(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශය පෝෂණය කරන ජල උල්පත් පිහිටි නාවුල ඕපාල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා වන විනාශයක් ආරම්භ කර ඇතැයි ඕපාල්ගල ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මුහුදු සීමාවේ සිට අඩි 3000 ට වඩා ඉහළ කඳු පන්තියක් මත නාවුල ඕපාල්ගල රක්ෂිතය පිහිටා තිබේ. නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපාල්ගල ගම්මානයේ සිට පාගමනින් කිලෝමීටර් පහක් පමණ විශාල වනයක් මැදින් කඳු තරණය කිරීමේදී මෙම ජල උල්පත් පිහිටි ස්ථානය හමුවේ. මෙම රමණීය කඳු ශිඛරය හීන්ගඟ, අඹන්ගඟ පෝෂණය කරන එකම ජල මූලාශ්‍රය වේ.
යම් පිරිසක් විසින් සූක්ෂම ලෙස මෙම රක්ෂිතයේ අක්කර 500කට වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ස්ථිර වැටවල් ගැසීම ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් දුර්ලභ ශාක රැසක් විනාශ කර ඇති බවත් හබරණ ඕපාල්ගල රක්ෂිතය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
මොරගහකන්ද ජලාශය ආරක්ෂා කරගැනීම සහ වන විනාශය වළක්වාගැනීම සඳහාත් රජයේ සහ වනසංරක්ෂණ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම්දුන්න ද ඔවුන් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔවුහු පවසති.
ඕපාල්ගල ගමේ සිට මෙම රක්ෂිතය හරහා කඳු මුදුනට කිලෝමීටර් 6ක පමණ දුරක් ගමන්කිරීමේදී දිය ඇලි, ගල්පර, ගස් වැල් පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මායිම් සලකුණු තිබියදී අලුතින් වැට සැකසීම සඳහා කොන්ක්‍රීට් කණු විශාල ප්‍රමාණයක් රක්ෂිතයේ තැන තැන දමා ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.
ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම රක්ෂිතයේ ද සිංහරාජ වනාන්තරයේ මෙන්ම වියළි කලාපයේ ද වැවෙන ශාක පවතින බවය. මෙලෙසින් ඉඩම් අත්පත් කරගෙන ගහකොළ විනාශ වුවහොත් මොරගහකන්ද ජලාශයටද හානි සිදුවන බවත් ඕපල්ගල ගම්මානයේ සියලු ජල අවශ්‍යතා සපුරාගන්නා ජල මාර්ග සියල්ල විනාශ වන බවත් ඔවුහු පවසති.
ඕපාල්ගල කඳු මුදුනට ගිය විට රූපවාහිනී ගුවන්විදුලි යන්ත්රත තරංග රට පුරා විකාශනය වන කරගහතැන්න විදුලි සංඥා කුළුණු ද එක් පසෙකින් ද මොරගහකන්ද ජලාශය අනිත් පසින්ද බෝවතැන්න ජලාශය තවත් පසෙකින්ද මනරම් වන වියනක් ද දැකගත හැක.
මෙම ඉඩම් අත්පත් කරගන්නා පුද්ගලයන් පෞද්ගලික ඉඩම් ඔප්පුවක් ඇති බව පවසමින් රාජ්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් ඕපාල්ගල රක්ෂිතය ඇසුරින් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කිරීමට සූදානමක් ඇතැයි ජනතාව පෙන්වා දෙති.
නාවුල ඕපාල්ගල මහ රක්ෂිතය ජාතික උරුමයක් ලෙස නම් කර වන විනාශය වළක්වන ලෙස ප්‍රදේශවාසීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඕපාල්ගල රක්ෂිතයටත් බහිරවයාගේ ඇස
Chandana F Wednesday, 27 February 2019 06:03 AM
කෝ මේ වනජීවී , පරිසර නිලධාරෙන් සහ අමාත්‍ය තුමා ...............අශ්වයා ගියාට පස්සේ ස්තාලය වැහුවට වෙඩක් නෑ .................මෙහෙමත් රටක්,
sampath Wednesday, 27 February 2019 10:10 AM
මේ වනාන්තර අශ්‍රිතව හමුදා කදවුරු ඉදිකිරීම කලොත් ටිකක් හරි මේවා බේර ගන්න පුළුවන් වෙයි ආරක්ෂාවටත් හොඳයි......