IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘උතුරේ ඡන්ද වර්ජනයක් ගැන තොරතුරු ලැබී තිබෙනවා‘‘

(චන්ද්‍ර සේන ගමගේ)

උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම  අද (20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

‘‘මේ වෙන කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටිනවා.

මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව ගේ කැමැත්ත වෙනදාට වඩා තම ජනාධිපති අපේක්ෂකයාට ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

හම්බන්තොට දිස්‍රතික්කයේ ජනතාවට කිසිදු යුතුකමක් නෑ එජාපටට ඡන්දය දෙන්න. මොකද හම්බන්තොටට මේ රජය කිසිවක් සිදු කළේ නෑ.හම්බන්තොට වාරය විකුණලා මේ රජය ගත්ත සල්ලි වලට මොනවාද වුණේ කියල මේ වන තුරුත් මේ රටේ ජනතාව දන්නේ නෑ.

මම අගමැති වෙලා සිටි දින 51 තුළ මේ රටේ ගොවි ජනතාවට පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා.නමුත් ඒ වැඩපිළවෙල දිගට කරගෙන යන්න අපට ඉඩ  දුන්නේ නෑ. ලෝක ඉතිහාසයේ පලමු වරට කැබිනට් මණ්ඩලයට  තීන්දු ගන්න එපා කියල අධිකරණය අපට නියෝග කළා.

මේ මැතිවරණය එජාපය දිනන්න හදන්නේ බොරු ප්‍රචාරය කරලා.ඇල්පිටියේ සමෘද්ධිය බෙදුවා සල්ලි බෙදුවා . සිමින්ති බෙදුවා නමුත් බෙදාපු සිමෙන්ති කොට්ට ගාණටවත් ඇල්පිටියේදී ඡන්දය ගන්න එජාපයට බැරි වුණා.

අද අපි එකතු වී තිබෙනවා. එකට සිටිය අපි දැන් එකතු වෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කැපවීමෙන් වැඩ කරමින් යනවා.‘‘



අදහස් (55)

‘‘උතුරේ ඡන්ද වර්ජනයක් ගැන තොරතුරු ලැබී තිබෙනවා‘‘

saali Sunday, 20 October 2019 05:48 PM

මොන ගේමක් දීලා හරි 2005 දී වගේ වර්ජනය කරවමු. කළා නම් ගොඩම තමයි.

:       1267       1107

රාජපක්ෂ පවුල Monday, 21 October 2019 05:00 AM

මොන ගේම දුන්නත් මීළඟ ජනපති සජිත්. එය දැනටම සුළු ජාතීන් තීරණය කරලා ඉවරයි

:       716       1335

තම්බි මරික්කාර් Monday, 21 October 2019 05:08 AM

මේ දවස්වල...... මුස්ලිම් අන්තවාදය නෑ දෙමල බෙදුම්වාදය නෑ ජාතිවාදයත් නෑ ශරිආ නෑ ශාෆිත් නෑ වඳ සැත්කම් නෑ වඳ බෙහෙත්, කොත්තු, ඇඳුමුත් නෑ.. පල්ලි වල කඩු නෑ කුඩු නෑ ගෙවල් වල පාන් කපන පිහිත් නෑ හිස්බුල්ලා නෑ අර විශ්ව විද්‍යාලයත් නෑ රිෂාඩ් නෑ විල්පත්තුවත් නෑ බුර්කා නෑ නිකාබ් නෑ, ඇයි ඒ ?? ඡන්දයක් අත ළඟ....... මේ මජර දේශපාලන සෙල්ලම් වලට රැවටුනා ඇති මෝඩ මිනිසුනේ...!! විකල්පයක් හොයමු!!!

:       1       636

සාදාරනය දන්නා සිංහලයෙක්Monday, 21 October 2019 05:29 AM

සම්පූර්ණ ඇත්ත.

:       0       164

සමන්ත Monday, 21 October 2019 05:44 AM

ඔක්කොම කලේ බොරුවක්.

:       0       147

සත්‍යපාල Monday, 21 October 2019 05:54 AM

දොස්තර ශාෆිගේ නමින් පටන් ගත් අරගලය සම්පුර්ණ බොරු කතාවක් බව රටේ බහුතර සිංහලයන් දැන සිටියා. එත් අපේ මෝඩ සිංහලයන් රැවටුනා.

:       544       741

මුදියන්සේලාගේ අසනාර් මරික්කාර්Monday, 21 October 2019 06:33 AM

සත්‍යපාල, මුස්ලිම්වරුන්ට විරුද්ධව කළ සෑම කෝලාහලයකින්ම දේපල විනාශකරලා නැවත සිංහලයින්ගේ රජයෙන්ම කරල් දෙනකොට තේරෙන්නේ නැද්ද? සිංහලයා මෝඩයා කියන එක. දර්ගා නගරයට ගිහින් බලන්න. පරණ කඩ වෙනුවට අලුත් කඩ. ටකරම් වහල වෙනුවට සීට් වහල. මිනුවන්ගොඩට ගිහින් බලන්න. අලුත් කඩ ටික...

:       0       97

kamal koyralaMonday, 21 October 2019 06:34 AM

මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් නාරිවේද වෛද්‍ය විශේෂඥයෙකුගෙන්...

:       1       8

nimalMonday, 21 October 2019 05:11 AM

කවුරු ජනාධිපති වුණත් ඔහු සාපෙළ සමත් කෙනෙක් විය යුතුයි. ඉල්ලන හැමෝම වැදගත් පාසල්වලට ගිය අයනේ...

:       141       254

Prabha Monday, 21 October 2019 05:38 AM

වැදගත් පාසල් සහ නොවැදගත් පාසල් අතර වෙනස්කර පොඩ්ඩක් පැහැදිලි කරනවද?

:       0       61

saaliMonday, 21 October 2019 06:28 AM

අපි, වැදගත් උගත් අයට, නීතිවේදීන්ට ඡන්දෙ දුන්නා. කියුම් කෙරුම් නම් මරේ මරු. අට පාස් නැති අය, මේ අයට වඩා හොඳයි.

:       83       108

සනත් වීරකෝන් Sunday, 20 October 2019 05:48 PM

2005දී මහින්ද වැඩි ඡන්ද 70000ක් අරගෙන දිනුවේ ප්‍රභාකරන්ගේ පිහිටෙන්... එදා උතුරු, නැගෙනහිර දෙමළ මිනිස්සු ඡන්දෙ දැම්මා නම් රනිල් වැඩි ඡන්ද ලක්ෂ 5 කින් දිනනවා. මේ පාරක් මහින්ද ට්‍රයි කරන්නේ කොහොම හරි දෙමළ ඡන්ද නතර කරන්න.

:       1085       1854

Anura Monday, 21 October 2019 02:29 AM

රනිල් ලක්ෂ 5 ගත්තා නම් අද ඔහේගේ නමත් වෙනස්... නැතිනම් බෝම්බයකට කඩේ යන්න කෙනෙක් ඉතුරුවෙන්නේ නැහැ.

:       890       488

කුමාරසිරිMonday, 21 October 2019 04:49 AM

අනුර මහත්මයාණෙනි.., ලක්ෂ 5ක වැඩි ඡන්ද ගැන කතා ක‍රන්න ඉස්සෙල්ලා ලංකාවේ දැනට වැඩිම පුද්ගලික මනාප තියෙන්නේ කාටද කියලා හොයලා බලන්න. ලංකාවේ මෙතෙක් දේශපාලන ඉතිහාසයේ වැඩිම මනාප (ලක්ෂ 5 කට වැඩි) හිමිකරගෙන සිටින්නේ වත්මන් අගමැතිවරයා බව තේරුම් අරගෙන සිටින්න.

:       77       365

Athula GunasenaMonday, 21 October 2019 03:43 AM

2005දී මහින්ද දිනුව නිසා තමයි අද ඔක්කොම බෝම්බ වලින් බේරිලා ඉන්නේ... සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි.

:       868       585

SidathMonday, 21 October 2019 03:59 AM

ජාතියේ අවාසනාවකට එදා රනිල් දිනුවා නම් අද ශ්‍රී ලංකාව කියන්නේ බෙදුණු රටක්.. එහෙම නැත්නම් තාමත් දිගට හරහට බෝම්බ පුපුරන රටක්. (ඒක නම් රනිල් අමාරුවෙන් හරි ආයේ අපිට ඇති කරලා දුන්නා).. ප්‍රභාකරන්ගේ පිහිටෙන් දිනලා මිනිහටම කෙලින් එකත් මාර මාස්ටර් මයින්ඩ් ගේමක් නේද? රනිල්ගේ මොළෙ තියෙන්නේ බැංකු කඩන්න විතරයි. රට වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ. හිතුණත් කරන්නෙත් නෑ.

:       706       541

saaliMonday, 21 October 2019 06:05 AM

බැංකු කැඩීම, කලින් ද සිදුවිය. මෙවර ඒ පරීක්ෂණ වලට අගමැති ද සහභාගී විය. දැනට අදාළ අයාතනයේ මේ වෙනුවට විශාල වත්කමක් තහනම් කර රජය භාරයේ ඇත. කලින් වංචා වල කෙරුවාව මීට හාත්පසින්ම වෙනස්. අපක්ෂපාත වන්න. අන්තවාදය වැපිරීම හා පෝෂණය ගැන චෝදනා දෙපැත්තටම ඇත.

:       91       241

සුගත් Tuesday, 22 October 2019 01:39 AM

සිදත් ඔබේ දැනීම ගැන හරිම කණගාටුයි. 2001 දී රනිල් අගමැතිවෙලා කොටි සමග ඇතිකල ගිවිසුම නිසා උතුරු නැගෙනහිර කොටි බේද වුනා. එය 2009 දී යුද්ධය දිනන්න හේතුවුනා. එහෙම නැතිව මහින්දගේ දක්ෂකමට දිනුවනම් 2006 දී හරි 2007 දී යුද්ධය අවසන් කරන්න තිබුනානේ. ඔබ පාසැල් ගියානම් අහල ඇති කාවන්තිස්ස රජතුමා ගැහැනියකට සමාන කල කථාවක්. නමුත් කාවන්තිස්ස රජතුමා බාල පුතා ලවා ආහාර නිපදවීමත් රජතුමාම යෝධයින් 10 දෙනෙකු සහිත හමුදාවක් හැදුවේ නැත්නම් දුටුගැමුණු කුමාරයාට යුද්ධය දිනන්න බැහැ. ඒ වගේම තමා හිටපු සෑම රාජ්‍ය නායකයෙක්ම සිදුකල ක්‍රියාවන් නිසා තමයි යුද්ධය දිනුවෙ.

:       9       173

තම්බි බුර්කාවMonday, 21 October 2019 05:02 AM

මහින්ද රට කරනවා වුනත් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට මුස්ලිම් දෙමල ඡන්ද වලින් සජිත් දිනනවා

:       193       538

saliyaMonday, 21 October 2019 05:26 AM

රනිල්, මහින්ද දෙදෙනා ම මේ රටේ නායකයෝ. මේ දෙදෙනා ගේ ක්‍රමය වෙනස්. මහින්ද පාලනය යටතේ එල් ටී ටී ය නැතිවුනා. එය අපේ වාසනාව. ප්‍රභා, රනිල් පැරදීමට වර්ජනය කෙරුවේ ඇයි? මුදල් නිසා යයි විශ්වාස කල නොහැක. රනිල් ට ද බියක් තිබුනා විය හැක. ඔහු කරුණා කඩා ගැනීම, එල් ටී ටී ය ට දරා ගත නොහැකි වුනා විය හැක. මේ කාරනාව අපැහැදිලියි.

:       89       207

sirimal Sunday, 20 October 2019 05:52 PM

එක වතාවක් බර ගාණක් වියදම් කරලා කරගත්තු දෙයක් මේපාර නිකම්ම සිද්ධ වෙන්න යනවා වගේ නේද අපේ මහත්තයෝ? රටටම එපාවෙලා හිටිය හිස්බුල්ලා උන්නැහේ දැම්මෙත් රට පුරාම එක්කෙනෙකුට ෂුවර් මුස්ලිම් ඡන්ද කඩන්න කියලත් කතාවක් ප්‍රචාරය වෙනවා. මොකද නැගෙනහිර විතරක් නෙවේ.. රට පුරාම තියෙන්නේ ඔය දිගට දිගේ තියෙන ඡන්ද කෝලමනේ. ඒ අස්සේ අර කළුතර පැත්තේ සිංහයෙක් වගෙයි කියන කෙනා හොයාගන්න එයාගේ නිදන කාමරේට කඩා පැන්නාය කියන " කඩා පනින හමුදාවක් " ගැනත් දැන් දැන් සමහරු ඕනෑ නැති කතා පතුරවනවා ඔන්න. ඇත්තද මන්දා? ප්‍රධාන අපේක්ෂකයින් කියන අයගේ රැස්වීම් වලනම් එතරම් සෙනඟ ඉන්න බවක් පෙනෙන්නේ නැහැ. අර විකල්ප අපේක්ෂකයින් වැඩේ දෙයි වත්ද?

:       1577       2112

Anton austriaMonday, 21 October 2019 01:59 AM

සල්මල් ගහ යට හොඳටම බීලා නිදි...

:       77       121

ranjith Sunday, 20 October 2019 10:09 PM

අනුන්ගේ ඡන්ද අයිතිය සැහැල්ලුවට ගන්න එපා තමන්ගේ වාසියට මිනිස්ස්සු අද වෙනදට වැඩ බුද්ධිමත් කියන එක වත් තෙරුම් ගන්න

:       0       178

Nishan Sunday, 20 October 2019 10:22 PM

2015 දීත් ඔහොම සිහින ලෝකෙක හිටියා නේද? අන්තිමේදී චන්ද ප්‍රතිපල කියලා ඉවර වෙන්නත් කලින් ආණ්ඩුවෙන් හෙලිකොප්ටරයක් ඉල්ලගෙන ගමට යන්න සිද්ද උනා. දැන් හිතෙනවා ඇති අනේ අපරාදේ ප්‍රභාකරන්ව මැරුවේ තියා ගත්තා නම් සල්ලි කියක් හරි දීලා මේ පාරත් චන්දෙ වර්ජනේ කරවා ගන්න තිබුනනේ කියලා. හැබැයි එහෙම වුනා නම් මේ වෙනකොට දකුණට විකුනන්න යුධ ජයග්‍රහණයක් නැති වෙනවා. 2015 දී මහින්ද නොදීපු ඡන්දයක් මේ සැරේ උතුරෙන් ගෝටාට ලැබෙන්න නම්කි සිම හේතුවක් නැහැ. 2010 දී උතුරු නැගෙනහිරෙන් මහින්දට වඩා ෆොන්සේකාට චන්ද ලැබුනා. හම්බන්තොට වරාය වික්කේ නැහැ. අවුරුදු 99 ක ඒකාබද්ද බදු ගිවිසුමකින් පාලනය වෙන ක්‍රමයක් ඇති කලේ. එහෙම කරන්න සිද්ද උනේ 2019 මුලදී ගෙවන්න තිබුන අධික ණය වාරිකය ගෙවන්න සල්ලි හොයා ගන්න. ඒ ණය ගත්තෙත් ඔබතුමන්ලාම තමයි.

:       22       603

ලෙබ්බේ Monday, 21 October 2019 04:13 AM

99 අවුරුද්දකට සල්ලි තියන සමනලයෙක් හොයලා ඔයාගේ බිරිඳවත් දෙන්න..

:       210       15

seneviMonday, 21 October 2019 06:29 AM

නැව් එන්නේ නැති වරායක් හැදුවම, අාදායමක් නැහැ. එතකොට ණය ගෙවන්න විදියක් නැහැ. ඊට පස්සේ වරාය බදු නොදී මහින්දගේ දේපල විකුණලාද ණය ගෙවන්නේ. මහින්දගේ ආණ්ඩුව කාලෙත් අාදායමක් නැතිව ණය නොගෙවා ඩොලර් මිලියන ගණන් එකතු වෙලා තිබ්බේ මේ රජය එනකොට... අනික හිතෙන හිතෙන තැන්වල වරායවල් හැදුවට නැව් එන්නේ නැහැ.

:       13       127

sandy123Monday, 21 October 2019 06:31 AM

විවේචනය කරන්න. නමුත් නොහොබිනා කතා නොකියන්න. එයින් ඔබේ හැදියාව සහ ගැතිභාවය මොනටව පැහැදිලි වෙයි.

:       39       25

dhammika perera Sunday, 20 October 2019 11:51 PM

ඇමෙරිකාවට අවශ්‍ය ලෙස සියල්ල සිදුවෙමින් සහ සිදුකරමින් තිබේ.

:       54       163

parakkramaMonday, 21 October 2019 05:37 AM

ඇමරිකන් කාරයෙක් ලංකාවේ ජනපති වනවාට ඇමෙරිකාව කැමති නිසා, තරඟයේ ඉන්න ඇමරිකන් පුරවැසියාට ඇමරිකාවෙන් ලැබෙන උපදෙස් පරිදි දන්නා සියලු සෙල්ලම් උප්පරවැට්ටි අයියාගේ මාර්ගයෙන් දාලා කොහොම හරි දිනවන්න වගේ යන්නේ...

:       5       142

Kamal KoyralaMonday, 21 October 2019 06:29 AM

කොහෙත්ම වෙන්නේ නැහැ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඥාණසාර හාමුදුරුවන්, ඉත්තෑකන්දේ හාමුදුරුවෝ, උලපනේ හාමුදුරුවෝ, මාගල් කන්දේ හාමුදුරුවෝ, රාවණා බලය, බෙල්ලන්විල හාමුදුරුවෝ අභයාරාමයේ හාමුදුරුවෝ, මඩකලපුවේ මංගල හාමුදුරුවෝ, සිංහලේ අපි, අතුරලියේ හාමුදුරුවෝ ඉන්නකම් පොහොට්ටුවේ...

:       10       36

Chathuri Sunday, 20 October 2019 11:56 PM

මෙවර ලිත් ගහන්නේ නැතිව, සිල්රෙදී දෙන්නේ නැතිව සිමෙන්ති කොට්ට දුන්නා. එ්ක කොයිතරම් ලොකු දෙයක්ද? නාමල් බේබි උතුරේද ඉන්නේ? තරුණියන් ආරක්ෂා කරන්න වෙනම කට්ටියක් ඉන්නවද? අයියගේ ආසාව ඉෂ්ඨ කරන්න මල්ලිව බිල්ලට දෙන්නයි යන්නේ..

:       81       408

kamal koyralaMonday, 21 October 2019 06:32 AM

මේ දේශපාලුවෝ තමයි අල්ලසට ජනතාව පුරුදු කරන්නේ

:       0       101

mahinda Monday, 21 October 2019 12:18 AM

යූඑන්පී එකේ හම්බන්තොටට වැඩ කලේ නැද්ද? ගෙවල් හැදුවා, පාලම්, පාරවල් හදලා කියලා ටීවී එකේ නම් පෙන්නුවා. ඒවායේ පුවරුත් පෙන්නුවා. එතකොට බොරුව කොහෙද?

:       37       267

anuraMonday, 21 October 2019 04:37 AM

පෙට්ටි ගෙවල් හා මගීපාලම...

:       321       116

HafeelMonday, 21 October 2019 07:29 AM

හම්බන්තොටට මහින්ද වගේ කවුරුත් කළේ නැහැ කියන එකේ අැත්තක් තියනවා. සූරියවැව ක්‍රීඩාංගණය වැඩිම ලකුණු වාර්තා කලේ මහින්දයි. කෝප් වාර්තාවෙන් මේක හෙලි වුණා.

:       0       56

Bamunuarachchi Monday, 21 October 2019 01:04 AM

උතුරේ ඡන්ද වර්ජනය ඔබට වෙස්වලාගෙන එන ආශීර්වාදයක්. 2005 ඒ ආශිර්වාදය ඔබට ලබාදුන්නේ ප්‍රභාකරන්.... එය එයාටම සුවිසයිඩ් බෝම්බයක් වුණා. කාටද ආඩම්බර..?

:       158       280

Dayan Monday, 21 October 2019 01:23 AM

දෙමළ ජනතාව මේ සැරෙත් කයි..., ගිය සැරේ වගේම එහෙනම්. පාඩම් අමතක වෙලාද?

:       19       30

ලකීලෑන්ඩ් Monday, 21 October 2019 01:23 AM

විකල්ප අයට තව කල්පයක් විතර ඉන්න වෙයි..

:       37       22

ලුම්බිණි Monday, 21 October 2019 04:02 AM

හම්බන්තොට වරාය සඳහා ගත්ත ණය ගැන නොකියා විකුණලා මේ රජය ගත්ත සල්ලි කතාව පමණක් කියන්නේ ඇයි...?

:       1       179

සමන්ත Monday, 21 October 2019 04:41 AM

මේ නොකියා කියන්නේ වර්ජනය කරපල්ලා කියලා.. මෙයා කියන ඒවා අහන්න තරම් ඒ මිනිස්සු අබ්බගාතයන් නෙමේ.. 2005 එල්.ටී.ටී. යට සල්ලි දීලා ඒ වැඩේ කරවාගෙන ඔවුන් තමන්ටම වින කරගත්ත එක ඒ මිනිස්සුන්ට තවම මතක ඇති...

:       1       101

salmal Monday, 21 October 2019 05:05 AM

ගෝටාට උතුරේ උසාවියට යන්න බයයි කිව්වා. වැරදිලා හරි ජනපති වුනොත් යාපනයට යන්නේ නැද්ද?

:       1       130

pakeer Monday, 21 October 2019 06:05 AM

එහෙනම් ඉතින් මහින්ද ඡන්දෙ දිනයි.

:       3       2

Prabha Monday, 21 October 2019 06:11 AM

පුතාව ඡන්දෙන් ඈත් කරලා තියන්න. තියෙන ඡන්ද ටිකත් නැති කරලා තමා නවතින්නේ.

:       0       168

අංජනම් සුමනදාස Monday, 21 October 2019 06:36 AM

පුතා යාපනයේ ගිහින් කියන කතා ටිකට පොහොට්ටුවට තියෙන ඡන්ද ටිකත් කැඩී යනවා. මුස්ලිම් ප්‍රදේශ දියුණු වෙලාලු. දෙමල ප්‍රදේශ දියුණු නැහැල්ලු. ඉතින් පොහොට්ටුවට තිබෙන මුස්ලිම් ඡන්ද ටිකත් නැති වෙනවා නේද.

:       0       53

Rata Perata Monday, 21 October 2019 06:11 AM

කියන කිසිදෙයක් සත 5 කට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි මෙයා. පවුලේ බලය වෙනුවෙන් ඕන වැඩක් කරයි. වහල්ලුන්ට නම් හොඳයි ඉතින්.

:       0       263

lanka Monday, 21 October 2019 06:18 AM

ජනාධිපතිවරණ ඔක්කොම තීරණය කරන්නේ දෙමල ඡන්ද. මෙවරත් ඒක එහෙම තමයි .

:       0       30

Hafeel Monday, 21 October 2019 07:31 AM

උතුරු, නැගෙනහිර ඡන්ද වර්ජන ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ මෙයාටයි. 2005දී ඔය වැඩේ සාර්ථක කළා..

:       1       26

isuru Monday, 21 October 2019 08:55 AM

ඒ මහත්තයෝ 2005 ඔබතුමා.. එල්.ටී.ටී. යට සල්ලි දීලා ඡන්දේ වර්ජනය කරපු වග රටටම මතකයි.

:       0       20

කපුරුහාමි Monday, 21 October 2019 09:29 AM

තමුන් ඔය කතා කරන්නේ කටින් නම් වෙන්න බැහැ. කොටින්ට අල්ලස් දීලා උතුරේ ඡන්දෙ වර්ජනේ කෙරුවේ තමුන් කියලා ලෝකෙම දන්නවා. බලතණ්හාව වෙනුවෙන් තමුන් මොනවද නොකෙරුවේ. දූෂිත පවුල් පාලනයක් ගෙනගිය බලලෝබි තමුන් ගැන මොන කතාද?

:       0       209

BamunuarachchiTuesday, 22 October 2019 01:17 AM

මොකක්ද අනේ ඔය මෝඩ කතාව? කොටින්ට දුන්නේ කාගේ සල්ලිද? කොටි සල්ලි අරගෙන තමන්ගේ සටන පාවා දේවිද කියා හිතන්න තරම් මොලයක් නැති මේවගේ අය ඉන්න රටක් මේ සම්ම්ජ්ජාතියේ හදන්න බැහැ.

:       2       0

විජිත් Tuesday, 22 October 2019 07:11 PM

ඇත්ත බමුණු, ඔය ලොක්කා රුපියල් මිලියන 600ක් කොටියට අල්ලස් ලෙස දීලා චන්දෙ බලෙන් වර්ජනය කරවව්වා. ඒ නඩුව ටික කලක් ඇදී ඇදී ගිහින් ටිරාන් කාරයාව එලියට දැම්මා.

:       0       0

BamunuarachchiWednesday, 23 October 2019 04:32 PM

මිලියන 600ක් දුන්නේ රාජපක්ෂගේ බූදලෙන්ද? ඒ කියන්නේ ප්‍රභාකරන් මිලියන 600ක් අරන් රාජපක්ෂ ජනාධිපතිකර තමන්ගේ සටන පාවාදීලා තමන්ම නැතිකර ගත්තා. අනේ මේවගේ අමනයන් 62 ලක්ෂයක් මේ රටේ ඉන්නවානේ. ඉතින් මෙරට අපේ ළමයි හැරයනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද?

:       0       0

විජිත් Tuesday, 22 October 2019 10:15 AM

ඔබට අතීතය අමතක වුනාට අපිට අතීතය අමතක නැහැ. ඒ වගේමයි මේ රටේ බහුතරයක් මිනිසුන්ටත්.....ඔබලා වැනි නොමිනිසුන් සිටිය යුත්තේ මෙහි නොවේ.

:       0       20

BamunuarachchiWednesday, 23 October 2019 04:36 PM

ඔබට අතීතය අමතක වුණාට අපිට අතීතය අමතක නැහැල්ලු. මොකක්ද ඔබට මතක අතීතය කියන්න බලන්න. මම මේ රටේ දේශපාලන අතීතය දන්නේ සේනානායක අශ්වයා පිටින් වැටුණු දවසේ සිටයි. ඔබ ඒ අතීතය දන්නවද? ඔබ දන්නා අතීතය පොඩි එවුන්ට 'බෙඩ් ටයිම් ස්ටෝරීස්' හැටියට කියන්න තියාගන්න... අපිට කියන්න එපා.

:       0       1

amare Friday, 25 October 2019 08:33 AM

කොහොමත් මේ පාර ගෝඨාභයට හොම්බෙන් යන්න වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1137 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 366 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 436 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 356 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 535 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4432 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site