IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඌවේ දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරු හඳුනාගන්න කමිටුවක්

(එෆ්.අස්ලම්)

ඌව පළාතේ දෙමළ පාසල්වල සිටින දෙමළ භාෂාව කතා කළ නොහැකි සිංහල ගුරුවරුන් හඳුනාගැනීම සඳහා තම අමාත්‍යාංශයේ ලේකම්වරියගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන බව ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.

දෙමළ භාෂාව නොදැන පළාතේ දෙමළ පාසල්වල සිටින  සියළුම සිංහල ගුරුවරුන් ස්ථාන මාරුකර යැවීමේ තම තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් කුමන බාධක පැමිණියද තමා එම  පියවර ගන්නා බවද හෙතෙම කීය.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ ඇතුළු ඌව පළාතේ සියළුම දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරුන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශයේදී අද (5)විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තොන්ඩමන් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

2000 වසරේ ඉදලා ඌව පළාතේ දෙමළ පාසල්වල අධ්‍යාපන තත්ත්වය කඩා වැටිලා.නමුත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙමළ අධ්‍යාපන විෂය ජනාධිපතිවරයා විසින්  තම අමාත්‍යාංශයට පවරා ඇති බවත් ජනාධිපතිවරයා ඒ තැබූ විශ්වාසය තහවුරු කරමින් වසරක් ගතවන්නට මත්තෙන් දෙමළ පාසල්වල විද්‍යා ගණිත අංශ වලින් 13 දෙනෙකුට සරසවි වරම් ලබූ බවත් එය 19 වසරකට පසුව පළාතේ දෙමළ අධ්‍යාපනයේ ලොකු ජයග්‍රහණයක් බවත් ඔහු පැවැසීය.

පළාතේ ගුරුවරුන් විද්‍යා ගණිත වැනි විෂයන් වලට සිටියත් නගරයේ පාසල්වල ඒ ගුරුවරුන් සිටීම නිසා දෙමළ පාසල්වල එම විෂයන්වලට ලොකු පුරප්පාඩුවක් තියෙනවා.මම මේ අමාත්‍යාංශය මම ගත්තට පස්සේ අධ්‍යාපනය සංවර්ධනය කරන්න ඕන නිසා ගුරුවරුන් හඳුනාගෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරල දුන්නා.ඒ වෙලාවේ මට තර්ජන ආවා. මානව හිමිකම් යනවා.ළමයින්ගේ අධ්‍යාපනය නංවන්නයි මගේ උවමනාව වුණේ.දැන් මම කරපු එක හරි කියල මේ ප්‍රතිඵල වලින් පැහැදිලියි.

ඒ වගේම ගොඩක් දෙමළ පාසල් වල උගත් සිංහල ගුරුවරුන් ඉන්නවා.නමුත් එයාලට දෙමළ තේරෙන්නෙ නැහැ.ඒ නිසා ඒ ගුරුවරුන්ට අමාරුයි මේ ළමයිට උගන්වන්න.ළමයිට තේරුම්ගන්න අමාරුයි මේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.මේකෙන් දරුවන්ටයි පාඩුවක් වෙන්නේ.ඒ නිසා ඒ ගුරුවරුන්ට හොඳ සිංහල ඉස්කෝලයකට ස්ථාන මාරු කරල යවල මේ ළමයින්ට හොඳට තේරෙන්න උගන්වන්න පුළුවන් ගුරුවරු එතනට දැම්මොත් තමයි මේ උත්සහාය සාර්ථක වෙන්නේ.

මට දෙමළ දරුවො සිංහල දරුවො මුස්ලිම් දරුවො කියල නැහැ.සිංහල දන්නෙ නැති දෙමළ ගුරුවරයෙක් මම සිංහල ඉස්කෝලෙකට දැම්මොත් සිංහල ළමයිට උගන්වන්න බැරි වෙනවා සිංහල ළමයින්ටත් තේරුම් ගන්නත් බැහැ.

ඒ නිසා අපි ඊළගට මේ පියවර ගන්නවා.අපි ඒ සම්බන්ධයෙන් සොයා බලනවා.මගේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රමුඛ කණ්ඩයමක් යවල දෙමළ ඉස්කෝල වල ඉන්න දෙමළ දන්නෙනැති සිංහල ගුරුවරු කවුරුන්ද කියල අනාවරණය කරගන්නවා.

දෙමළෙන් උගන්වන්න පුළුවන් නම් ඒ ගුරුවරිය සිංහල වුනත් මුස්ලිම් වුනත් ප්‍රශ්නයක් නැහැ.නමුත් දෙමළ දන්නෙ නැති අයව අනිවාර්යෙන්ම ස්ථාන මාරු කරනවා.



අදහස් (12)

ඌවේ දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරු හඳුනාගන්න කමිටුවක්

sena Wednesday, 06 February 2019 03:47 AM

මේ අස්කරන සියලුම සිංහල ගුරුවර ගුරුවරියෝ දෙගුණයක් මහන්සියෙන් සිංහල ළමයින්ට ඉගැන්වියයුතුය් එහෙම නැති උනොත් මේ ජාතිවදියගේ දිනුමක් වෙනවා.

:       2       214

jayasekara Wednesday, 06 February 2019 03:51 AM

බලලා මල්ලෙන් එලියට පැනීම ..කියන්නේ ඕවට තමා....

:       2       88

රජින්ද Wednesday, 06 February 2019 05:42 AM

අස්ථාවර රාජ්‍යක මීලගට ඔබ දකින්නේ සුළු-ජාතිවාදයේ ඉස්මතුවීමයි. ඕනෑම අසාර්ථක රාජ්‍යක අන්තවාදීන්, ත්‍රස්තවාදීන් සහ කැරලිකරුවන් බිහි කරවීමේ මුලාරම්භය මෙයයි.

:       0       230

NuwanWednesday, 06 February 2019 10:05 AM

ඔව්, ඇෆ්ගනිස්ථාන් ඒකට හොඳම උදාහරණයක්... ඒ වගේම තව ඕනෑතරම් තියෙනවා. ඉස්සෙල්ලම කරන්නේ මේ සුළුජාතින් අන්‍යජාතින් තමුන්ගේ ප්‍රදේශයෙන් පැන්නීම... මේ මනුස්සයා කරන්න පටන් අරන් තියෙන්නේ ඒක... ඔය වගේම උතුරේ ඉන්න මනුස්සයත් කරන්නේ ඕක ඒ වගේම හීනියට නැගෙනහිර වෙන්නෙත්.. ඕක කව්රුහරි නැහැ කියනවා නම් අර කැපුවත් මේ පාට කියාගෙන ඉන්න බත් කන ගොනෙක් මිසක් වෙන සාමාන්‍ය බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට වෙන්නේ මොකක්ද කියලා තේරෙනවා. හැබැයි මොකෙක්වත් සිංහල මිනිස්සුන්ට ජාතිවාදියා කියලා ඇඟිලි දික්කරන්න එන්න එපා.. අපි කොහෙවත් කියලා නැහැ දෙමළ, මුස්ලිම් අය එපා කියලා හරිද?

:       0       9

susantha Indrajith Wednesday, 06 February 2019 06:06 AM

කතාව ඇත්තනේ... දෙමල බැරි එකෙක් දෙමල ස්කොලෙක තියාගන්නේ පොල් ගාන්ඩද..... භාෂාව බැරිව කොහොමද සිසුන්ට උගන්වන්නේ

:       43       49

NuwanWednesday, 06 February 2019 06:45 AM

අනේ හලෝ බාෂාව බැරිනම් පළමු දවසේ ඉදන්ම රස්සාව කරන්න බැහැනේ.ඉතින් මේ සිංහල ගුරුවරු පන්තියට ගිහින් ඉගෙන ඉදළ ගෙදර එනවද හැමදාම. ඔහෙලා වගේ මෝඩ මිනිස්සු හින්ද තම මේ වගේ අය උඩපනින්නේ.

:       1       20

HafeelWednesday, 06 February 2019 07:34 AM

මෙහමයි සුසන්ත, ඡන්ද ගන්න එක එක යෝජනාවල් ඉදිරිපත් කළත්, ප්‍රායෝගික මේක ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? මමත් ඉගෙන ගත්තේ දෙමළ භාෂාවෙන්. නමුත් කිසිස්ත්ම වටින්න නැහැ. රට තුල දෙමල භාෂාවෙන් කිසිම වැඩක් කරන්න බැහැ. මෙහම දෙමල භාෂාව ගැන මහා ලොකුවට කතා කරන උදවියගේ දරුවන් ඉගෙන ගන්නේ එක්කෝ ඉංග්‍රීසි භාෂාවෙන්, නැත්නං විදේශ රටවල. අවසානය මෙහම දෙමල ඉගෙන ගත්තු දරුවන්, අනාගතයේ රස්සාවක් ගන්න යනකොට මේ දේශපාලකයෝම කියනවා, ඔයාට සුදුකම් නැහැ කියල.

:       0       37

sarathWednesday, 06 February 2019 10:54 AM

සිංහලෙන් ඉගෙන ගත්තත් එහෙම තමයි. ඉංග්‍රීසියෙන් උගන්වන්න අනිවාර්ය කරන්න ඕනේ. සිංහල පුළුවන් කියල කොම්පැනියකට ගියාට සම්මුඛ පරීක්ෂණ කරන්නෙත් ඉංග්‍රීසියෙන්. මෙතුමාට තියෙන්නේ දේශපාලන මගෝඩි කම් පෙන්වන්නේ නැතිව ,ගැලරියට වැඩ නොකර . දෙමල ගුරුවරුන්ට සිංහල උගන්වන්න, නැතිනම් තමිල්නාඩුවේ වගේ හින්දි උගන්වන්න තියා ෆිල්ම් එකක්වත් පෙන්වන්නේ නැති තරමට මෙයාල පත්වෙනවා.

:       0       4

Hafeel Wednesday, 06 February 2019 07:22 AM

කොහොමද ඉන්දියාව අපිට බලහත්කාරයෙන් පටවපු පළාත් සභාව? ප්‍රශ්න විසඳන ලකුණු පේනවද? බලන්න මේ සෙන්දිල් තොන්ඩමාන් දේශපාලනයට ආපු මාර්ගය. සොමිය මූර්ති තොන්ඩමන් දේශපාලනයට ඇවිල්ලා අර්මුගම තොන්ඩමන්ට දුන්නා. ඔහු දුන්නා මේ සෙන්දිල් තොන්ඩමන්ට. මේක තමයි දකුණේත් වෙලා තියන්නේ. බහුතරය ඉන්නේ පවුල් දේශපාලනය. මේක තමයි මේ පළාත් සභාවේ ප්‍රතිපල.

:       0       98

වික්‍රම Wednesday, 06 February 2019 02:06 PM

සිංහල ඉස්කෝලවල දෙමළ උගන්වනවා වගේ දෙමළ ඉස්කෝලවලත් සිංහල උගන්වන්න ඕනෑ.

:       0       5

Nuwan Wednesday, 06 February 2019 02:52 PM

මේකට බුද්ධිමත් නම් කළයුත්තේ සිංහල පාසල්වල හොඳට දෙමළ, ඉංග්‍රීසි උගන්වලා අපේ දරු පරම්පරාව ත්‍රි භාෂාවෙන්ම සන්නද්ධ කරන එක, එතකොට කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ. ඔවුන්ට රටේ ඕනතැනක වැඩකරන්න පුළුවන් වෙයි..

:       0       0

Kirthi Friday, 08 February 2019 01:53 AM

සිංහල පළාත් වල තිබෙන දෙමල පාසල් වල මාධ්‍ය සිංහලට හරවන්න. ප්‍රශ්නය ඉබේම විසදේවී! මයසියාවේ ඉන්න දෙමල ජනතාව යස අගේට මැලේ භාෂාවෙන් ඉගෙනගන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 159 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 10 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 559 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 160 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 200 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 472 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site