(තිළිණි ද සිල්වා)
විදුලි ඉංජිනේරුවන් සහ ඉංජිනේරු සහකාරවරුන්ට විශේෂ වැටුප් තලයක් නිර්මාණය කරමින් පිහිට වූ ඒකාබද්ධ ඉංජිනේරු සේවා චක්‍රලේඛය නීතියට පටහැනි බව අද (02) තීන්දු කළ අභියාචනාධිකරණය එම චක්‍රලේඛය බලශූන්‍ය කරමින් සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කළේය.
ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලංකා විදුලි පොදු සේවක සංගමයට ගෙවන ලෙසද අභියාචනාධිකරණය ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළේය.
මෙම රිට් ආඥාව නිකුත් කරනු ලැබූයේ ලංකා විදුලි පොදු සේවක සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ලංකා විදුලි පොදු සේවක සංගමය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු 37 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කාර සංගමය විසින් මෙම රිට් පෙත්සම ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කර ඇත්තේ එම මණ්ඩලය විසින් 2014/GM/ 46 දරණ චක්‍රලේඛයෙ ( P 11 නමින් සඳහන් වන) අඩංගු තීරණය අවලංගු කරන රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
මෙම චක්‍රලේඛය මගින් ඒකාබද්ධ ඉංජිනේරු සේවාව නමින් සේවාවක් පිහිටුවීමට තීරණය කර ඇති අතර එමගින් ඊ. වැටුප් පරිමාණය නමි ඉංජිනේරුවන් හා ඉංජිනේරු සහකාරවරුන්ට ලබා දීමට තීරණය කර ඇත.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ එය නීතියට පටහැනි බවත්, එමගින් විශාල වැටුප් විෂමතාවයක් ඉංජිනේරුවන් සහ අනෙකුත් විදුලිබල සේවකයින් අතර ඇති වන බවත්ය.ලංකා විදුලි බල මණ්ඩලය , ඉංජිනේරු සංගම් ඇතුළු අනෙකුත් වගඋත්තරකරුවන් 37 දෙනා මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කර ඇත.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කල කරුණු පරීක්ෂා කිරීමේදි මෙම ඒකාබද්ධ ඉංජිනේරු සේවය පිහිටුවීම ඉතාමත් වැරදි සහගත බව පෙනී යයි.මෙවැනි කාර්යයක් කිරීමට නියමිත පටිපාටියක් ඇතත් ලංකා විදුලි බල මණ්ඩලය එය උල්ලංඝනය කර ඇත.
ඒ අනුව වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ විරෝධතා ඉවත දැමීමට අධිකරණය තිරණය කරනු ලබයි.
ඒ අනුව අදාළ චක්‍රලේඛය අධිකරණයේ විමර්ශනයට භාජනය විය යුතු බවටද අධිකරණය තීන්දු කරනු ලබයි.ඉදිරිපත් වූ කරුණු තවදුරටත් විමර්ශනය කිරීමේදි අදාළ චක්‍රලේඛය බැලු බැල්මට නීතියට පටහැනි වේ.එබැවින් එම චක්‍රලේඛය බලශූන්‍ය කරන සර්ටියෝරාරිටි රීට් ආඥාවක් නිකුත් කරමි.
ඊට අමතරව පෙත්සම්කාර ලංකා විදුලි පොදු සේවක සංගමයට නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙස ද ලංකා විදුලි බල මණ්ඩලයට නියොග් කරමි.පෙත්සම්කාර සංගමය වෙත නීතීඥ ඉඳුනිල් බණ්ඩාර , වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන සංජීව ජයවර්ධන සහ ෆායිස් මුස්තාෆා සහ නීතීඥ ශාන්ත ජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ චායා නම්මුනි මහත්මිය පෙනී සිටියාය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඒකාබද්ධ ඉංජිනේරු සේවා චක්‍රලේඛය බලශූන්‍ය කරයි
ranjith Wednesday, 03 April 2019 12:30 AM
දුප්පත් ජනතාව ගැන නොහිත මුන් පඩි වැඩිකරගන්න දගලනවා අපි තමයි අධික බිල් ගෙවන්න වෙන්නේ මුන්ට ලැජ්ජාවක් නැති හැටි අධිකරණය ට පින්සිද්ද වෙන්න මෙය නතර උන
Deepal Nirosh Wednesday, 03 April 2019 04:52 AM
ඉතා සාධාරණ අධිකරණ තීන්දු ආඥාවක්. මොකද වැටුප් වැඩි කිරිමක් ආයතනයේ සිවළු සේවකයින්ට පොදුවේ බල පැවැත්විය යුතුයි.
හිට්ලර් Wednesday, 03 April 2019 08:39 AM
මස් රාත්තලම ඉල්ලන දොස්තරයන්ට නොදෙවෙනි විදුලි ඉංජිනේරු මාෆියාවට ලැබුණු කනේ පහරක්.