ඉන්දු-චීන දේශසීමාවේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වෙඩි තැබීම සිදුව ඇත්තේ දේශසීමාවේ පිහිටි නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ යැයි ද වාර්තා වේ.
මාස තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ ඉන්දු-චීන හමුදා අතර මෙම ප්‍රදේශයේ ගැටුම් පවතී.
දේශසීමාවේ ඉන්දු චීන හමුදා අතර නිරන්තරයෙන් ඇති වන ගැටුම් සමනය කිරීම සඳහා දෙරට අතර මාස තුනක් තිස්සේ සාකච්ඡා පැවැත්වෙන නමුත් තවමත් විසඳුමකට පැමිණීමට දෙපාර්ශවයම අසමත් වී තිබේ.
ලඩාක් ප්‍රදේශයේ පන්ගොන් විලේ දකුණු ඉවුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රදේශයෙක් ලෙස සැලකේ. එම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට ඉන්දීය හමුදා සමත් වී තිබෙන අතර චීන හමුදා පසුගිය දිනෙක එම ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට උත්සාහ කළේ යැයි ද ඉන්දීය හමුදා එම උත්සහාය ව්‍යර්ථ කළේ යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉකුත් අප්‍රේල් මාසයේ සිට ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ ගැටුම් පවතින අතර චීන හමුදා අවස්ථා කිහිපයදීම ඉන්දීය පාලන ප්‍රදේශවලට කඩා වැදුණි. ගල්වාන් නිම්නය ආසන්නයේ දී මේ ආකාරයෙන් අවස්ථා කිහිපයදීම ගැටුම් ඇති වූ අතර එක් අවස්ථාවකදී එම ගැටුම් හේතුවෙන් ඉන්දීය හමුදාවේ 20 දෙනෙක් ජීවතක්ෂයට පත්වූහ.
පසුගිය කාලයේදී දෙරටේ හමුදාවල ලුතිනන් ජෙනරාල්වරුන්ගේ මට්ටමින් ද සාකච්ඡා පැවැත්වුණු අතර ඒ කිසිවකදී විසඳුමකට පැමිණීමට දෙපාර්ශවයම අසමත්ව ඇත.
‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ඇසුරිනි
055
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දු චීන දේශසීමාවේ වෙඩි තැබීමක්