IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උපාධිධාරීන් 16800 කට පත්වීම්

(මනෝජ් හර්ෂික)

රජයේ පත්වීම් ලබා දීමේ වැඩ සටහන යටතේ සරසවි උපාධිධාරීන් 16,800 සඳහා පත්වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව පළමු අදියර යටතේ උපාධිධාරීන් 3,800ක් සඳහා පත්වීම් ලබා දීම අරලියගහ මන්දිරයේ දී හෙට (30) අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරේ.

මෙහිදී කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් සියලු උපාධිධාරීන්ටද, කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් 200 දෙනකුටද සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි සෙසු දිස්ත්‍රික්ක 22 න් එක් දිස්ත්‍රික්කයෙන් 40 දෙනකු බැගින් උපාධිධාරීන් 880 දෙනකුට සහ බාහිර උපාධිධාරීන් 880 කට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතය. 

සෙසු තෝරාගත් සියලුම උපාධිධාරීන් ජූලි 31 සහ අගෝස්තු 01 සහ 02 දිනයන්හි අදාළ සියලු පත්වීම් ලබා දෙන ලෙස හා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය මගින් මෙම පත්වීම් ලබා දීම සිදුකෙරේ.



අදහස් (4)

උපාධිධාරීන් 16800 කට පත්වීම්

සේනාරත්න Tuesday, 30 July 2019 12:12 AM

උපාධිධාරීන්ට රැකියා ලබාදීම හොඳයි.. හැබැයි එයින් රටටත් වැඩක් සිදුකරන්න වගකීමක් සහිත වැඩපිළිවෙළක් තිබියයුතුයි. දැනට ග්‍රාමීය මට්ටමේ උපාධිධාරී තනතුරක් තියනවා... ඊට පහළ අධ්‍යාපන මට්ටමේ නිලධාරීන් 3 කුත් ඉන්නවා... ඉහත කී උපාධිධාරීන්ට ඉහළ වැටුපක් ගෙවනවා. අනෙක් අයට වඩා... ඒත් ඵලදායිකත්වය ගත්තම අනෙක් තිදෙනෙකු කරන වැඩවලින්ම තමයි.. සමහරවිට උපාධිධාරීන් යැපෙන්නේ.. ඉහතකී නිලධාරීන්ගෙන්ම ඉටුකර ගතහැකි වැඩප්‍රමාණයක කොටසක් තමයි... එම අයට දීලා තියෙන්නේ... රාජ්‍ය ආයතනවලට පත්කර ඇති අයත් ලිපිකරු වැඩේ තමයි කරන්නේ...

:       0       0

krishantha Tuesday, 30 July 2019 03:07 AM

හොඳයි...!!!

:       0       0

Mallika Tuesday, 30 July 2019 04:14 AM

සාධාරණ දෙයක් වෙනවාද? මෙහේ...

:       2       0

ROHAN DAYADARA PARIS Wednesday, 31 July 2019 01:16 PM

මොනවා වුණත් මේවා ඉතා හොඳ රට ඉදිරියට ගමන් කළහැකි වැඩපිළිවෙලක් සතුටුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 87 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 199 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 910 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 105 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 270 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site