(මුදිතා දයානන්ද)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය ශක්තිමත් කිරිමට උපරිම දායකත්වය ලබාදෙන බව වනජීවි හා සංචාරක කටයුතු අමාත්‍යංශයට අභිනවයෙන් පත්වූ වසන්ත සේනානායක අමාත්‍යවරයා අද (31) පැවසීය.
සේනානායක මහතා මෙසේ පැවසූයේ සිය අමාත්‍යංශය වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ. තවමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්.ඇමතිධුරයක් ගත්තා කියලා මන්ත්‍රීකමෙන් හෝ පක්ෂයෙන් ඉවත් කරන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවී වෙනත් ආණ්ඩුවල ඇමතිකම් ගත්ත පළමු වැනියා මම නෙවෙයි.
කරු ජයසූරිය මහතා පවා ජාතික අවශ්‍යතාවය සලකා එලෙස සිදුකර තිබෙනවා .
මම මේ ආණ්ඩුව හදන්න එකතු වුණේ රටට හොඳ ආණ්ඩුවක් ඕන, ඒක පවත්වාගෙන යන්න ඕන කියලා හිතුව නිසයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් වෙනසක් වෙන්න ඕන කියලා මා විශ්වාස කරනවා.ඩි. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක නායකවරුන්ගේ කාලයේ පැවති ප්‍රතිපත්ති සමඟ එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය යුතුයි. කියලා මම විශ්වාසය කරනවා.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘එජාපයේ ඉඳන් අගමැති මහින්දට සහයෝගය දෙනවා ‘
Perera Wednesday, 31 October 2018 08:59 AM
සෙවල කමක තරම...
Sam Wednesday, 31 October 2018 08:59 AM
මොකෝ සේනානායක දෙපැත්තේම කකුල?
sirimal Wednesday, 31 October 2018 09:02 AM
ඔන්න ඔබතුමාට හොඳ ආරංචියක්... ප්‍රේමදාස මහත්තයත් ජනාධිපතිතුමාව මුණ ගැහිලා. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම රහසිගත හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු. ඒ වගේම එම හමුවේදී සාකච්ඡා කෙරුණු කිසිවක් ප්‍රේමදාස මහතා කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බවයි කියන්නේ. දැන් සතුටුයිද? ඔබ තුමා කරපු දෙයින් පාඩුවෙලා තියෙන්නේ "ජාතියේ පියා" චිත්‍රපටයේ නිෂ්පාදක මහත්තයාට කියනවා. මිනිස්සු දැන් ඒක බලන්න යන එක අඩු කරලා...
sikkaWednesday, 31 October 2018 10:03 AM
කවුරුවත් යනවා දැක්කේ නැත්නම්, ඔබතුමා මේ විස්තරේ දැනගත්තේ කොහොමද?
dannyWednesday, 31 October 2018 11:13 AM
දන්නෝ දනිති.
sirimalWednesday, 31 October 2018 11:23 AM
අන්තර් ජාලය පුරාම තියෙනවා මේ කතාව. දැන් ලංකාවේ වෙන දේවල් වල හැටියට රනිල් මහත්තයා පැන්නයි කීවත් පුදුමවෙන්න දෙයක් නැහැ. කොහොම කොහොම හරි කල් මර මරා ඉන්නේ 113 න බා ගන්නනේ. ඔය කයිවාරු ගැහුවට දැනටමත් ඒක තියෙනවානම් මෙච්චර කෙකර ගගා ඉන්න එකක් නැහැනේ.සල්ලි පිලිබඳ අවුලක් නම් නැහැ. සමහරවිට දැන් ඔය අරලියගහ මන්දිරයේ දැවටී දැවටී ඉන්න කට්ටිය අතරත් අත්තිකාරම් අරගෙන වෙලාව එනකල් ඉන්න අය නැති වෙන්නත් බැරි නැහැ. ඡන්දයක් තිබ්බ දවසක තමයි කාගේ කාගේත් රඟේ පෙනෙන්නේ. ලංකාවේ දේශපාලඥයන් කියන්නේ අම්ම අප්පටවත් විශ්වාස කරන්න බැරි ජාතියක් වෙලා. හරිම කනගාටුයි කියන්න.
RNG Wednesday, 31 October 2018 12:21 PM
මෙයා ඉතින් සිරිකොතේ අලුත් මාධ්‍ය ප්‍රකාශකනේ.. දන්නේ නැද්ද ඔයාලා තාම?
රොෂාන් Wednesday, 31 October 2018 09:06 AM
ඔව් එක කකුලක් මේ පැත්තේ... අනික් කකුල ඒ පැත්තේ. වාසි පැත්තට හෝයියා.
ලුම්බිණි Wednesday, 31 October 2018 09:25 AM
ඕක හරියට නෝනාගෙන් දික්කසාද වුණත් නෝනා එක්කම ඉන්නවා වගේ කතාවක්නේ. ලජ්ජා නැද්ද?
lakmalWednesday, 31 October 2018 10:05 AM
ඔය එක්කෙනෙක්ටවත් ලැජ්ජාවක් නැහැ... පෙනෙන්නේ නැද්ද සිරිසේන මහත්තය 2015 දී කිව්වේ, එදා එයා පැරදුන නම් අඩි 6 ක් යටට යන්න තිබුණා කියලා. නමුත් අද, එයාව අඩි 6 ක් යටට යවන්ට හිටිය කෙනා එක්කම අායෙත් එකතු වෙලා!
sumith Wednesday, 31 October 2018 09:33 AM
මෙයාලා බුදින්නේ අසූචිද? චික් විතරක්...
Kumara Wednesday, 31 October 2018 09:40 AM
ඕකට කියන්නේ මොකක්ද කියලා හිතාගන්නකෝ?
ss Wednesday, 31 October 2018 09:58 AM
එජාපෙ ඉන්න ලැබෙන්න ඕනනේ සහය දෙන්න. ඔය ඇමතිකම දෙන්න ළමයෙක්ට..
Irosh Herath Wednesday, 31 October 2018 10:54 AM
මුහුණෙන් පේනවා කෑදරකම... සේනානායක පරම්පරාවේ කියන්න නම් බැහැ. මොකක්හරි වැරදීමක්..
sandyWednesday, 31 October 2018 03:20 PM
වෙන ජානයක්ද දන්නේ නැහැ.
isurandi Wednesday, 31 October 2018 11:35 AM
අයියෝ මෙහෙම අයටද රටේ ජනවරම් ලැබෙන්නේ? ඍජු ප්‍රතිපත්තියක් නැති මිනිස්සු... පාලකයින්ව අල්ලේ නටවන්නේ මේ වගේ අය තමයි.
Hafeel Wednesday, 31 October 2018 11:52 AM
ඔයාගේ නමෙන් සේනානායක කියන කෑල්ල අයින්කරන්න. ඔයා කොහොමත් සේනානායක පරපුරටම ගලපෙන්නම නැහැ. කී සැරයක් මෙහෙම බල්ටි ගහන්නද? වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට මටත් විවේචන තියනවා. නමුත් ඔයා 2015 මහින්ද දුෂිතයි කියල ඇවිල්ලා, දැන් ආපහු එයා ගාවටම ගියා. කරු ජයසූරියලා ගියේ රට වෙනුවෙන්. ඒ වකවානුවේ දුෂණයක් පේන්න තිබුණේ නැහැ. දැන් ඔයා දැනදැනම දූෂිතයින් ගාවගන්නේ තනතුරු සඳහා...
විජිත් Wednesday, 31 October 2018 12:08 PM
" ..දේශපාලනයේදී සදාකාලික සතුරන්වත්, සදාකාලික මිතුරන්වත් නැත ..." කියලා කියනවා නේද..? හැබැයි ඉතින් දෙගොල්ලොම එකතුවෙලා රටවැසියන්ව රවට්ටන එක තමයි කරන්නේ.
Udaya Wednesday, 31 October 2018 12:46 PM
මිනිස්සු ඡන්දෙ දෙන්නේ පක්ෂ මාරු කරන්න නෙවී. දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ප්‍රතිපත්තියටයි. ප්‍රතිපත්තිය මාරු කළ මිනිහකුට පක්ෂෙට අයිතියක් කොයින්ද ? මේක හැම පාර්ලිමේන්තු නියෝජිතයෙක්ටම වලංගු කතාවක්. වතුකරේ දෙමල නායකයෙක් කිව්වා පක්ෂේ මාරු කළේ එයාගේ අයිතිය වෙනුවෙන් කියල. එතකොට එයාව පත්කළ ජනතාවගේ අයිතිය බල්ලට දාලද? ජනතාවගේ අයිතිය වෙනුවෙන් මෙයාල මෙතනට යවන්නේ.? දැන් නම් දෙපැත්තේම මේ ජරා ක්‍රමවේදය විසි වෙන්න අපි ඡන්දය භාවිත කළේ නැත්නම්. අපිට දෙස් තියයි අනාගත පරපුර. ..
rohana Wednesday, 31 October 2018 12:51 PM
මම මින් පසු ප්‍රතිචාර දාන්නේ නැත. ඒ වගේම මගේ ඡන්දය වැඩිම ලංසුවට විකුනමි. මොකද මහා එවුන්ට පුළුවන් නම් අපි කළාම මොකද.
Manjula Dias Wednesday, 31 October 2018 01:01 PM
නම්බුව එහෙන් පිටිම්ම කාබාසිනියා කරලා දෙන කියනවා මෙහෙම.... මේ අයට ඡන්දය දෙන්න හොඳ නැහැ ඊළඟ පාර... හෙනම තමයි..