IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි

(රංජන් කස්තුරි)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් වී දෙවන පෙළ දක්ෂ නායකයකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය බාරදිය යුතු යැයි එක්සත් නීතිඥ සංගමය පවසයි.

දීර්ඝ කාලයක් පක්ෂ නායකත්වයේ ඉන්නා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැතැයිද ජයග්‍රහණය කළ හැකි නායකයකු පක්ෂයට අවශ්‍ය බවද එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීන් කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම යනු ඒකාධිපති පාලකයකුට  මේ රට මල් බදුනක තබා පූජා කිරීමක් විය හැකි බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීහු කීහ.

රනිල් වික්‍රමසිංහ සමයේදී එජාපයේ ඡන්ද පදනම බරපතල ලෙස කඩා වැටුණු බවද ඊට ඔහු වගකිව යුතු බවද එහිදී ඔවුහු කීහ.

එක්සත් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමලේකම්වරුන් වන නීතිඥ ගුණරත්න වන්නිනායක සහ අතුල රණගල යන නීතිඥ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (38)

එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි

නොකවුට් Friday, 30 August 2019 01:57 PM

සජිත්ට වඩා රනිල් නම් හොඳයි. සජිත් සිරිසේනට වඩා හපන්...

:       1680       2012

RaveendraFriday, 30 August 2019 03:33 PM

ඇත්තටම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. වඳුරට අලවංගුව ලැබුණා වගේ සිරි අයියාට බලය ලැබුණාම වුනේ වඳුරට අසූචි බාල්දිය ලැබුණා වගේ තමයි සජිතයට බලය ලැබුණොත් වෙන්නේ..

:       984       1083

චමින්දFriday, 30 August 2019 04:29 PM

සමහරක් ගම්වලට නම් තිබ්බේ සජිත්ගේ නම හංගලා... උදාහරණයක් සාදා ලෝක පූජිතගම මෙහි පළමු වචනයේ මුල් අකුරත්, තෙවැනි වචනයේ අග අකුරු දෙකත් කුමක්ද? පසුපෙළ මහත්වරුනි, තේරුණාද වැඩේ...?

:       514       453

senaSaturday, 31 August 2019 06:57 AM

නොකවුට් මල්ලි, කරුණාකරලා තේරුම් ගන්න අපිට අවශ්‍ය කව්රුවත් දිනවන්නවත්, කව්රුවත් පරද්දන්නවත් නෙවෙයි.. දැනට අවශ්‍ය රට දියුණු කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් සහ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක්... නිවැරදි යාන්ත්‍රණයක් තුළ පුද්ගලික දුර්වලකම්වලට ඉඩක් නැහැ.

:       3       42

Nihal Friday, 30 August 2019 02:16 PM

රනිල් වික්‍රමසිංහ කියන්නේ පළපුරුදු දේශපාලන නායකයෙක්... නීතිඥයෝ කියන්නේ බොරුකියලා සල්ලි හොයන අය.. දිනන, පරදින එක තීරණය කරන්නේ මහජනතාව.

:       609       744

DilanFriday, 30 August 2019 02:55 PM

නීතිඥවරුන් සහ දේශපාලකයන් යන දෙගොල්ලන්ම වෘත්තීය බොරු කියන්නන්...

:       13       308

DilanFriday, 30 August 2019 02:55 PM

නීතිඥවරුන් සහ දේශපාලකයන් යන දෙගොල්ලන්ම වෘත්තීය බොරු කියන්නන්...

:       6       93

Hafeel Friday, 30 August 2019 03:18 PM

ඔබගේ මතයට මමත් එකඟයි.

:       4       67

Hafeel Friday, 30 August 2019 03:19 PM

නීතිඥයෙක් වගේම බොරු කාරයෙක්...

:       4       44

AmilaFriday, 30 August 2019 07:16 PM

පක්ෂයක් වලපල්ලට ඇදන් ගියා නම් ඒ ගැන කවර කතාද..? අනික රටේ දෙවෙනියා විදියට වැඩ කරද්දී මෙලෝ දැනුමක් නැති මනුස්සයෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි.. 2004 ආණ්ඩුව විසුරුවලා දානකන් දන්නේ නෑ. ගිය අවුරුද්ද අග එලවනකන් දන්නේ නෑ, සහරාන් ගහලා යනකන් දන්නේ නෑ.. අනික මහබැංකුව කොල්ලකෑම, රටේ නායකයා සමග සුහදව වැඩ කිරීමේ නොහැකියාව, අවුරුදු 40ක් විතර දේශපාලනය කරනවා... ඒත් රටේ මව්බස හරියට කතා කරගන්න බෑ. ඉතින් මෙවැනි පුද්ගලයෙක්ගේ මොන දේශපාලන පරිණතභාවයක්ද..?

:       187       424

Amila Friday, 30 August 2019 02:18 PM

ඒක නම් මේ ආත්මයට වෙන්නේ නැති එකක්... පක්ෂයක් වලපල්ලට අරන් ගිය බය නැති නායකයා.. මොලයක් නෙමේ, මොල ගෙනාපු නැවක්.

:       128       177

chandima Friday, 30 August 2019 02:53 PM

අනේ ඉතින් යන්න කිව්වට දාලාගිහින් මොනවා කරන්නද? අඩු තරමින් ගස්ගෙඩි කඩන්නවත් දන්න එකක්ද? ඔන්න ඔහේ ඉතුරු ටිකකාලෙත් ඉන්න අරින්න. නහින, දෙහින කාලෙට එලවලා දාන එක සිංහල අපේ සිරිත නෙමෙයිනේ? දැන් පෙන්නේ නැතිද අර වාසුදේව මන්ත්‍රීතුමා? පින්පඩි දෙනවා හා සමානයිනේ...

:       269       33

අබරංFriday, 30 August 2019 03:32 PM

ඉතින් ඒකට අපි විඳවන්න ඕනෑද?

:       30       19

athuraSaturday, 31 August 2019 05:15 AM

ඒක ඇත්ත අබරන් සීයේ..

:       0       3

MR Friday, 30 August 2019 03:04 PM

රනිල් කියන්නේ අපේ රටේ / අපේ මිනිස්සුන්ගේ කරුමෙට ලංකාවේ බිහිවෙච්ච නායකයෙක්.. නාකි වෙනකම් රට එදාත් දෙයක් කරන්නේ නැතිව, තම පටු දේශපාලන වාසි අරබයා මුළු රටත්, ජනතාවත් බිල්ලට දීපු පිනෙක්..

:       389       410

WasudewaSaturday, 31 August 2019 05:00 AM

MR ගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. රනිල් කියන්නේ ලංකාවේ කරුමෙටම බිහිවෙච්ච නායකයෙක්. මේ නිසා UNP හිටපු ප්‍රබල දේශපාලකයන් ගොඩක් අය පක්ෂය දාල ගියා. මෙයාට පක්ෂය තියා ගෙදර කුස්සියවත් පාලනය කරන්න බැරි කෙනෙක්. මෙයාට ගොට්ට අල්ලන හෙන්චයියන් ටික වටකරගෙන අවුරුදු 5ක් රට අනාථ කලා. දැන්වත් තරුණ දක්ෂ සජිත්ට නායකකම දීලා තොලොංචි වෙලා යනකම් මුළු රටම බලන් ඉන්නවා.

:       1067       1182

athuraSaturday, 31 August 2019 05:17 AM

මේ අදහස පලකලේ අපේ මහින්ද මහත්මයමද...?

:       123       7

අනුර Friday, 30 August 2019 03:11 PM

ඉහත ප්‍රතිචාර දැක්වූ අය රනිල්ගේ ප්‍රායෝගික නොවන දැක්මවල් පෙනුනේ නැද්ද? WiFi කලාප පිහිටුවීම ටැබ් පිරිනැමීම කොතරම් දුරකට ප්‍රායෝගිකද? ඔහුගේ දැක්මවල් තියෙන්නේ කොළඹ 7 සුපිරි පන්තියටයි. වයිෆයි තියා විදුලියවත් නැති කොපමණ අය ලංකාවේ සිටිනවද? පළමුව පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සොයාබැලීම නේද වඩාත් උචිත මෙපමණ කලක් ඉඳලා මේවා තේරුනේ නැත්නම් තව මොන නායකකමක්ද?

:       37       269

chandimaFriday, 30 August 2019 03:56 PM

එහෙම කියන්න එපා. රනිල් හැදුවේ මුළුරටම කොළඹ 7 වගේ කරන්න. එ්කට එයාගේ උපන් ගෙයි කරුමේත්, අර ඉන්දියානු බූවල්ලගේ නූල් සූත්තර වැඩත් බලපෑවා. එ්ක එයාගේ විතරක් නොවෙයි රටෙත් කරුමේ. අපි කොයිතරම් විවේචන ගැරහිලි කළත් එයා කරන්නට යන වෙළඳපොල ආර්ථිකය විනා, අපි වගේ උපාය මාර්ගිකව වැදගත් පිහිටීමක තිබෙන එහෙත් අන්ත දුගීදුප්පත් රටකට වෙන කළහැකි දෙයක් නැහැ. නරක වෙලාවට අපේ මිනිසුන් තවම ඉන්නේ 1950 ගණන්වල ඉන්දියාවේ ආශීර්වාදය ඇතිව සමාජවාදී පක්ෂවලින් රටට බෝකළ ඒ සමාජවාදී මානසිකත්වයේ. එසේ නොවන්නට අපිට මේ වනවිට ලොව දියුණුම රටවල් අතර ඉන්නට තිබුණා. අනික් අතින් රනිල් රටට ඇත්ත ඇති සැටියෙන් පහදාදීම වෙනුවට සැමවිටම කොලේ වහලා බූරුවා ගැසීමට ගිය නිසා විහින් අසාර්ථක වුණා.

:       173       492

AmilaFriday, 30 August 2019 07:19 PM

පක්ෂයක් වනසපු මනුස්සයෙක්ගෙන් රටක් හදන එක බලාපොරොත්තු වීමම විහිලුවක් මිත්‍රයා.

:       75       96

victor Friday, 30 August 2019 06:30 PM

මේ අදින්නේ කාගේ කොටද?

:       1       142

siri Friday, 30 August 2019 09:05 PM

ඉබ්බගෙන් පිහාටු ලැබුණත්, එය නම් ඕක අතහරින්නේ නැහැ. ඔයාලත් ඔය නටන්නේ... වෙන්ඩ ජනාධිපතිට ඕනෑ විදියටනේ...

:       0       3

සමන්ත Friday, 30 August 2019 09:52 PM

දැන් මේ නීතිඥයෝ සැට් එක මෙච්චර කල් කොහෙද හිටියේ? ඇයි ඒ වැරදි හදාගන්න කතා නොකලේ. වැරදි තිබුණත් රනිල්ගෙන් නායකත්වය අරන් රටක් පාලනය කරන්න සජිත් වගේ කෙනෙකුට බෑ. ඒත් මේ අයගේ වුවමනාව තනතුරු නිසා රට එවුන්ට වැඩක් නෑ. කරූට අකමැති තමන්ගේ පදේට නටන් නැති හින්දා.

:       1       174

Sugath Premalal Saturday, 31 August 2019 04:43 AM

අයින් වෙන්න ඕනි නැහැ.. නොවැම්බර් වලින් පස්සේ ඔටෝ අයින් වෙන්න වෙනවා. සෙල්ලම් ඔක්කොම ඉවරයි..

:       61       250

rohan Saturday, 31 August 2019 06:42 AM

සජිත් එපා, ගෝඨා එපා බොරුවට කමෙන්ට් දාන කට්ටිය නරකද? එයත් එපා, මෙයත් එපා කියලා අනුරට රට බාරදුන්නා නම්.. මේක තමයි එකම විකල්පය.. වසර 5 කට දීලා බලමු එයාලගේ වැඩ... ලාංකිකයින් වන අප ඕනෑතරම් කටු කලා තියනවා.. මේක මොකක්ද?

:       480       125

SapnaSaturday, 31 August 2019 08:11 AM

ජනතාව ඔවුන්ට අවස්ථා දීලා තියෙනවා, නීත්‍යානුකූලව හා නීත්‍යානුකූල නොවන ලෙස ... නමුත් ඔවුන් නිසි ප්‍රයෝජන අරගෙන නෑ. ඔවුන් විප්ලවීය ප්‍රායෝගික වැඩපිළිවෙලක් කර පෙන්වා නෑ.

:       1       293

kule Saturday, 31 August 2019 10:23 AM

අවුරුදු 25ක් පක්ෂ නායකකමේ අවුරුදු 18ක් විපක්ෂ නායක කමේ අවුරුදු 7ක් අගමැතිකමේ ඡන්ද 30කට වැඩි ප්‍රමාණයක් පැරදිච්ච ජනාධිපති මැතිවරණ 2ක් පැරදිච්ච නායකයෙක් තවත් ලෝකේ ඉන්නවද? අපිට කොපමණ ආඩම්බරයක්ද තව චිරාත් කාලයක් බලයක් නොදී තියාගමු.. උන්දැත් සැපෙන්, අපිත් සැපෙන්, රටත් සැපෙන්...

:       201       149

Bamunuarachchi Saturday, 31 August 2019 01:30 PM

කැහි ගෑනි එපා කියලා හොටු ගෑනිව ගමු...

:       132       150

Rohana Saturday, 31 August 2019 04:42 PM

රනිල් බලන්නේ ජීවිතාන්තය දක්වා පක්ෂයේ නායකත්වයේ ඉන්න. මේකෙන් පක්ෂයත් රටත් යන්නේ වල පල්ලට.

:       1       23

ranjith Sunday, 01 September 2019 12:34 AM

මහබැංකු හොරු ටික නිසා එකසත් ජාතික පක්ෂය විනාශ වුනා අද මේ හොරු ටික නැවත මේ පක්ෂය පරද්දවන කොන්තරත්තුවක් අරන් ලැජ්ජාවක් නැතුව අද නායකයෝ පත් කෙරීම ගැන කතා කරනවා

:       1       0

Lakmal Sunday, 01 September 2019 02:12 AM

ඔය පක්ෂෙටනම් මොනවා උනත් අපිට කමක් නැහැ. ඒත් මේ රටට කරලා තියෙන විනාශේ වැරදි .

:       0       2

rohana Sunday, 01 September 2019 03:19 AM

ත්‍රස්තවාදියෝ මේ රටට එපා. ඒ ගොල්ලෝ කොයි තරම් රටේ සම්පත් විනාශ කලාද . පොදු දේපල බස් දුම්රිය ගොඩනැගිලි කොයි තරම් විනාශ කරපු කට්ටියක්ද ?

:       1       2

de silva Sunday, 01 September 2019 06:39 AM

රටේ ජනතාවගෙන් 80% වැඩි ප්‍රමාණයක් ඔහුට විරුද්ධයි .

:       0       28

Deepal Nirosh Sunday, 01 September 2019 08:43 AM

පාක්ෂිකයින් හෝ ජනතාව හෝ කවුරු රනිල්ගේ පක්ෂ නායකත්වයට විරුද්ධ වුණත් එජාපයේ පක්ෂ නායකත්වය නායකයාගේ ප්‍රාණ භුක්තියට යටත්... එය අපි දන්නා තරමින් දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවයි. ඉතින් රනිල් යනු කවුරු මොන කෙංගෙඩිය කරත් සිය ජීවිතාන්තය දක්වා එජාප නායකයා... ජනතාව කළ යුත්තේ ඒ නායකත්වයෙන් පක්ෂය බේරාගැනීම නොව සිදුවිය හැකි වින්නැහිය ගැන සිතා ඒ නායකත්වයෙන් හා පක්ෂයෙන් රට ආරක්ෂා කර ගැනීමයි. අනික රනිල් පක්ෂ නායකත්වයේ රැඳි ඉන්නේ තම පුද්ගලික අවශ්‍යතාවයට වඩා පක්ෂයට ඇති ඇලීම හා එය රැක ගැනීමේ තදබල අවශ්‍යතාවය නිසයි. මොකද රනිල් නායකත්වයෙන් ඉවත් වුවොත් එජාපයේ පදනම එසැනින් දෙදරා යනවා. රටේ නායකත්වයට පත් වුවත් එජාප නායකත්වයේ ඇතිවන පුරප්පාඩුව පුරවන්න සජිත්ට නම් බැහැ.

:       19       2

Harith Gunasekara Sunday, 01 September 2019 06:53 PM

මේදා සැරේ කරු වගේ කෙනෙක් නාවොත් ලංකාව අපායක් වෙන්නව. එන එන ඒකා උන්ගේ මදිපුරවගන්නවා. මුන්ට චන්දෙ දෙන අයට හැමදාම පුනක්කුම දෙන්ඩ ඔනේ.

:       0       0

ashan Monday, 02 September 2019 09:43 AM

මා ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි. මට අරන් යන්න අැත්තේ ඒ මතකය විතරයි.

:       0       0

thilakasiri Monday, 02 September 2019 11:47 AM

ඉතිහාසය හා වර්තමානය දන්නා අය ප්‍රේමදාස බින්දුවට යවපු එජාපය ගොඩගත්තේ රනිල් කියලා දන්නවා. ජනපති සතුව තිබුණු ඒකාධිපති බල තල ජනපති අගමැති කතානායක අතර බෙදීයන්න සලස්වලා උසාවි පොලිසි හමුදා රජයේ ආයතන වලින් සැදුම්ලත් රාජ්‍යයාන්ත්‍රණය ස්වාධීන කොමිෂන් කාලේ රනිල් ඒකාධිපතියෙකු නිසාද? ජනපතිවරණයට එනවා කියන අය හදන්නේ එයාලගේ නමින් යුගයක් බිහිකරන්න කියලා එයාලම කියනවා. ඒ ඒකාධිපතිත්වය නොවෙයිද? ඒකාධිපති ක්‍රමයට රට හරවන්න හදන මොවුන්ට බලය දුන්නොත් තමයි ඒකාධිපති පාලකයකුට මේ රට මල් බඳුනක තබා පූජා කිරීමක් වන්නේ... රනිල් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සමුලුවෙහිද සාමාජිකයෙකි. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නිසාම අද රනිල්ටත් ගේම දෙන්නම තමයි හදන්නේ එක්සත් නීතිඥ සංගමය වගේ... හරියට දේවදත්ත බුදුන්ට අපහාස, උපහාස කර කරන්න තියන සියලු බලපෑම් කර බැරිම තැන ගල් පෙරලා ඝාතනය කර බුදුවෙන්න හදල අපායේ නැවතුණා වගේ තමයි. ප්‍රේමදාස ජේ.ආර්ට කරපු දේවල් හා බලය අරන් කරපුව දන්නෝ දනිති. කොටි බෝම්බෙට ගියා කියලා දැනගත් ගමන් මුළු රටේම රතිඥ්ඥා පත්තුකලේ ඒ කරපු දේවල් නිසයි. පුතත් තාත්තා ගිය මග යන්නේ 2015 ජනපතිවරණයටත් පෙර සිටයි. රනිල්ගෙන් තනතුරු ලබමින් රනිල්ට ගහනවා.

:       0       0

thilakasiri Monday, 02 September 2019 11:57 AM

රනිල් මැතිඳුනි, මෙතෙක් ජනපතිවරණයට ඉදිරිපත් නොවෙන්න හිටියත් මම නම් කියන්නේ මෙවර ඉදිරිපත්වෙලා රටේ ජනතාව ඔබතුමන්ට කරන සැලකිල්ල මුළු රටටම පෙන්නන ලෙස මම ඉල්ලා සිටිමි.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 158 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 415 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1064 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1343 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 444 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 209 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site