IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉම්රාන් ඛාන් සාකච්ඡාවට අත දිගුකරයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර අද අලුයම ආරම්භ වූ එදිරිවාදිකම් වලින් පසුව දෙරට අතර සාකච්ඡා ආරම්භ විය යුතු යයි පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා කියයි.

දෙරට අතර යුදමය එදිරිවාදිකම් ආරම්භ වූයේ දශක ගණනාවකට පසුවය.

 
1971 න් මෙපිට දෙරටම යුද ක්‍රියාමාර්ගයකට නොගියහ. එහෙත් දෙදිනකට පෙර ජම්මු කාශ්මීර් කලාපයේදී ජයිස් ඊ-මොහොමඩ් කණ්ඩායමේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවන් 40 දෙනකුට දිවි අහිමි වීමෙන් පසුව ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්‍රස්තවාදී කඳවුරු වලට බෝම්බ හෙළීය.
 
පසුව පාකිස්තානයට ඊට ප්‍රතිප්‍රහාර දීම හේතුවෙන් ඉන්දීය සහ පාකිස්තානු ගුවන් හමුදා අතර සටන් ඇවිළිණ.
 
‘‘අපේ ක්‍රියාමාර්ගයෙන් කියන්නට ඕනෑ කළේ ඔබලාට අපේ රටට එන්න පුළුවන් නම් අපටත් ඔබලාගේ පෙදෙසට එන්න පුළුවන් කියලයි....මේ ක්‍රියාමාර්ගයේදී ඔවුන්ගේ මිග් යානා දෙකක් වෙඩි තබා බිම දැම්මා. ඒත් මෙතැන් සිට අපි අපගේ ඔළුව පාවිච්චි කරලා බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ‘‘ යයි ඉම්රාන් ඛාන් සිය ප්‍රකාශය පටිගත කිරීමෙන් පසුව රූපවාහිනීයෙන් විකාශය කළේය.
 

‘‘මම ඉන්දියාවෙන් ඉල්ලන්නේ මෙච්චරයි....
 
ඔබලාගේ තියෙන ආයුධත්, අපට තියෙන ආයුධත් එක්ක, අපි දෙගොල්ලන්ටම වැරදි තීරණයක් ගන්න පුළුවන්. ඒත් මේක ඇවිළිලා ගියොත්, ඒක එතැනින් එහාට මටවත් මෝදිටවත් පාලනය කරන්න පුළුවන් එකක් නෙමේ‘‘


 
ඉන්දියාව මෙන්ම පාකිස්ථානයද න්‍යෂ්ටික අවි ඇති  බල සම්පන්න  යුද හමුදා සහිත  රටවල් දෙකකි.

‘‘ඒ නිසා සාකච්ඡා සඳහා එන්න කියා මා ඔබට ආරාධනා කරනවා. අවබෝධයෙන් ක්‍රියා කිරීම වඩාත් හොඳයි කියා මා හිතනවා“ යයි ද පාකිස්තානු අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 
පාකිස්තානයේ විශාලතම ත්‍රස්තවාදී කඳවුරක් වන බලාකොට් වෙත ඉන්දීය ගුවන් හමුදා විසින් පහර දෙනු ලැබීමෙන් පසුව පාකිස්තානු ගුවන් හමුදාවද ප්‍රතිප්‍රහාර දුන්නේය.
 
පාකිස්තානයේ එෆ්-16 ගුවන් යානයක් ඉන්දීය ගුවන් හමුදාව විසින් බිම දමන ලද අතර ඉන්දියාවටද මිග් යානාවක් අහිමි විය. එහිදී ඉන්දීය මිග් යානා දෙකක් බිම වැටුණු අතර ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තානයේ අත්අඩංගුවට පත්වූ බව කියැවේ.
 
පාකිස්තානු ප්‍රති ප්‍රහාර ක්‍රියාත්මක වූයේ “නියම වෙලාව ආවම නියම තැන අපි තෝරගන්නම්“ යයි ඉස්ලාමාබාදයෙන් කළ අනතුරු ඇඟවීමකින් පැය කිහිපයකින් පසුවය. පාකිස්තානු යුද හමුදාවේ ප්‍රකාශක මේජර් ජනරාල් අසිෆ් ගෆූර් මහතා “අපි නුඹලාව මවිතයට පත්කරනවා....ඒ මවිතයට සූදානමින් ඉන්න“ යයි පැවසීය.



අදහස් (12)

ඉම්රාන් ඛාන් සාකච්ඡාවට අත දිගුකරයි

Bamunuarachchi Wednesday, 27 February 2019 02:04 PM

ඒකනේ මම වෙන තැනක ලීවේ "සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙන්න කියා".

:       29       90

smn Wednesday, 27 February 2019 02:29 PM

දැන් පවතින තත්වයේ හැටියට මෝදි ඉල්ලංකන බවයි අපිට කියන්නට තියෙන්නේ... ඒ නිසා සාකච්ඡා කරලා ගොඩින් බේරගන්නවා නම් තමයි මෝදිට හොඳ...

:       54       146

chandima Wednesday, 27 February 2019 04:09 PM

එක්කෙනෙකුටවත් පක්ෂ වෙලා බැහැ. දෙගොල්ලොම අපිට ඉහඳ මැස්සෝ වගේ තමයි. අඟේ ඉඳන් කනකනවා. කෙළගෙන දෙගොල්ලොම ටිකක් සල්ලන් වෙනවා නම්?

:       44       185

Mahee Wednesday, 27 February 2019 04:58 PM

පසුබිම් හේතුව කුමක් වුනත් ඉම්රාන් ඛාන් කියා ඇති වචන ටික වැදගත්. රටක යහපත වෙනුවෙන් තමන්ගේ අහංකාරකම් කැප කරන්න නායකයන් හිතට ගන්නවා නම් යුද්ධ අවශ්‍ය නැහැ.

:       0       304

saman Wednesday, 27 February 2019 05:25 PM

ඔන්න ඇස්පනාපිටම පෙනෙනවා නේද කරන්න ඕන දේ.

:       0       17

අජිත් Thursday, 28 February 2019 12:58 AM

මේක මෙතනිම්ම නතර වෙන එක හොඳ දෙයක් .නැත් නම් අපිටත් ලොකු බලපෑමක් වෙනවා .

:       1       23

sarath Thursday, 28 February 2019 01:19 AM

වැඩේ පටන් ගත්තේ ඉන්දියාවෙන් නොවී නේ.පාකිස්තානේ පැත්තේ ඉන්න ත්‍රස්තවාදීන් ඉන්දීය හමුදා බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කරලනේ .ඉතින් ඉම්රාන් ට ඕනෙම නම් එයාගේ පැත්තේ ඉන්න ත්‍රස්තවාදී ටික නැති කරන්න පුළුවන්නේ. ඉන්දියාව ලංකාවේ මුහුදු සීමාව උල්ලංගනය කරලා බේරුනාට පකිස්තානෙත් එක්ක බැහැ වගේ .

:       52       322

anura polishpathi Thursday, 28 February 2019 03:18 AM

ඔන්න ඔ්කයි තත්වේ 1971 නම් මේ රටවල් දෙකටම කතා කරන්න සිර්මාවෝ බණ්ඩාරනායක නම් නයිකාවක ලංකාවේ හිටිය

:       0       133

LOKKAYA Thursday, 28 February 2019 04:49 AM

උබල කෙලගන්නකොට පරිස්සමින් අපේ පැත්තට එහෙම අරව මේවා වට්ටන්නේ නැතුව.

:       0       57

d.upul Thursday, 28 February 2019 05:03 AM

සිංහයොත් තණකොළ කනවලු.

:       0       0

saman Thursday, 28 February 2019 07:08 AM

ඉම්රාන් බොහොම පරිනත නායකයෙක් වගේ හිතෙන්නේ . වයස ගියත් මෝදි හරි මෝඩ වගේ

:       0       3

Nuwan Thursday, 28 February 2019 09:27 AM

ලෝකෙට ඉස්ලාම් ත්‍රස්තවාදය නිපදවන එක රටක් තමා පාකිස්ථානය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 121 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 323 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 799 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1089 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 378 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site