IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


උතුරේ සිට දකුණු ඉන්දියාවට ප්‍රවාහන බෝට්ටු සේවයක්


(අංජුල මහික වීරරත්න)

කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාව දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සඳහා දැනටමත් මුල පුරා ඇතැයිද තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නොබෝ දිනෙකින් සකස් කිරීමට නියමිතව ඇතැයිද අග්රාරමාත්ය  කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම මගී ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමග, ඉන්දීය හා ශ්‍රී ලංකා දුම්රිය සේවා ඒකාබද්ධව ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට ද තීරණය කර තිබේ. 

ඒ අනුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමනාන්ත තවත් වැඩිකෙරෙන අතර එතැන්සිට දකුණු ඉන්දියාවට බෝට්ටු මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණය කර තිබේ.

මෙම සේවවාන් ආරම්භ කිරීමත් සමග අඩු වියදමින් දඹදිව වන්දනා කිරීමටද ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට අවස්ථාව උදාවනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹීමට පෙරද මේ අයුරින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ දුම්රිය සේවාවන් පැවති බවත් කොළඹ කොටුවේ සහ චෙන්නයි නුවර අතර එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම් දෙරටේම මගීන් වෙත සලසා තිබූ බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

කන්කසන්තුරේ වරාය නවීකරණයේ දී දැනට ඇති ජැටිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර, වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර 167 ක් දිගැති, මීටර 22 ක් පළලැති නව ජැටියක් ද ඉදි කෙරෙණු ඇතැයිද දියකඩනය ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර මේ කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ප්‍රතිපාදන ලැබෙනු ඇතැයි වරාය හා නාවික දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.

කන්සන්තුරේ පැරණි සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නව කර්මාන්ත කලාපයක් ද වරාය නවීකරණයට සමගාමීව ඉදිකිරීමට නියමිතව ඇති අතර කන්කසන්තුරේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ද සංවර්ධනය කරලීමේ සැලසුම් සංචාරක අමිත්‍යංශය විසින් සකස් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්රංමසිංහ මහතා ඉකුත් උතුරු සංචාරය අතරතුර මාධ්යටට අදහස් දක්වමින් සඳහන් කළේය.

තලෛමන්නාරමේ ජැටිය ආශ්‍රිතව ද නව සංචාරක හෝටල් හා ආපන ශාලා ගණනාවක් ද, භාණ්ඩ ගබඩා හා ගුදම් ද ඉදි කිරීමේ සැලසුම් වහා සකසන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ. 



අදහස් (6)

උතුරේ සිට දකුණු ඉන්දියාවට ප්‍රවාහන බෝට්ටු සේවයක්

Nuwan Tuesday, 19 February 2019 09:28 AM

හොරෙන් හොරෙන් කේරල ගංජා ගෙන්න ඕන වෙන එකක් නැහැ. ඉන්දියාව කියන රට අතේ දුරින් තියාගෙන ඉන්න තරමට හොදයි මොකද හොදක් වෙන්නේ නැති නිසා.

:       8       269

Gihan Tuesday, 19 February 2019 09:52 AM

නියමයි. කේරල ගංජා ගේන්න දැන් තවත් පහසුයි.

:       1       115

Upul Tuesday, 19 February 2019 10:09 AM

පනින්න බැරි රිලවූන්ට ඉනිමන් තියනවා වගේ වැඩක්. ඕකෙන් වෙන්නේ රටට අමතර ප්‍රශ්න ගලාගෙන එන එක.

:       1       174

Arna Tuesday, 19 February 2019 10:46 AM

ඉල්ලන් කෑම කියන්නේ ඕකට තමයි

:       1       185

chandima Tuesday, 19 February 2019 05:56 PM

දැන් උදේට වැසිකිලි යන්නත් සංචාරකයෝ එයි වගේ මෙහෙ රේල් පාරවල් වල එහෙ වගේ තදබදයක් පෝලිමක් නැති නිසා.

:       1       205

Bamunuarachchi Wednesday, 20 February 2019 01:18 AM

හොරබඩු ප්‍රවාහනය නැවත පටන් ගන්න වගේ. අයුදත් ඒවි කල්ලතොනිත් එවි. කාටද ආඩම්බර නේද?

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 63 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 120 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 911 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 645 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1258 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 281 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site