(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම පෙත්සම ගොනු කර ඇත.
එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම සහ එම්.බී.සී නෙට්වර්ක් පෞද්ගලික සමාගම විසින් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මළල්ගොඩ , ප්‍රීති පද්මන් සූරසේන හා එස්.තුරේරාජ යන මහත්වරුන් ගෙන් යුත් ත්රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
දෙපාර්ශ්වය ඇති කරගත් එකඟතාවය යටතේ වගඋත්තරකාර නාගරික මන්ත්‍රීවරයා විවෘත අධිකරණය හමුවේදී පෙත්සම්කාර සමාගම වෙත සිය කණගාටුව පළ කර එම පෙත්සම සමතයටකට පත්කර ගැනීමට අද (10) නියමිතව තිබිණි.
කෙසේ නමුත් අද පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරු ඇතුළු පිරිස එම පෙත්සම්කාර සමාගම ඉදිරියේ එලෙස රතිඤ්ඤා පුපුරුවා හරිමින් උද්ඝෝෂණ පැවැත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් අනුව බවට කොන්දේසියක් එම වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරයා ඉදිරිපත් කළ අතර ඊට පෙත්සම්කරුවන් එකඟ නොවීම මත වැඩිදුර විභාගය සඳහා දින නියම කිරීමට අධිකරණය තීන්දු කළේය.
ඒ අනුව පෙත්සමේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 18 වැනි දිනට කල් තබන ලදී.
ගොනු කර ඇත් පෙත්සමේ මෙසේද සඳහන් වේ.
2018 අපේ‍්‍රල් 4 වැනිදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එවකට විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ වගඋත්තරකාර නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ මෙහෙයවීමෙන් පැමිණි පිරසක් සිරස මාධ්‍ය ජාල ප්‍රධාන සංකීර්ණය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විණි.
එම පිරිස එහි රාජකාරි කටයුතු කළ නිලධාරීන් බාධාවන අන්දමින් හා මාධ්‍ය නිදහසට බාධා වන අන්දමින් රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සිදු කළහ.ඒ වනවිට අසල පොලිස් නිලධාරීන් පිරිස් රාජකාරී කටයුතු වන නිරතව සිටියහ.
එලෙස බාධා කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පෙත්සමින් ඉල්ලා තිබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ යසස් ද සිල්වා මහතා පෙනී සිටියහ.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) දිනයේ දුම්රිය ගමන් වාර 25 ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නි
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල්
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂට එරෙහි පෙත්සම් විභාගය කල්යයි