IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ මැතිවරණ ප්‍රචාරණය ජුලි 1 වැනිදා සිට

(විනීතා එම් ගමගේ)
 
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. 

ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙනයාමට එහි දී තීරණය කළ බව ද හෙතෙම කියා සිටියේය. 

අමාත්‍යවරුන් අමාත්‍යංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට තීරණය කළ බව ද කාරියවසම් මහතා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්ව සාකච්ඡා කර තීරණ රැසකට පැමිණි බව ද අමාත්‍යවරයා කීය. 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (13)

එජාපයේ මැතිවරණ ප්‍රචාරණය ජුලි 1 වැනිදා සිට

Hafeel Friday, 21 June 2019 11:56 AM

එතකොට අමාත්‍යවරුන් අමාත්‍යාංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය කරන්නේ වැටුප්, දීමනා, වරප්‍රසාද, නිල වාහන සහ නිල නිවාස සහිතවද නැත්නම් රහිතවද? කව්ද අපේක්ෂක? කව්රු වෙනුවෙන්ද ප්‍රචාරය කරන්නේ?

:       59       208

chandimaFriday, 21 June 2019 02:52 PM

දැන් තමයි එළියට බැහැලා වැඩ පටන්ගන්න යන්නේ... මෙතෙක් දවස් කලේ අමාත්‍යාංශ වල ඉඳලා, පාක්ෂිකයින්ට සමෘධි බෙදන එක, පාක්ෂිකයින්ට නිවාස බෙදන එක, පාක්ෂිකයින්ට රැකියා බෙදපු එක, පාක්ෂිකයින්ට බැංකු ණය දීපු එක... එව්වා නොකළා නම් එළියට බහින්න බැහැනේ, පාක්ෂිකයෝම එකතුවෙලා ගහල මරනවා. එ්කයි දොළ පිදේනි දීලා එළියට බහින්නේ...

:       17       507

chandima Friday, 21 June 2019 12:31 PM

පෙරහැර පටන්ගන්නයි යන්නේ? කරඬුව වඩම්මන්නේ කවුද? පරණ නාකි අලියෙක්ද? නැතිනම් කොට අදින අලිද? නැතිනම් හැමදාමත් පරදින අලියමද? දැන් මාර වැඩ ගොඩක් තියෙනවා කරන්න, ජනතා නියෝජිතයන් වෙන්න, සාධාරණ ගානකට කැමතිවෙන, ඒ වගේම මනාප අරන් දීලා පොරොන්දු වුණු ගාන අරන් ඉල්ලා අස් වෙන්න කැමතිවෙන නළු බට්ටෝ සංගීත කාරයෝ හොයලා සංවිධායක තනතුරුවලට පත් කරන්න. ඡන්දෙන් පස්සේ සමෘද්ධි දෙන ලැයිස්තුව හදන්න, බැංකු ණය දෙන ලැයිස්තුව හදන්න, අලුතින් පත්වීම් දෙන ලැයිස්තුව හදන්න, ජපන් යවන ලැයිස්තු හදන්න, බලමුකෝ මේ වතාවෙත් ජනතාව ඇම ගිලියිද කියලා? ඇම ගිලලා රූපවාහිනියෙන් ඇරෙන්න මුහුණවත් දැකලා නැති උන්ව නියෝජිතයන් කරලා ලොක්ක කියන කියන එකට අත උස්සන්න ඡන්දෙ දෙයිද කියල?

:       0       171

රජින්ද Friday, 21 June 2019 01:20 PM

මෙන්න රටක ජනතාව වෙනුවෙන් පත් වෙලා තියෙන ආණ්ඩු...

:       0       0

දිමුත් Friday, 21 June 2019 01:30 PM

අපේක්ෂකයෙක් නැතුව මොන ප්‍රචාරණද?

:       0       78

saliya Friday, 21 June 2019 01:47 PM

දැන් ගොඩ ගන්න බැරිය. අපේ ටීම් එක වල්ඩ් කප් ගැහුවා වගේ තමයි. පරාදයි.

:       0       209

PereraFriday, 21 June 2019 06:31 PM

වල්ඩ් කප් එක තවම ඉවර නැහැ..! අද එංගලන්තයට බඩයන්න දුන්නා! බලමු ඉදිරියට!

:       83       3

ධනුෂ්ක Friday, 21 June 2019 01:59 PM

මේ තමා ගමනක අවසානය. අනාගතයේ දරුවන් ඉතිහාසය ඉගෙන ගනිද්දී මේ එ.ජා.ප යේ අවසන් වරට අාණ්ඩු කළ කාලය ලෙස ඉගෙන ගනීවී. තව වසර 10කින් පොහොට්ටුවටද එ් ඉරණම අත්වෙනවා. නිදහස් පක්ෂය ඉතිහාසගත වී හමාරයි.

:       1       21

Rasika Friday, 21 June 2019 05:34 PM

ජනතාවනි මේ ඔබේ වාරයයි .

:       0       0

Soma dubayi Friday, 21 June 2019 07:16 PM

ජනතාවගේ අතමිට සරු කල රැකියා ලක්ෂ 10 බිහි කල එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන් දිනනවා

:       0       0

මුණසිංහ Saturday, 22 June 2019 08:55 AM

ගාල්ල පැත්තේ එකෙකු ගිය පාර වාහන 120 යෙදෙව්වලු. එ්කට මැනේජර් කෙනෙකුත් හිටියා. පාවෙන ගබඩාවෙන් ප්‍රතිපාදනත් ලැබුණාලු.

:       0       0

banda Saturday, 22 June 2019 09:08 AM

ජනතාව බලන් ඉන්නේ උඹල එලියට බහිනකම්

:       0       0

Prabha Saturday, 22 June 2019 12:16 PM

පසුගිය අවුරුදු 4ට කරපු සේවයේ හැටියට එළියට බැස්සේ නැතත් අනිවාර්යයෙන්ම ඡන්දේ උඩින්ම දිනාවි.

:       0       108

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 68 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 36 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 421 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 514 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 997 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 930 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site