IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


'ඉවසීම කියන්නේ නිවටකම නොවේ'


මුදිතා දයානන්ද
 
මිනිහෙකුට යමක් ඉවසා සිටීමට හේතු පැවතියද, කිසියම් මොහොතක එය පුපුරා යන බවත්, එතෙක් බලාසිටීම නිවටකමක් සේ පෙනෙන්නට හැකි බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉවසා බැරිම තැන ගත යුතු නිවැරදි තීන්දුව ගෙන ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (30) පැවසීය.


ගම්මන්පිල මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 


තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.


“දිය බින්දුවක් වුණත් මල් පෙත්තක් මතට වැටුණොත් උරාබොන්න පුලුවන්. ඒත් එය අසූචි ගොඩක් උඩට වැටුණොත් අපි පයින් පාගන්නවත් යන්නේ නැහැ. ඕනෑම දෙයක් තිබෙන තැන අනුව වටිනාකම වෙනස් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඒක අදාළයි. අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කාලේ අපි එතුමාව විවේචනය කළේ නැහැ.

වැරදි තැනකට ගිහින් වැරදි දේවල්වලට සහය දෙන කොට අපි විවේචනය කළා. දැන් එතුමා නැවතත් හරි තැන තෝරාගෙන තිබෙනවා. ඒ නිසා අපිට එතුමා ගැන දැන් විවේචනයක් නැහැ. 


මෛත්‍රීපාල සිරිසේන මහතාම පාපෝච්චාරණය කර තිබෙනවානේ තමන්ට වැඩ කරන්න සිදුවුණු තත්ත්වය ගැන. එතුමාත් ඉවසලා බැරිම තැන තීන්දුවක් අරගෙන තිබෙනවා.”



අදහස් (4)

'ඉවසීම කියන්නේ නිවටකම නොවේ'

Nuwan Tuesday, 30 October 2018 10:18 AM

අර ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් බිලියන් ගණනක වංචාවක් කිරීම නිසා ඔවුනුත් ඉවසනවා තාමත් දැන් වසර ගණනාවක් වෙනවා දවසක එකත් පුපුරලා යයි

:       0       0

chathuri Tuesday, 30 October 2018 10:49 AM

මහින්දට කියපු ටිකම තමයි රනිල්ට කියන්නෙත් එක ගැනියෙක් එක්ක පවුල් නොකා වටේටම රස බලන්න යනකොට වෙන දේවල් .... මෛත්‍රීව විවේචනය කරපු හැටි. බලාගන්න කට්ටිය පැරදිලා යනකොට කියපු කරපුවා..... අමතකයි.....

:       154       31

Kumara Tuesday, 30 October 2018 11:34 AM

මෙය රටේ ලොකුම විහිලුව බව රටේ මිනිස්සු දන්නවා...

:       0       0

ධනුෂ්ක Tuesday, 30 October 2018 12:35 PM

නුඹලානම් අසූචි ගොඩ උඩ වැටුණුජල බින්දුව කෙසේ වෙතත් රුපියල් සියයක් වගේ තිබුනොත් නම් එය අතින් නොව දිවෙන් අරන් සුවඳයි කියයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 523 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 104 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 784 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 795 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1194 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1087 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site