IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට

රිමන්ඩ් බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගන්නා ලද උදයංග වීරතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එහෙත් ඊයේ රාත්‍රීයේ ඔහුගේ පපුවේ අමාරුවක් ඇතැයි කී බැවින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.



අදහස් (30)

උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට

සිසිල් සුදේශ් Saturday, 15 February 2020 04:05 AM

සාමාන්‍යයෙන් අත් අඩංගුවට ගන්න දේශපාලකයන්ට හැදෙන ලෙඩක්.

:       0       0

Hafeel Saturday, 15 February 2020 04:23 AM

මේ ආණ්ඩු දෙකම වෙනසක් නැහැ.

:       0       0

Mahee Saturday, 15 February 2020 04:38 AM

අපට බොරු නොකර රජවාසලේම හරි යුව රාජ මන්දිරයේ හරි නවත්ත ගත්තනම් මහජන සැප දුක් බලන්න එන අයට පහසුයි.

:       0       0

Ferna Saturday, 15 February 2020 04:38 AM

හොරුන්ට ගිය රට. ඔය බන්ධනාගාර ‍රෝහල කඩලා දාන්න කෙනෙක් නැද්ද?

:       0       0

mihira Saturday, 15 February 2020 04:39 AM

පව් 69 ලක්ෂෙ...

:       0       0

Kolla Saturday, 15 February 2020 05:06 AM

ඔය තමයි ලංකාවේ නීතිය ලොකු කෙනාට සැප පොඩි එකාට දුක

:       0       0

kn Saturday, 15 February 2020 05:08 AM

මිනිස්සු හිනස්සන වැඩ...

:       0       0

ජයන්ත මිලානෝ Saturday, 15 February 2020 05:10 AM

සැපෙන් ඉන්න ඇවිත් තියෙන්නේ.

:       0       0

KATHURA Saturday, 15 February 2020 05:22 AM

අපි හිතුවා එත් මොකද මෙච්චර පරක්කු උනේ ඇඩ්මිට් කරන්න කියලා. දැන් පුළුවන් දුමියා එක්ක චැට් එකක් දාගෙන ඉන්න. අපිට නැද්ද බූ හනස්සක් ගහගන්න.

:       0       0

saradiyel Saturday, 15 February 2020 05:35 AM

අනේ මෙහෙමත් රටක්. මේවා බලන්නද අපි ජීවත් වෙන්නේ ?

:       0       0

palitha Saturday, 15 February 2020 05:48 AM

බන්ධනාගාරෙයි, රෝහලේයි තියෙන වෙනස පැහැදිලි කරලා දෙන්න දන්න කෙනෙක් ඉන්නවනම්.....

:       0       0

Nuwara1 Saturday, 15 February 2020 06:04 AM

ආයුබෝ වේවා මහරජානෙණි ! අපි ඔබතුමාගෙන් ඉල්ලන්නෙ අපේ රටට විදේශ විනිමය උපයා දුන් උදයංගට ඉක්මනට ඇප අරන් දෙන්න කියායි. ඊට පස්සේ ජඩපාලන ආණ්ඩුව මේ කරලා තියන බොරු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන්න.

:       0       0

රවින් Saturday, 15 February 2020 06:07 AM

ෂා....දාන්න තිබුනේ කපිල ඉන්න වාට්ටුවට. දෙන්නම ගුවන්නේ.

:       0       0

අලුත්225ක් තෝරමු Saturday, 15 February 2020 06:21 AM

අපි ඕවා දන්නවා. කමක් නැහැ. තව මාස දෙක තුනයිනේ. ඊට පස්සෙ ලොකු තානාන්තරයකුත් ලැබේවි.

:       0       0

dharmatileke Saturday, 15 February 2020 06:22 AM

ගුවන් තොටුපලේ ඉඳලා රෝහලට ගෙනියන්න තිබුනේ නැද්ද ?

:       0       0

Buddika Saturday, 15 February 2020 06:58 AM

මෙන්න වියත් මගේ ක්‍රමය. රාජපක්ෂ න්‍යාය. නැතිබැරිකරට මිනිහෙක් වැරැද්දක් කළාම ඒ අහිංසකයට දෙකක් ඇනලා කූඩුවේ දානවා. ඒ වුනාට රටේ සල්ලි හොරකම් කරලා රටිනුත් පැනලා ඉදලා අන්තිමේට රජයේ අනුග්‍රහයෙන් ලංකාවට ඇවිත් යන්නේ බන්ධනාගාර රෝහලට. කෝ අර 69 ලක්ෂේ ඡන්දේ දීපු මිනිස්සු. කෝ බොදු බල සේනාව? රාවණා බලය? විලි ලැජ්ජයි.

:       0       8

Jayantha Saturday, 15 February 2020 07:50 AM

නාටකයේ දෙවැනි කොටස පැමිනීමට නියමිතයි.

:       0       3

Dhammika Senarath Saturday, 15 February 2020 08:18 AM

අලුත්ම ක්‍රමේ ඕක තමයි. අල්ලපු ගමන් කියනවා පපුව රිදෙනවා කියල. යනවා රෝහලට. රට ඉන්නකන් මෙලෝ ලෙඩක් නැ.

:       0       1

Nandalal DE SILVA- France Saturday, 15 February 2020 08:44 AM

අපේ රටේ ඕනෑම කෙනෙකුට මෙහෙම රිමාන්ඩ් එකෙන් බන්ධනාගාර රෝහලට ඇතුල්වීමට සීග්‍රගාමී ක්‍රමයට ටිකට් ලබාදීම අමුතු ලතාවක් වෙලා තිබෙනවා ! කටුනායක සිට දිගටම රෝහලට දක්කා ගෙන ගියානම් වැඩේ මීට වඩා ලෙහෙසි පහසු වෙනවා නේද ? රිමාන්ඩ් සිරගෙදර රන්ජන් වගේ පැදුරක නිදගන්නවාට වඩා සැපපහසු කොට්ට මෙට්ට සහිත සුවයහනා මේ අයට පුරුදු නිසාද මෙහෙම ලෙඩ රෝග ඇති වෙන්නේ? එක අතකට රාජ්‍ය බලයට සමීප අයට මෙවැනි පහසුකම් නොදෙන්නේ නම් ඒවා දෙන්නේ කාටද කියල මගේ සීයා අහනවා ...

:       0       39

රමණි Saturday, 15 February 2020 08:59 AM

මට හිතෙන හැටියට මේ ඇත්තම හොරා නොවෙයි.කොහෙන් හරි අල්ලාගත්ත හිඟන්නෙක් කලිසමක් අන්දවා ගෙන ඇවිත් බය කරලා අධිකරණයට ඉදිරිපත් කරලා.මේ මනුස්සයාට දැන් බය හිතිලා පපුව අමාරුවක් ඇවිල්ලා .අනේ මන්දා...පව් අනේ මේ හිඟන්නාට මොනවා හරි වුනොත් ....මානව හිමිකම් මහත්වරුනේ..වහාම මේ අහිංසකයා වෙනුවෙන් පෙනිසිටින්න..මම ජිනීවා වලටත් දන්වනවා..

:       0       32

siri Saturday, 15 February 2020 09:47 AM

කවුද දන්නේ නැහැ වෛද්‍ය වාර්තාව ලිවේ ?

:       0       22

dare Saturday, 15 February 2020 09:51 AM

රන්ජා ෆුල් ෆිට් එකේ ඉන්නවා අනිත් හොරු එක්ක බැලුවම

:       0       12

මෙදමූලනේ Saturday, 15 February 2020 10:28 AM

පුදුමේ කියන්නේ ආපු ගමන්ම පපුවේ අමාරුව හෙදුන එකනේ.දේශපාලුවන්ට විතරක් විශෙෂ ඇති ? ඔය රඟපෑම අපි හොන්දටම දෙකලා පුරුදුයි .

:       0       16

Nadeeka Saturday, 15 February 2020 10:49 AM

වෙලාවට අහස්යානවේදී පපුව රිදුන් නැත්තේ, මහජනතාව තේරුම් ගන්න ඕනේ මේ පන්තියේ පැවැතමට අපි හැමෝම බදු මුදල් ගෙවනවා කියලා

:       0       24

Wimal Saturday, 15 February 2020 04:14 PM

තව දවස් දෙකකින් එළියට.

:       0       13

chandra Saturday, 15 February 2020 07:56 PM

අත් අඩංගුවට ගත්තා කියනකොටම ඊළග පියවර මේක බව ජනතාව දන්නවා . මේ අධිකරණයට අපහාසයක් නොවන්නේද?

:       0       25

Dirt Saturday, 15 February 2020 09:07 PM

අපි පත්කරපු නායකයා මේ වගේ ජවනිකා ප්‍රදර්ශනය කරයි කියලා කවදාවත් හිතුවේ නෑ. අන්තිමට සිරිසේන පත්තරෙන් හරි දැනගත්තා. දේශපාලනේ නිසා වීරයෝ මේ වගේ දෙකේ කොලේට වැටනවා අහලා තිබුනට දැකල තිබුනේ නෑ . අනේ අපේ රට ?? !!!!!

:       0       26

Pradeep Sunday, 16 February 2020 08:21 AM

එතකොට බෝතලේ විතරද මාරුවෙලා තියෙන්නේ... වයින් මාරුවෙලා නැද්ද... අපොයි ජනතාව රැවටුන තරමක්...

:       0       27

Ajith Nissanka Sunday, 16 February 2020 04:15 PM

මෙයාට මොකද කොරෝනා හැදිලද ??? මෙයා කරපු ගනුදෙනුවේ හවුල් කාරයෝ දැන් දේශප්‍රේමියෝ නිසා මෙයත් දේශප්‍රේමියෙක් ! කෝ අර දේශප්‍රේමීන් ටික ! බන්දනගාරය වට කරලා මෙතුමාව නිදහස් කර ගන්න

:       0       29

sharm warn Monday, 17 February 2020 05:58 AM

ඒ කියන්නේ මෙයත් ඉක්මනින් ම පාර්ලිමේන්තුවට යන්න සුදුසුකම් සපුරනවා වගේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 127 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1444 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1236 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 717 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1786 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site