(සුමතිපාල දීයගහගේ)
කොග්ගල සිංහ ධීවර ගම්මානය අසළදී යතුරුපැදි තුනක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් තරුණයකු බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ හබරාදුව තල්පේ වැල්ලෙතොට පාරේ පදිංචිව සිටි නාපෙ විතානගේ සෙහාන් ප්‍රියතිළින නැමැති 16 හැවිරිදි තරුණයෙකි.
ගාල්ල මාතර මහා මාර්ගය ඔස්සේ මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් කොග්ගල සිංහ ධීවර ගම්මානය අසලදී එක්වරම ආපසු මාතර දෙසට හැරවීමේදී ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් එහි ගැටී තිබේ. මාතර දෙස සිට පැමිණි තවත් යතුරුපැදියක් අනතුරට පත්ව තිබූ යතුරුපැදි දෙකේ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇති බව හබරාදුව පොලිසිය පැවසීය.
අනතුරට සම්බන්ධ යතුරුපැදිකරුවකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය තරුණයාගේ මරණ පරික්ෂණය අද (8) කරාපිටිය ශීක්ෂණ රෝහලේදි පැවැත්විමට නියමිතය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත
දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික
’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්
ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොග්ගලදී යතුරුපැදි 3ක් ගැටී අයෙක් මරුට