(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ රැස්විම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (28) පස්වරු 4.00 ට ආරම්භ කිරීමට නියමිතය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පවත්වෙන එම රැස්විමට සමගාමීව සෑම මැතිවරණ කොට්ඨාසයකදීම අපේක්ෂකයන් විසින් තවත් මැතිවරණ රැළි 160ක් පවත්වන බවද මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසීය.
එම සෑම රැළියක්ම මැතිවරණ කොමිසමේ උපදෙස් මත උපරිමය සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන බවද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ඒ අනුව මැතිවරණ රැළි 160කින් 16000ක් අවම වශයෙන් මේ සඳහා සහභාගී වීමට නියමිත බවත් මෙයට අමතරව නිවෙස්වල සිට මෙම රැස්වීම්වලට සහභාගී විය හැකි බවත් රත්නායක මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂ නිල ෆේස්බුක් අඩවිය, යූ ටියුබ් ඇතුළු නව මාධ්‍ය මගින් මේ හා සම්බන්ධ වීමට පහසුකම් සලසා දී ඇති බවද ඔහු පැවසීය.
අනෙකුත් පක්ෂයන්ට ආදර්ශයක් වෙමින් ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ජනතාව ආරක්ෂා වන ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම මෙහි අරමුණ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාප ඩිජිටල් මැතිවරණ රැස්වීම අනිද්දා
Anuruddha Friday, 26 June 2020 11:18 AM
100 කට වඩා සහභාගී කරවා ගන්නේ නැද්ද? හොඳ වෙලාවට උපරිම අගය 100 කරලා තියෙන්නේ.. උපරිම අගය 200 නම් මේ අයට මාර ප්‍රශ්නයක් වෙන්නේ... 200ක් හොයාගන්න.
Prabha Friday, 26 June 2020 02:20 PM
රනිල් උන්නැහේ හීනෙන් දකිනවා ඇත්තෙත් ඩිජිටල්, වයිෆයි, ටැබ්ලට් විතරක් වෙන්න ඇති...
Mahesh Friday, 26 June 2020 03:25 PM
එජාපෙට සීයක් හොයා ගන්නවා කියන්නෙත් පොහොට්ටුව හෝ සමගි බලවේගය වගේ පක්ෂ දහදාහක් ගෙන්වනවා වගේ වැඩක්... ඉස්සරහට කොහොමත් ඩිජිටල් තමයි එජාපයට ඕවා කරන්න වෙන්නේ... මොකද ඉතින් පාක්ෂිකයන් නැති බෝඩ්ලෑලි පක්ෂයක් වෙන මොනවා කරන්නද..? නේද..?