IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපෙ නායකයාට විශ්වාසය පළ කරන යෝජනාවක් බදාදා පාර්ලිමේන්තුවේ

(නිමල කොඩිතුවක්කු)       
 
එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ලබන බදාදා (12) පාර්ලිමේන්තුවේ දී විවාදයට  ගැනීමට නියමිතය.

එම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇති බව එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රිවරුන් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම යෝජනාව බාරදීමට මූලිකත්වය  ගෙන කටයුතු කර ඇත.

පවතින දේශපාලන අර්බුදය  අවසන් වීමෙන් පසු  රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා බවට පත්කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සියයට සියයක  එකඟතාවයකින් යුතුව කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයන් මේ අර්බුදයට  මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ඒකමතයක සිට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
 
 



අදහස් (19)

එජාපෙ නායකයාට විශ්වාසය පළ කරන යෝජනාවක් බදාදා පාර්ලිමේන්තුවේ

sudath Friday, 07 December 2018 11:41 AM

සංවිධානාත්මකව මහබැංකුව මංකොල්ල කෑවට පස්සේ මෙතුමාට විශ්වාසය පලකරන්න පුළුවන් වන්නේ මුදල් නිසි පරිදි ලබාගත්ත උදවියට පමණි.

:       0       0

Cisco Friday, 07 December 2018 12:29 PM

මහා ජනතාවගේ විස්වාසය තමයි වඩා වැදගත්.

:       0       0

menna Friday, 07 December 2018 01:19 PM

එයට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වුණොත් මොකද වෙන්නේ?

:       0       0

sirimal Friday, 07 December 2018 02:23 PM

ජවිපෙ ඕවට නැතිලු ඔන්න...

:       0       0

anura Saturday, 08 December 2018 03:04 AM

ගරු අධිකරණයෙන් දීමට තිබෙන තීන්දුව ලැබෙන තෙක් ඉවසා නොහිට කරන මෙවැනි බොළඳ ක්‍රියාවලින් සිදුවන්නේ අනාගත මැතිවරණයකදී ලැබෙන්න තිබෙන ඡන්ද ටිකත් නොලැබී යාමයි.

:       131       170

Bamunuarachchi Saturday, 08 December 2018 03:33 AM

ඔයිට වඩා හොඳ නැද්ද එජාප නායකයාට තිබෙන රටවැසි විශ්වාසය බලන්න රටවැසියන්ගේ ඡන්දෙකට යන එක...? ගිහින් බලන්නකෝ රටවැසියෝ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය. හැබැයි රටේ ප්‍රධාන පුරවැසියා එජාප නායකයා කෙරෙහි සතේක විශ්වාසයක් නැති බවනම් රට වැසියෝ දන්නවා.

:       463       691

V.warnakulasuriya Saturday, 08 December 2018 09:43 AM

දැනට පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඡන්දයකදී රටවැසියන්ගේ විශ්වාසය දිනා ගත්ත ජනතා නියෝජිතයින් තමයි. ඒ නියමිත කාලයක් සඳහාය. අද දේශපාලන වශයෙන් අනාථ භාවයේ සිටින ජනාධිපතිවරයාගෙත්, බරපතල චෝදනා වලින් නිදහස් වීමේ අවශ්‍යතාවයේ සිටින කල්ලියේත් වුවමනාවට වර්තමාන තත්ත්වය නිර්මාණය වී ඇති බව පෙනෙන්නට ඇත. මේ මොහොතේ ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විසඳාගතයුතු ගැටළුවක් මිස ජනතාව ඉදිරියට යාමක් නොවේ. යමෙක් අගමැති ධුරයට සුදුසු නොවන්නේ නම් හෝ නැවත පත්කර ගන්නේ නම් හෝ වර්තමාන තත්ත්වයක් ඇති කර නොගෙන ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට වර්තමාන ජනාධිපතිවරයාට හැකියාව තිබුණි. පාලකයින්ගේ අසාර්ථකත්වයන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පමණක් නොව අවු. 70 ක්ම පොදුවේ අපි දැක ඇත්තෙමු.

:       455       106

BamunuarachchiSaturday, 08 December 2018 06:12 PM

2018 පෙබරවාරි මාසේ ජනතාව ලක්ෂ 67 ක ඡන්දයකින් පෙන්නුවා රට කිසිම සේවයක් නොකරපු අය එපා කියලා. කියන්නකෝ හලෝ මේ රටට මේ අවුරුදු 4 ට කල සේවය. දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ බැංකුව මංකොල්ල කන්න උදවු වෙච්ච ටිකක් කියලා ජනතාව දන්නවා

:       0       0

DarshanaSaturday, 08 December 2018 09:46 AM

රට වැසියන් විශ්වාස නැහැ කියලා ඒ අය තේරුම් අරගෙන තියෙන්නේ.. එ්කයි වෙනවෙන මාර්ගවලින් බලය ලබා ගන්න බලන්නේ...

:       1       148

RaveendraSaturday, 08 December 2018 11:57 AM

මෙයා නාන්න තුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගෙන කිව්වත් රට වැසියන්ට සූත්තර පුංචාව සත පහකට විශ්වාස නැහැ. මොකද මෙය වැසිකිළි යන්නෙත් බටහිරට ඕන විදියටනේ... නිදහසේ වතුර බාල්දියක් අරගෙන වත්ත පහළ වැසිකිළියට යන්න කොහෙත්ම සූදානමක් නැහැනේ... අනිත් අය 224 ත් එච්චර තමයි . සතෙකට විශ්වාස කරන්න බැහැ...

:       99       335

NissankaSaturday, 08 December 2018 04:09 PM

මහමැතිවරණයකට කලින් තියන්න නියමිත ජනාධිපතිවරණය තියලා බලමුද එහෙනම්? හා ඔට්ටුද? එතකොට බලාගන්න පුළුවන් ජනාධිපතිට තියෙන ජනතා විශ්වාසයත් කොහොමද කියලා.

:       0       0

Bandara Saturday, 08 December 2018 07:54 AM

අර කාගෙද අම්මගෙන් පේන අහනවා වගේ...

:       0       0

ajith Saturday, 08 December 2018 02:22 PM

බැංකු සිද්ධිය, රට බෙදීමේ හොර ගිවිසුම් රටේ දේපළ විකිණීම මහජනතාව කෙරෙහි විශ්වාසය නැතිව නොමනා අැග්‍රිමන්ට්වලට යටත්ව... තව මොන විශ්වාසයක්ද ඔබලා කෙරෙහි... අලිබබා සහ හොරු 40 වගේ ඔබලා ඔබලාට විශ්වාසයි..

:       86       266

rohan kumara mendis Saturday, 08 December 2018 03:18 PM

බමුණුආරච්චි එහෙනම් රට වැසියා කා ගැනද විශ්වාසය තියල තියෙන්නේ? රටවැසියා ඔය කියන කෙනාව ගෙදර යැව්වේ... එ්ක තමයි කලින්ම... මේ පාර ගෙදරම යැව්වා ආයේ තව මොනවද?

:       163       68

BamunuarachchiSaturday, 08 December 2018 06:22 PM

ජනතා විශ්වාසය කාටද තිබෙන්නේ කියලා බලන්න තමයි ඡන්දෙකට යන්න කියන්නේ. මොකද මෙපමණ භය ඡන්දෙකට යන්න.

:       0       0

Lakvidu Saturday, 08 December 2018 03:57 PM

ඇයි එහෙනම් ඔච්චර විශ්වාසයක් තියන පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී වෙන පක්ෂයකින් හොරෙන් පැනපු කෙනෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ?

:       0       0

Nuwan Saturday, 08 December 2018 04:43 PM

ගමේ, නගරේ, විශ්වාසය පලකරන දවස ආවම... වෙනස දැනෙයි.

:       0       0

Amila Saturday, 08 December 2018 05:21 PM

මෙයා එක්කෝ අපලම නැකතකින් ඉපදිලා තියෙන්නේ එක්කෝ අනිත් අයගේ අපල උග්‍ර කාලවලදී මෙයාට පොඩි කාලයකට බලය ලැබෙනවා. 1994 සිට ප්‍රබල පක්ෂයක නායකයා, ඒත් ආණ්ඩු කරලා තියෙන්නේ අවුරුදු පහක් විතර... ඒකත් වසර දෙකක් සහ වසර තුනක් ලෙස දෙසැරයකට. රටේ නායකයා වෙන්නම බැරි වුණා. මෙයාගේ කාලයේ අනිත් පක්ෂවල නායකයින් තුන්දෙනෙක්ම රටේ නායකයා වුණානේ. අනික මෙයාගෙන් රටටත් අපලයි වගේ... ලෝකේ බොර තෙල් මිලත් අඩු වුණා. මෙයාගේ බලේ නැතිවීගෙන යන කාලයෙත්... කොහොමත් මේ යන විදියට මෙයාට ඔය තනතුරු නම් ගන්න ලේසි නෑ.

:       0       0

Lakvidu Sunday, 09 December 2018 08:12 AM

ඔව් අනේ, අර බැඳුම්කර වංචාවේ හොරුටික අල්ලන්න මෙයා කමිටුවක් පත්කරලා පත්කරලා, ඒ හොරු ඔක්කොම කරමුලින්ම අල්ලා දීලා කොච්චර විශ්වාසයක් දිනාගත්තද අනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1588 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 778 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 648 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 332 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 570 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 524 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site