IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාපයට සම්බන්ධ වෘත්තිය සමිති-සංවිධාන වහාම බල ගන්වයි

(නිමල කොඩිතුවක්කු)
          
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති, ශාඛා,  සංවිධාන සහ බල මණ්ඩල සහ කාන්තා සංවිධාන වහාම ක‍්‍රියාත්මක වන පරිදි බළ ගැන්වීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් මේ පිළබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

විවිධ කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ගෙන යන දුර්මත පරාජයට පත් කරමින් යථාර්ථය සමාජගත කිරීමත්, නීතිය ප‍්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුළ ස්ථාපිත කිරීමත් අරමුණු කර ගනිමින් මෙම අනුබද්ධ සංවිධාන සියල්ල තවදුරටත් පුළුල් කරමින් ප‍්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන බව මහලේකම්වරයා එහිදි පැවැසීය.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයන්, රණවිරුවන්, සිවිල් සංවිධාන, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,  ගොවීන්, විදෙස් ශ‍්‍රමිකයන් ඇතුළු සමාජය නියෝජනය කරන සියලූ ක්ෂේත‍්‍රයන්ට අයත් ජනතාව මෙම අනුබද්ධ සංවිධාන නියෝජනය කරන බවද ඔහු සඳහන් කළේය.



අදහස් (9)

එජාපයට සම්බන්ධ වෘත්තිය සමිති-සංවිධාන වහාම බල ගන්වයි

Bamunuarachchi Friday, 07 December 2018 09:24 AM

බල ගන්වලා මොනා කරන්නද?

:       0       0

මංගල Friday, 07 December 2018 11:23 AM

දැන්ද සංඝයාවහන්සේලා, රණවිරුවෝ, කම්කරුවෝ මතක්වෙන්නේ...? දේශපාලන පිළිගැනීම්වලට ලක්වෙච්ච අයටත් ආයේ ලිපි යවන්න පටන්ගන්න... 2004 වගේ.

:       0       0

සේනක Friday, 07 December 2018 11:29 AM

මොනවා බල ගැන්නුවත් වැඩක් නැහැ මහත්තයෝ, පක්ෂයේ නායකත්වය වෙනස් වෙන්නේ නැත්නම්, ඔය කියන දෙවල් බලගන්න ඕනෑ නැහැ. තමුන්නාන්සේලා මීටකලින් ජනතාවට දැනෙන්න දෙයක් කරලා තියෙනවා නම්... මේවා පුහුආටෝප විතරයි. බලය රැකගන්න කරන දෙවල් කියලා ජනතාව දන්නවා. රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මෝඩයො නෙමෙයි මහාත්තයෝ. එදා බලය රැකගන්න ඔය වගේ දේවල් කළා. එදා කරපු දේවල් අද කරනවා කියන්නේ.. අද තමුන්නාන්සේලා මෝඩයෝ කියන එක තමයි කියන්න තියෙන්නේ...

:       0       0

කල්පනා Saturday, 08 December 2018 01:36 AM

මෙවැනි වැඩට පැරණි කියමනක් තියෙනවා. එහි භාෂාව එතරම් ශිෂ්ඨ නැතිනිසා සටහන් කරන්න අමාරුයි. එයින් කියන්නේ වැසිකිළි යන්න වුවමනා වුනාම මොකක්ද මතක්වෙනවා වගේ කියලා... මේ වැඩෙත් ඒවගේ..

:       172       104

Bandara Saturday, 08 December 2018 07:55 AM

තවත් රට අරාජික කරන්න හදන්න යන්නේ...

:       0       0

කම්කරුවා Saturday, 08 December 2018 08:06 AM

පිරිමි නර්ස් නම් බල ගැන්විලම තමයි ඉන්නේ... පහුගිය අවුරුදු තුනේම.. පිටරට යනවා එනවා ඉවරයක් නැහැ. ආණ්ඩුව පෙරළුණු හැටියේම බලය බඩයන්න ගන්නවා.

:       0       0

Kumudu Saturday, 08 December 2018 12:47 PM

අවුරුදු 3ක් ගෙවුණා. දැන් තමයි ගම මතක් වුණේ.. ගමේ ඔක්කොම දන්නවා. බැංකුවට විද්ද එකනම්...

:       315       136

Nadun Saturday, 08 December 2018 04:22 PM

අවුරුදු 3ක් ගෙවුණා. ගමකට කරපු සංවර්ධන වැඩක් දකින්නත් නැහැ. ගමේ මිනිස්සු බහුතරය පෙන්නුවා ප්‍රාදේශීය සභා මැතිවරණයේදී..

:       0       10

Jagath Saturday, 08 December 2018 04:27 PM

ගොවියෝ නම් ළංකරගෙන බැහැ. රටෙන් හැමදේම ගෙනැල්ලා පොහොර මිල යවලා ගොවියා මඩේ යවන වැඩ කළේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 557 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 351 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1105 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 64 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2352 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 430 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site