(මනෝප්රිය ගුණසේකර)
පොලිසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරීන් 31,000 කට අධික පිරිසකට එක්වරක් පමණක් බලපාන උසස්වීම් ලබාදී ඇතැත් පොලිස් රියදුරු තනතුරු දැරූ නිලධාරීන්ට පමණක් එම උසස්වීම් ලබානොදිමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරු හා සැරයන්වරු 235 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළහ.
අවුරුදු 12 සිට අවුරුදු 18 දක්වා කාලය තුළ උසස්වීම් නොලැබීමෙන් අසාධාරණයට ලක්ව, රැකියාව පිළිබඳව අතෘප්තියට හා මානසික පීඩාවට ලක්ව ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයින් ද නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් බුවනෙක අළුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුව එලෙස අවසර දුන්නේය.
පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරු 210 දෙනෙකු හා පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන සැරයන්වරු 25 දෙනෙකු ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, පොලිස් කොසමිසම, එහි සභාපතිවරයා හා සාමාජිකයින් ඇතුළු 11 දෙනෙකු මෙහි වගඋත්කරකරුවන් වශයෙන් නම් කර ඇත.
සේවා කාලය, අත්දැකීම් හා මුලික සුදුසුකම් උපයාගෙන සිටින නිලධාරීන්ට නිසි කලට උසස්වීම් නොලැබීම පොලිසියේ බහුතර නිලධාරීන් මුහුණ දෙන ගැටලුවක් බවත් ඒ පිළිබඳව සළකා 2019 ජනවාරී 01, ජුලි 01 සහ 2020 ජනවාරී 01 දිනවල පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන් 31,500කට එකවරක් පමණක් ලැබිය හැකි උසස්වීම් ලැබුණු බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ කෙසේ නමුත් පොලිස් සාමාන්‍ය සේවයේ රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරුන් හා සැරයන්වරුන් නොසළකා මෙම උසස්වීම් ලබාදී ඇති බව ඔවුහු සඳහන් කරති.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උසස්වීම් නැතැයි පොලිස් රියැදුරෝ - කොස්තාපල්වරු 235 ක් උසාවි යති