IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටනක් ගෙනයනවා‘‘

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව අනුකම්පා විරහිත සටනක් ගෙන යන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (8) ප්‍රකාශ කළේය.

ප්‍රංශ පොලිස් නිලධාරියකු කළ පිහි ප්‍රහාරයකින් මරුමුවට පත්වූ පොලිස් නිලධාරීන් සිවුදෙනාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ජනාධිපති මැක්රෝන් ඒ බව කීවේය

ප්‍රංශ පොලිසියේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක විශේෂඥයකු වූ මයිකල් හාර්පන් කළ එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වූහ. විනාඩි 30කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැති එම ගැටුම අවසන් වූයේ තවත් පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් මයිකල් හාර්පන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟය. පොලිසිය තුළම සිදු වූ මෙම සිදුවීමෙන් මුළු ප්‍රංශයම කම්පාවටත් ත්‍රාසයටත් පත්විය.

හාර්පන් අන්තවාදයට නැඹුරු වී සිටි බව පසුව කරන ලද විමර්ශනවලදී සොයාගැනුණි. කෙසේ නමුත් හාර්පන් අන්තාවදයට නැඹුරු වීම කිසිවකුගේ අවධානයට ලක් නොවීම මේ වනවිට විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

“අපි ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා. ඊට කිසිදු අනුකම්පාවක් නැහැ” යැයි අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසීය.

“හාර්පන් 2003 ඉඳන් පොලිසියට සේවය කළා කියලා හිතන්න අමාරුයි. එය පිළිගන්න බැරි දෙයක්. ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවන් අල්ලන්න සේවය කරපු තැන ඉඳලම මෙහෙම දෙයක් කරපු එක කොහෙත්ම පිළිගන්න බැහැ” යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය.

පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ මෙම සිදුවීමත් සමඟ 2015 වසරේ සිට ඉස්ලාමීය අන්තවාදීන් හෝ ඔවුන් සම්බන්ධ වූ ප්‍රහාරවලින් මියගිය ප්‍රංශ ජාතිකයන්ගේ සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගියේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාමීය අන්තවාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට චෝදනා කළ ප්‍රංශ ජනාධිපතිවරයා අන්තවාදය ප්‍රංශයෙන් තුරන් කරන බව ද අවධාරණය කර කීය. එමෙන්ම ප්‍රංශය තුළ විමසිලිමත් සමාජයක් ගොඩනගන බව හෙතෙම කීවේය.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර හාර්පන් දැඩි මතධාරී සලාෆිවරුන් සමඟ සබඳතා පවත්වා ඇතැයි ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඒ.එෆ්.පී

055

 



අදහස් (12)

‘‘ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටනක් ගෙනයනවා‘‘

Prabha Tuesday, 08 October 2019 07:46 PM

ත්‍රස්තවාදයට රැකවරණය දෙන සියලුම රටවල් මේකෙන් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි.

:       271       431

josephWednesday, 09 October 2019 10:45 AM

සිංහල ත්‍රස්තවාදීන් දෙමළ මිනිස්සුන්ට කරා වගේ වැඩක්නේ මේක..

:       0       1

nelumWednesday, 09 October 2019 10:52 AM

ලංකාව සහ ඇමරිකාව වගේ..

:       0       0

akdiekd Wednesday, 09 October 2019 01:46 AM

කොටුව පොලිසියේ අපරාධ - පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්...????

:       156       272

ranjith Wednesday, 09 October 2019 03:05 AM

අපේ රටේ නායකයෝනම් මෙහෙම කියන්නේ නැහැ

:       148       293

Cisco Wednesday, 09 October 2019 03:07 AM

ඔන්න එකට අපි.

:       93       226

Ruby Wednesday, 09 October 2019 03:40 AM

අපි කරානම් මානව හිමිකම් කඩ කලා කියලා සම්බාදක දමාවි.

:       131       569

jayath Wednesday, 09 October 2019 03:59 AM

මේක මුළු ලෝකෙටම තර්ජනයක් මෙහෙත් හාර්ෆන් ල හිටිය, ඉන්නවා පහුගිය දොහේදී දැක්ක නෙව. මේක මේ ජනපතිවරණය මේ රටේ සාමය අගයන මොනම ජාතියක හරි අන්තවාදය, ජාතිවාදය මේ රටින් අතුගාන්න පුළුවන් කව්රුහරි තෝරාගන්න එකක් කරගන්න එක මේ රටේ ජනතාවටම බාරයි

:       34       217

AmalWednesday, 09 October 2019 12:37 PM

සහතික ඇත්ත..., අපේ බහුතරයක් දෙනා දැන් ජනපතිවරණයට ඉල්ලන එකෙක්වත් එපා කියකියා උඩ බලන් ඉන්නවා. ඔහොම හිටියට සාන්තුවරයෙක්, දියසෙන් පහළවෙන්නේ නැහැ. මේ දවස් 40දී, කරුණාකරලා හිතට එකඟව ඉන්න නරක උන්ගෙන් රටට, ජාතියට ටිකක් හරි ආදරය තියන කෙනෙක් බලල ඡන්දෙ දෙන්න. නැත්නම් 2030 වෙනකොට අන්තවාදීන් යටතේ ජීවත්වෙන්න... දැන්මම එම ආගමික පොත කියවලා කටපාඩම් කරගන්න. සේරම කාන්තාවන්ට ලෝගු අඳින්න පුරුදු වෙන්න කියන්න.

:       0       0

නොකවුට් Wednesday, 09 October 2019 04:20 AM

අපේ රටේ නායකයන්ටත් මේවා හොඳ පාඩම්

:       120       317

palitha Wednesday, 09 October 2019 07:33 AM

මෙන්න නියම ජනාධිපති වරු. කිව්වොත් එකයි, කෙරුවොත් එකයි. එකෙක් මීක් නෑ, එකට ලංකාවේ කිව්වොත් කරන්නෙම එකේ අනිත් පැත්ත.

:       130       460

janis Wednesday, 09 October 2019 12:01 PM

මෙන්න නියම නායකයෝ , මේවා වත් බලලා අපේ නායකයෝ හැදෙනවානම් .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 12 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 5 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 327 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2884 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 609 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1261 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site