( ලසන්ත නිරෝෂණ පෙරේරා )
කොරොනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා (හෙට ) 22 වනදා සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ .
මහජන සෞඛ්‍ය නීති අනුව සංචාරකයින්ට අලි පැටවුන් නැරබ්මේ හැකියාව නැරඹුම් කුටියේ සිට ලබාදෙන බව උඩවලව ඇත් අතුරු සෙවණ කාර්යාලය පවසයි .
උඩවලව ජාතික වනෝද්‍යානය ද ඉකුත් 15 වනදා සිට ව්වෘත කර තිබේ .
සංචාරක වාහන 150 ක් පමණ දිනකට වනඋද්‍යානය තුළට ඇතුළත් කර ගැනිමට වනජිව් සංරක්ෂණ දේපාර්තමේන්තුව උපදෙස් ලබාදි තිබේ . උඩවලව ජාතික වනෝද්‍යානය ව්වෘත කර ගතවු දින පහක කාලයේදී සැලකියයුතු දේශිය සංචාරකයින් පිරිසක් වනඋද්‍යානය නැරඹීමට පැමිණ තිබේ .
විදෙස් සංචාරකයින්ට මෙරටට පැමිණිමට අවසර ලැබුණු පසු උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවණ නැරඹීමට සුපුරුදු ලෙස සංචාරකයින් එනු ඇතැයි උඩවලව සංචාරක කර්මාන්තයේ යෙදෙන අයගේ විශ්වාසයයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 09:20 AM
සතුටුදායක ආරංචියක් !!! අනේ .. මේ අසරණ සුරතල් අලි බබාලාට කිරිපොවන අයුරු මොනතරම් බලාසිටියත් සිතට අතිවෙන්නේ නැහැ ... අර කියමනක් තියෙනවානේ .. අලි බැලිල්ල කවදාවත් එපාවෙන්නේ නැහැ කියා ..
විජිත් Sunday, 21 June 2020 09:43 AM
අලි බලද්දි... කාලය කියන නිරපේක්ෂ සාධකය ශුන්‍යයි කියලා අපි උපකල්පනය කරමු. එතකොට අපිට ඕනා වෙලාවක් මේ දැවැන්තයින්ගේ වැඩ කිඩ බලන්න පුළුවනි. අවසන් වරට මම මේගොල්ලෝ බලන්නගියේ දැනට අවුරුදු 2 කට කලින්. අලි චුට්ටන්ට කිරි දෙන වෙලාව තමයි කාගේත් සිත් ගන්න අවස්ථාව. ඔක්කොටම එකපාර කිරි දෙන්නේ නැහැ. කට්ටියෙන් කට්ටිය තමයි ගන්නේ. එක සැරයක් බිලා හොරෙන් ආයෙමත් එන ඇට්ටර පැටව් කීප දෙනෙකුත් හිටියා. අසනීප අයට බෙහෙත් කරන්න දක්ෂ දොස්තර මහත්ම, මහත්මින්ලා කීප දෙනෙක් එහි ඉන්නවා. ඒවගේම තමයි කාර්ය මණ්ඩලය මේ දැවැන්තයින් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් කරනවා. මේ අලි පැටව් ලොකුවුනාම ටිකෙන් ටික අපි ඒගොල්ලන්ට තියෙන ඇගෑලුම්කම දුරස්ව තියාගන්නවා. මොකද මේ අයව වනයට හුරු කරන්න ඕනනේ. ගොඩක්ම ආදරයෙන්, කිට්ටුවෙන් ඉඳලා හැදුවොත් ඒගොල්ලෝ කැලාවට යන්න කැමති නැහැ. ආපහු එනවා. ඔබත් ඒ පැත්තේ යනවානම් දුප්පත් අහිංසක දු දරුවන් රාශියක් ඔබටත් මගදී දැකගන්න ලැබේවි. ඒගොල්ලන්ට ඉස්කෝලේ ගෙනියන්න පොත් පත් වත් නැහැ. ඇඳුම් හරියට නැහැ.. හැකිනම්පොත් පත් පෑන් පන්සල් ආදියටිකක් අරගෙන යන්න.. අලි බැලුවාටත් වඩා සතුටක් ඔබ ලබාවි.. ඒ දරුවන් ඔබේ පරිත්‍යාගයෙන් ලබන අහිංසක සතුට දැක්කම..