IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘කංජිපානිට වැන්ද නියාමක සේවා ස්ථානයට තවම රපෝර්තු කර නෑ’


(ජයන්ත සමරකෝන්)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවකු වන 'කංජිපානි ඉම්රාන්' නැමැත්තාගේ සිරකුටිය අසළට ගොස් වැඳීමේ සිද්ධියට සම්බන්ධ නියාමකවරයා වවුනියාව බන්ධනාගාරය වෙත මාරු කර යවා දැනට සති කිහිපයක් වන නමුත්, මේ දක්වා අදාළ සේවා ස්ථානය වෙත රපෝර්තු කර නැතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම බන්ධනාගාර නියාමකවරයා මේ වනවිට දිගින් දිගටම අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවද පැවසේ.

මේ පිළිබඳව ලැබී ඇති වීඩියෝවකට අනුව, ආරක්ෂක ලේකම්වරයා විසින් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ද අදාළ සිද්ධිය අනාවරණය කර තිබිණි.

දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

මේ අතර, මත්ද්‍රව්‍ය චෝදනා මත බූස්ස බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින 'වෙලේ සුදා' නැමැත්තාගෙන් මංගල උත්සවයක් සඳහා විස්කි බෝතල් 100ක් ලබාගත් බවට චෝදනා ලබා සිටින ජේලර්වරයා පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇතැයිද වාර්තා වේ.



අදහස් (5)

‘කංජිපානිට වැන්ද නියාමක සේවා ස්ථානයට තවම රපෝර්තු කර නෑ’

Senarath Tuesday, 18 August 2020 10:27 AM

මේ වගේ තුප්පහි නියාමකයන්ගේ නිවට වැඩ නිසා තමයි සමහර සිරකරුවෝ මෙතරම් සෙල්ලම් දාන්නේ..

:       0       53

Prabha Tuesday, 18 August 2020 11:00 AM

වැරැදි කරපුවාම අනිත් රටවල දෙන්නේ දඬුවම්... ඒකට ලංකාවේ දෙන්නේ මාරුවීම්...

:       0       72

raheem Tuesday, 18 August 2020 12:47 PM

කංජිපානිට වැන්දා නම්, දැන් ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ...

:       0       57

sampath Tuesday, 18 August 2020 05:12 PM

වැඩිහිටියෙක්ට වැන්දා කියලා ගෙදර යවන්න බැහැ.. මෙකෙ කිසිම වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. බන්ධනාගාර පනතේ කොහේවත් තියේද වඳින්න බැහැ කියලා. මේවගේ සුළු දේවල් වලට කාලය නාස්ති නොකර මහාපරිමාණ ජාවාරම් නතර කරන්න උත්සාහයක් ගත්තා නම් හොඳයි නේද?

:       0       0

BamunuarachchiFriday, 21 August 2020 08:03 AM

නිවටයින්ට මේවගේ බාල්දු වැඩත් හරි විදිහට පේන්නේ. මොනවා කරන්නද? අධ්‍යාපනයේ වැරැද්ද...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 383 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1754 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1383 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 781 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1923 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site