IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාප ජනපති අපේක්ෂකයා රනිල් - සජිත් එකඟතාවයෙන්

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අද (05) යෝජනා විය.

පක්ෂ නායකත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා මුණ ගැසී එකඟතාවයක් ඇති කරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බහුතර මතය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (05) පස්වරුවේ පැවැත්වුණේ මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්විම් පිළිබඳ සාකච්ඡා කිරීමටය.



අදහස් (23)

එජාප ජනපති අපේක්ෂකයා රනිල් - සජිත් එකඟතාවයෙන්

vidya Monday, 05 August 2019 04:31 PM

තරුණ තරුණියෝ කියන්නේ සරත් පොන්සේකා මහතාට පමණයි නීතියේ අදිපත්‍ය රැකලා රට බේරගන්න පුළුවන් වෙන්නේ කියල .

:       1808       1837

සමන්ත Monday, 05 August 2019 06:31 PM

එක්සත් ජාතික පක්ෂය කියන්නේ විනයක් තියෙන, සියලු ජනතාවට පිළිගත හැකි පක්ෂයක්. එකේ නායකත්වයට හැමෝම ගරු කරන්න ඕනේ, බැරිනම් අයින්වෙලා යන්න ඕනේ.

:       516       465

BamunuarachchiWednesday, 07 August 2019 12:32 PM

ඒ විනයේ හොඳකම තමයි ලොක්කා 30 වතාවක් පැරදුණාම සිරිකොතට ගල් වර්ෂාව වැසීම... හොඳ වෙලාවට පාරේ තාර දැම්මේ...

:       0       1

sirimal Monday, 05 August 2019 06:34 PM

ඒ උනාට එක්කෙනෙක් දැනටම ජනාධිපති වෙලා වගේනේ කතා කරන්නේ.

:       112       93

BamunuarachchiWednesday, 07 August 2019 12:40 PM

එතැනින්ම තේරෙනවා නේද මෝඩකම...?

:       0       0

පුරවැසියා Monday, 05 August 2019 08:11 PM

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය ඔවුන්ගේ පුද්ගලික වාසි අවාසි නොතකා රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ නියෝජ්‍ය නායක මේ අවස්ථාවේ ප්‍රබල කැපකිරීමක් කල යුතු වේ. වර්තමාන දේශපාලන රටාව සහ රටට වෙනසක් කිරීමට නම් රටේ ඉහලම තනතුරට අලුත් මුහුණක් ඉදිරිපත් කිරීමට ඔබ දෙදෙනාම එකග නොවන්නට හේතුවක් නොමැත.

:       1       113

de silva berlin Monday, 05 August 2019 09:10 PM

රනිල් පසුගිය දෙපාරම ඉදිරිපත් නොවී පොදු අපේක්ෂකයෙක් දැම්මනේ ? මෙදා පාරත් බැරිනම් සජිත්ට දෙන්න, සජිත් පැරදුනොත් ලබන පාර අලුත් කෙනකුට දෙන්න, යුරෝපයේ දේශපාලන පක්ෂ අනුගමනය කරන්නේ එහෙම ක්‍රමයක්. එතකොට පක්ෂේ දක්ෂයන්ට අවස්ථාවක් ලැබෙනවා, පක්ෂ කැඩෙන්නේ නැහැ .

:       14       43

කල්පනා Tuesday, 06 August 2019 12:48 AM

කොපමණ ඩිස්ලයික් දැම්මත් විද්‍යාගේ අදහස ඉතාම නිවැරදියි මේරට පත්ව තිබෙන තත්වයෙන් ගොඩ එන්නනම් නියම සුදුස්සා ඔහුම තමයි.

:       297       265

කසුන් Tuesday, 06 August 2019 12:09 PM

ඔහු නෙවේ...! ගෝටභය සුදුසු ..... මොකද කියන්නේ ???

:       0       0

aruna Tuesday, 06 August 2019 04:20 AM

මෙම රටේ ජාතික නායකත්වයට පරිනත නායකයෙක් අවශයි. සජිත් කිසිසේත්ම පැසුණු බුද්ධියක් ඇති පරිනත නායකයෙක් නොවේ. එය තේරුම් ගැනීමට ඔහුගේ කතාවන් හා හැසිරීම ප්‍රමාණවත්. සරත් ෆොන්සේකා සජිත්ට බොහෝ ඉදිරියෙන් හිටියත් ඔහු යම් යම් තත්වයෙන් තුල ක්‍රියාකරන ආකාරය ප්‍රශ්නකාරීය. ඔහු ජනදිපති තරගයෙන් පරාජය වුනේ මෙම ප්‍රශ්න නිසාය. එමනිසා එජාපය තුල වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ කරු යන්න මගේ හැගීමි.

:       347       257

sirimalTuesday, 06 August 2019 08:45 AM

හිස්වූ පපුකුහරයෙන් නොව පිරුණු මොළයෙන් කල්පනාකර කටයුතු කරන සියලුමදෙනා ඔබගේ ප්‍රකාශය පිළිගන්නා බව සහතිකයි.

:       25       1

රවින් Tuesday, 06 August 2019 04:21 AM

කවුරු කොහොම කිවත් මොනා කලත්, මෙරටට අත්‍යවශ්‍ය වන්නේ ඉහල උගත්කමක් ඇති මේරට ගැන හා ලෝකය ගැන මනා අවභෝදයක් ඇති අයෙකු මිස කට මෑත දොඩවන තවත් අයෙකු නොවේ.

:       29       157

සදුන් Tuesday, 06 August 2019 07:10 AM

එසේනම්... පිළිතුර රනිල්

:       0       0

BamunuarachchiWednesday, 07 August 2019 12:38 PM

නංගිලාට රත්තරන් චේන්, බ්‍රේස්ලට් දෙන්නම් කියන ඔලමොට්ට හාල්පාරුවෙක් නොව රැකීරක්ෂා දශ ලක්ෂයක් දියහැකි රනිල් වැනි නායකයෙක් මේ රටට අවශ්‍යයි.

:       0       0

Amila Tuesday, 06 August 2019 04:40 AM

බය නැති සහ වැඩක් කරලා තියෙන ඕන මිනිහෙක් සුදුසුයි.

:       3       68

පසිදු Tuesday, 06 August 2019 04:48 AM

ඔච්චර මහන්සි වෙන්න එපා. ඒජාපෙන් කව්රු ආවත් ජනපති වෙන්න බෑ..

:       1103       1287

sirisenaTuesday, 06 August 2019 07:23 AM

ඔහොම කියල තමා ඉස්සෙල්ලත් ඇනගත්තේ.

:       0       0

BamunuarachchiWednesday, 07 August 2019 12:43 PM

ඉතින් දැන් උනුත් ඇනගෙන අපිට ඇනලා නේද?

:       0       14

thilakasiri Tuesday, 06 August 2019 05:41 AM

1970 දී එජාපය ලැබූ පරාජය හමුවේ ජේආර් පක්ෂයෙන් පන්නා තම බලය තහවුරු කරගැනීමට ඩඩ්ලිව මෙහෙයවූ පිරිස 1977 දී 5/6 ක් බලයක් ලබාගත් ජේආර් පන්නන්න දිගටම යටිකුට්ටු වැඩ කරත්දී 1977 සිට 1983 දක්වා සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට ජේආර් සමත් වුනේ දෙමළ-මුස්ලිම් ඒකාධිකාරයක්ව පැවති ආනයන, අපනයන හා ප්‍රවාහන කටයුතු නවතා ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිඟයක් ඇතිකර 1975 සිට අරඹා තිබුණු ඊලාම් යුද්ධයද නවතා දමමිනි. එහෙත් ජේආර් විරෝධීන් කලුජුලිය හා ජේවීපී භීෂණ තුළින්ද ජේආර් හිතවාදී පක්ෂ සභාපති හර්ෂ ඇතුළු 6000 ට නොඅඩු පිරිසක් ඝාතනය කර ඒ ශ්‍රේෂ්ට දේශපාලනඥයාට තවදුරටත් කරන්නට බැරිම තැනටම පත් කර එජාපයත් අන්ත අසරණ කර තිබියදී 1994 මහා මැතිවරණයේදී විරුද්ධ පාක්ෂිකයින්ට බලය නොදුන්නොත් එජාප නමවත් නොපවිතන බව ජේආර් ප්‍රකාශ කළ කාලයේ අවශ්‍යතාවයට එතුමාම ඇතිකළ ඒකාධිපති ක්‍රමයට පටහැනිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමිනි. අද රනිල් ඒ ඒකාධිපතිත්වය දුර්වල කර ස්වාධින කොමිෂන් තුළින් ව්‍යවස්ථාදායකය ක්‍රියාවට නංවමින් ප්‍රජාතන්ත්‍රවාදය 90% කින් මතුකර එජාපය වැටී තිබුණු අන්ත අසරණ බැවින් මුදවා ගන්නට බැනුම් අසමින් කල ගරු මෙහෙවර නොවන්නට එජාපයක් නැත.

:       0       0

Bamunuarachchi Tuesday, 06 August 2019 06:03 AM

එහෙම කියන තරුණ තරුණියෝ කී දෙනෙක් ඔබට හමුවෙලා තිබෙනවාද. 1000,10000ක්?

:       2       0

Lion Tuesday, 06 August 2019 07:50 AM

ෆොන්සේකා කියන්නේ මේ රට අපට රැකදුන් තැනැත්තා. අද පාර්ලිමේන්තුවේ ඉන්න කාටත් එවැනි සුදුසු කමක් නැහැ .

:       77       0

janith Tuesday, 06 August 2019 10:03 AM

මීට ගොඩාක් කලින් තමයි ඔය තීන්දුව ගන්න තිබ්බේ ...!!!

:       14       0

Rata Perata Tuesday, 06 August 2019 11:38 AM

දෙන්න එක්ක එකතු වෙලා සරත් ෆොන්සේකා ව ඉදිරිපත් කරන්න රටේ විනයක් හදන්න ඕන නම්.

:       30       0

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 33 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 262 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 101 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 112 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 308 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2754 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site