(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම පෙත්සම ගොනු කර ඇත.
එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම සහ එම්.බී.සී නෙට්වර්ක් පෞද්ගලික සමාගම විසින් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මළල්ගොඩ , ප්‍රීති පද්මන් සූරසේන හා එස්.තුරේරාජ යන මහත්වරුන් ගෙන් යුත් ත්රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
දෙපාර්ශ්වය ඇති කරගත් එකඟතාවය යටතේ වගඋත්තරකාර නාගරික මන්ත්‍රීවරයා විවෘත අධිකරණය හමුවේදී පෙත්සම්කාර සමාගම වෙත සිය කණගාටුව පළ කර එම පෙත්සම සමතයටකට පත්කර ගැනීමට අද (10) නියමිතව තිබිණි.
කෙසේ නමුත් අද පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරු ඇතුළු පිරිස එම පෙත්සම්කාර සමාගම ඉදිරියේ එලෙස රතිඤ්ඤා පුපුරුවා හරිමින් උද්ඝෝෂණ පැවැත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් අනුව බවට කොන්දේසියක් එම වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරයා ඉදිරිපත් කළ අතර ඊට පෙත්සම්කරුවන් එකඟ නොවීම මත වැඩිදුර විභාගය සඳහා දින නියම කිරීමට අධිකරණය තීන්දු කළේය.
ඒ අනුව පෙත්සමේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 18 වැනි දිනට කල් තබන ලදී.
ගොනු කර ඇත් පෙත්සමේ මෙසේද සඳහන් වේ.
2018 අපේ‍්‍රල් 4 වැනිදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එවකට විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ වගඋත්තරකාර නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ මෙහෙයවීමෙන් පැමිණි පිරසක් සිරස මාධ්‍ය ජාල ප්‍රධාන සංකීර්ණය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විණි.
එම පිරිස එහි රාජකාරි කටයුතු කළ නිලධාරීන් බාධාවන අන්දමින් හා මාධ්‍ය නිදහසට බාධා වන අන්දමින් රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සිදු කළහ.ඒ වනවිට අසල පොලිස් නිලධාරීන් පිරිස් රාජකාරී කටයුතු වන නිරතව සිටියහ.
එලෙස බාධා කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පෙත්සමින් ඉල්ලා තිබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ යසස් ද සිල්වා මහතා පෙනී සිටියහ.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂට එරෙහි පෙත්සම් විභාගය කල්යයි