(මුදිතා දයානන්ද)
කණ්ඩායම් තුනක් වගේ පෙන්වාගෙන එක එක මුහුණු වලින් ජනතාව රවටා මෙතෙක් රට පාලනය කළ ඔළු තුනේ බුරුවා පළවා හැර අළුත්ම පාලනයක් සඳහා එක්වීමට කාලය එළැඹ ඇතැයි හිටපු අමාත්‍යංශ ලේකම් , මැතිවරණ සීමා නිර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පිරිස් මහතා අද (07) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ජාතික විද්වත් සංවිධානයේ විශේෂ සමුලුවක් අමතමිනි.
මෙම සමුලුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී කැඳවනු ලැබූ අතර ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට සහය පළ කිරීම එහි අරමුණ වී තිබිණ.
එහිදි තවදුරටත් පිරිස් මහතා මෙසේද පැවසීය.
‘‘අපේ රට මෙතෙක් පාලනය කළේ කණ්ඩායම් තුනක් වගේ පෙනුණත් ඒ ඔළු තුනක් හා එකම කඳක් ඇති බූරුවෙක් වගේ ප්රතිපත්තිවලින් වැඩපිළිවෙලින් කිසිම වෙනසක් නැති එකම කණ්ඩායමක්. මේ බුරුවා පළවා හැර අළුත් ප්‍රතිපත්තියක් අළුත් වැඩපිළිවෙලක් යටතේ රට හැදිය හැකි නායකත්වයක් ගෙන ආ යුතුයි.
පසුගිය වසර හත්තෑ එකේ මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එයට සම්බන්ධ පෙරමුණු. 2015දී ප්‍රධාන පක්ෂ දෙකටම රට පාලනය කරන්න අවස්ථාව ලබාදුන්නා. වසර හතරක් තුළදී ඔවුන් ඔප්පු කර තිබෙනවා. දෙගොල්ලන්ට එකතු වෙලාවත් මේ රට ගොඩගන්න බැහැ කියලා. තමන් එයට අසමත් කියලා.
ඒ නිසා දැන් අවශ්‍ය කරන්නේ මේ අයගේ ප්‍රතිපත්තියට වැඩපිළිවෙලට සපුරා වෙනස් වූ මේ රට හැදිය හැකි වැඩපිළිවෙලක් ප්‍රතිපත්ති මාලාවක් ජයග්‍රහනය කරවීමයි. එය ක්‍රියාවට නැංවිය හැකි බලවේගයක් බලයට ගෙන ඒමයි. මේක තමයි අපිට තිබෙන අන්තිම අවස්ථාව. මේ අවස්ථාව මගහැරියොත් අනාගත පරපුර අපට දොස් කියාවි මේ ක්‍රමය පවත්වාගෙන යාමට අපි නිහඬ අනුමැතියක් ලබාදුන්නා කියලා. ඒ අළුත් ගමන යන්න අළුත් මාවතක් දැන් අපි ආරම්භ කර තිබෙනවා. ඒ මගට එක්වන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘ඔළු තුනේ බුරුවා පන්නා දමා අළුත් පාලනයක් සඳහා එක්විය යුතුයි‘‘