(හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ඉල්ලා තිබුණු බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නව අන්තර්වාර ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.
කොළඹ පදනම් ආයතනයේ අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගුණවර්ධන මහතා එම කරුණු කීවේය.
එහිදි ඔහු මෙසේ ද කීය.
“අපි තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට තවත් ණය වාරිකයක් ලැබෙන්න තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් බලා සිටිනවා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නව”.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් මූලික නිරීක්ෂණ ඉදිරිපත් කළේය.
මේ වසරේ ජූනි මාසයේදී අන්තර්ජාතික මූලය අරමුදල අවසන් වරට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 252ක මුදලක් නිදහස් කළේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඒකාබද්ධ විපක්ෂයත් තානාපතිවරුන් හා සාකච්ඡා අරඹයි
sandy Saturday, 27 October 2018 12:13 PM
ඊළඟ ඡන්දයේදී මේවට වන්දි ගෙවන්න වෙනවා. හොරු සමග හෙළුවෙන්
සතයපාල Saturday, 27 October 2018 02:28 PM
තානාපතිවරු එක්ක සාකච්ඡා කරලා මොනවා කියන්නද? දන්නේ නැහැ යන්නේ " අන්තිමට අපි ආණ්ඩුවත් කොල්ලකෑවා" කියලා තමයි කියන්න වෙන්නේ...