොසත් සහ අසරණ වෙලා තියෙන්නේ මොකද. ඩුබායි සමග තානාපති සබඳකම් තියෙද්දී මොකද මෙහෙම වෙන්නේ අපේ රජය තානාපති සේවය අකාර්යක්ෂමද මේ තරමටම ?

:       0       157

Kanjipani Friday, 29 March 2019 12:31 AM

ගිනි අවි පෙන්නන්න එක්කන් ගියා නම් හරි...

:       9       46

sarath Friday, 29 March 2019 01:13 AM

මේ වගේ දරුණු අපරාධ කාරයින් වෙන වෙනම තැබිය යුතුයි .ඔවුන් සිරගෙදර සිටින ගමන් බාහිර ලෝකයට කරන බලපෑම ඒ ආකාරයෙන්ම තියෙනවනම් හිරේ යන එකෙන් කිසි වැඩක් ඇත්තේ නැහැ.පොඩි වරදක් කරලා හිරේ යන අයත් මොවුන් සමග තැබීමෙන් ඔවුන්ද කුඩු ,මාෆියා කරුවන් වුනු කතන්දර අනන්තයි..දරුණු අපරාධ කාරයින්වෙ ට ම වෙන්න් වූ ,බාහිර ලෝකය වෙන් වූ හිරගෙවල් සැදිය යුතුයි .

:       0       7

C.K.Lankaputhra. Friday, 29 March 2019 01:30 AM

අලුගෝසු තනතුරට සුදුසුම පුද්ගලයා කන්ජිපානි මහත්තයා බව මම ප්‍රකාශකර සිටිමි.

:       0       25

Chanak Los angeles Friday, 29 March 2019 02:03 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් බොරුම කියලා තියන නිසා කිසිම කෙනෙක් මේ කියනා දේවල් පිළිගැනීමට සුදානම් නැහැ .

:       0       53

imesh Friday, 29 March 2019 03:39 AM

අපරාදේ ගෙනාවේ. තව ටිකදවසකින් කියයි ඇප ලැබුණ කියල.

:       0       35

Rishan Friday, 29 March 2019 04:23 AM

ජීවිතයක වටිනාකමක් දන්නේනැති මිනිසුන් බිහි වෙන්නේ .................යල්පෙනගිය නීති පද්දතිය නිසා.................. ඕනේම ජරා වෙඩක් කරලා ලංකාවේ උපරිම මස 6 කින් ඇප ගත හැකි

:       0       26

smn Friday, 29 March 2019 04:43 AM

මේ වගේ අපරාධකාරයන්ට ශරීයා නීතියට අනුව දඬුවම් බැරිනම් සිංහල රජ කාලේ දෙතිස් වධ හෝ පමුණුවීමට තරම් යහපත් මනස් ඇති දූරදර්ශී නායකයන් අප රට තුල පහල වේවායි ප්‍රර්ථනා කරමු.

:       0       21

sampath Friday, 29 March 2019 08:42 AM

ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ගියානම් මෙය අල්ලන්න බැහැ නම් රේගුවෙන් මේක අහම්බෙන් උන දෙයක් වගෙයි..... මට හිතෙන්නේ මීට වට හොද ක්‍රමවේදයක් තියෙන්න ඕනේ ගුවන් යනයටම ගිහින් අත්අඩංගුවට ගෙනීමට මේ කියන විදියට එයාල වෙන රටකට යන්න පස්ස්පෝර්ට් ඔක් උන්ටත් පස්සේ අහම්බෙන් අල්ලන් තියෙන්නේ

:       0       4

Nuwan Friday, 29 March 2019 08:42 AM

ගරු කංජිපානි මැතිතුමනි ඔබයි අපේ මීලග ජනපති .... ග්‍රාමසේවකලා ජනපති කල අපට මේවා වැඩද ...කරුණාකර මහා ඡන්දෙට එන්න මේ අමුතු රටේ දෙකෝටියකට අසන්න ජනතාවක් ඔබ සමගයි ..ජයවේවා

:       0       20

KANDEPOLA Friday, 29 March 2019 08:49 AM

තව ටික දවසකින් ඔය කතාවේ උණුසුම යාවි... ඔය මිනීමරු තක්කඩියන්ගෙන් යැපෙන දේශපාලකයන්ගේ උදව්වෙන් ටික දවසකින් ඇපගනීවි. කතාව එතැනින් ඉවරයි.

:       0       19

Chanda Friday, 29 March 2019 09:04 AM

නීතියේ යුක්තිය පසිඳලීමේදී පූර්ව නිගමනය කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට කළ හැකි වාර්තාකරණයක්ද මේ කර ඇත්තේ? උසාවි වහලා දාන්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටියාම ඇති...

:       0       4

Nimal Friday, 29 March 2019 09:27 AM

එළිවෙනකල් මොහුන් විසින් කල අපරාධ කියෙව්වත් පලක් නැහැ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුනේ නැත්නම් ජනාධිපතිට එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට නොහැකිබව හැඟීයනවා... එක නිසා මේ ආරක්ෂක අංශ කියලා තියෙනවා. පොලිසියේ තියෙනවා බුද්ධි අංශයක්, හමුදා බුද්ධි අංශයක් තියෙනවා. එම අංශවල අංශ ප්‍රධානීන්ට බැරිද?.. හදා ඇති පාඨමාලා අනුගමනය කර උපක්‍රමික සීරුව, මෙවැනි අය විනාශකර දමන්න. තවතවත් මොවුන්ව රඳවාගෙන දුප්පත් ජනතාවගේ බදු මුදලින් මොහුන්ට කන්න දීලා.., රජයේ මුදල් නිරපරාදේ වියදම් කරනවට වැඩියේ... ඇයි මෙවැනි තීරණයක් ගන්න බැරි? මෙතැනදී සැලකිලිමත් වියයුතු කාරණාව නම්, ආගම වෙනයි, නීතිය වෙනයි. ඔය දෙක පටලවා ගතහොත් මෙය කිසිදාක කළ නොහැකිය...

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 273 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 224 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 269 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 166 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 592 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1012 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site