(උපාලි ආනන්ද)
වෙඩි තබා ඝාතනය කෙරුණු, අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු වූ එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ නමින් ඔහුගේ ඥාතීන් පස්දෙනෙකු ඇතුළු 10දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා දින 14 ක් ඇතුළත අනුරාධපුර පොලිසියට ලබා දෙන්නැයි, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 32ක කළමනාකාරීත්වයට අද (14) නියෝග කළේය.
එස් එෆ් ලොක්කාගේ, පියාගේ, මවගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, පෙම්වතියගේ සහ ඥාතීන් 5දෙනෙකු ඇතුළු 10දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙලෙස වාර්තාවක් ලබාදෙන්නැයි කළමනාකාරීත්වයට නියෝග කෙරිණි.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. යසරත්න මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෛයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. යසරත්න මහතා සදහන් කළේ වෙඩි තබා ඝාතනය කෙරුණු එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා ජීවතුන් අතර සිටියදි මත් කුඩු (හෙරෝයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය) ජාවාරමේ නියැළී සිට ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබෙමින් පවතින බවයි.
එලෙස මත් කුඩු ජාවාරම් කිරීමෙන් උපයා ගත් විශාල මුදලක් ඥාතීන් පස්දෙනෙකු ඇතුලු 10දෙනෙකුගේ නමින් ඇති බැංකු ගිණුම් රැසක තැන්පත් කර ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් පවතින්නේ යැයිද අධිකරණයට සැල කළ පොලිස් පරීක්ෂක යසරත්න මහතා, ඒ පිළිබදව අනාවරණ කර ගැනීම සඳහා එම පුද්ගලයින්ගේ නමින් ඇති සියලු බැංකු ගිණුම් පිළිබදව සවිස්තර වාර්තා අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 32ක කළමනාකාරිත්වයට නියෝග කරන්නැයිද අයැද සිටියේය.
ඒ අනුව බැංකු ගිණුම් පිලිබද වාර්තා ලබා දෙන ලෙස නියෝග කළේ, එස් එෆ් ලොක්කා හෙවත් ආර් ඒ ඉරෝන් රණසිංහගේ පියා වන ආර්. ඒ. අනුර, මව වන ජේ. එලිසබෙත් රාණි, සහෝදරයෙකු වන ආර්. ඒ. අසිත රණසිංහ, සහෝදරියක වන ආර්. ඒ. අනෝජා රණසිංහ, පෙම්වතිය බව කියන තිලිණි නදීෂා වීරසිංහ සහ ඥාතීන් වන සුතාරා චිතුමාලි චන්ද්‍රසිරි, ජේ. එම්. මනෝජ් රංගන අමරසේකර, එම්. ඒ. ධනංජය මල්ලවාරච්චි සහ ඩී. එච්. ඩබ්. චමින්ද කුමාර යන අයවලුන්ගේය.
වෙඩි තබා ඝාතනය කෙරුනු අපරාධ රැසක් සම්බන්ධව චෝදනා ලැබ සිටින විත්තිකරුවෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබා දෙන ලෙස උතුරු මැද පළාතේ අධිකරණයකින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගණනාවකට නියෝග කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘එස් එෆ් ලොක්කා’ගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග
සෙනෙවිරත්න Tuesday, 15 September 2020 01:49 AM
මේ තක්කඩියන්ගේ තැන්පතු බාරගෙන ඉහළින් වැජඹෙන, කලුසල්ලි සුදුකරන, ඒවා වැඩි පොලියට දී ලාභ ලබන බැංකුවල නම් හෙලිකරන්න. නිදාගෙන ඉන්න මූල්‍ය බුද්ධි ඒකකයටත් දඬුවම් කරන්න.