IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි

ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දියාවේ මහ මැතිවරණය සති හයක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර අද (11) ආරම්භ වූ මැතිවරණයේ ඡන්ද විමසීම් අවසන් වනුයේ මැයි මස (19) වැනිදා ය. ඉන්දියාව යනු ලොව දෙවැනි විශාලතම ජනගහනය හිමි රට ද වේ. 

ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ලක්ෂ 10 කදී ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. 

මෙවර මහ මැතිවරණයට නව ඡන්ද දායකයන් ලක්ෂ 410ක් ලියාපදිංචි වී සිටිති. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින පිරිසෙන් හරි අඩක් කාන්තාවෝය. ඡන්ද දායකයන් 39,000ක් සංක්‍රාන්ති සම්භාවීය පුද්ගලයන්ය.

2010 වසරේ සිට විදෙස් ගත ඉන්දීය ජාතිකයන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දීය මැතිවරණ කොමිසම අවස්ථාව සලසා දී තිබේ. 

දේශපාලන පක්ෂ 2,300ක් ඉන්දීය මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇති නමුත් ජාතික මට්ටමේ ප්‍රධාන පක්ෂ ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ හතක් පමණි. පක්ෂ 59ක් ප්‍රාන්ත මට්ටමෙන් ඉදිරිපත් ව සිටී. 

 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (3)

ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි

Mudali Thursday, 11 April 2019 09:28 AM

හුණ්ඩුවක් වගේ තියෙන අපේ රටේ මැතිවරණ පවත්වල පපුවෙ අමාරුව හදාගත්ත මැකොලත් හිටියේ? අම්මප , ඉන්දියාව වගේ රටක මහා මැතිවරණයක් පැවැත්වීම පුදුමෙනුත් පුදුමයක්.

:       0       18

UAE Sanath Thursday, 11 April 2019 11:44 AM

අගමැති මෝඩිට අවාසිදායක තත්වයක් තමා තියෙනවා කියන්නේ. එත් කොංග්‍රසයටත් තනියම දිනන්න අමාරුලු. මෝඩි ආපහු දිනුවත් කලින් තරම් බලයක් ලැබෙන්නේ නැහැ. කොහොමත් ඉන්දියාවේ ශක්තිමත් ආණ්ඩුවක් හැදුනොත් කලාපයේ අනිත් රටවල් වලට ඇගිලි ගහනවා වැඩියි.

:       0       72

Chandadasa Friday, 12 April 2019 09:00 AM

තව දින 4 කින් අප්‍රේල් 17 වෙනිදා ලෝකයේ 4 වන තැනට වැඩිම ජනගහනය ඉන්න දුපත් 17.500 කට වැඩි ගණනකින් සෑදුන රටක් වන ඉන්දුනීසියාවේ එකම දවසෙ ජනාධිපති. පාර්ලිමේන්තු. පලාත් සභා. ප්‍රාදේශීය සභා. නගර සභා. යන සේරටම ඡන්දය පවත් වනවා. අපේ එක දුපතේ කෝටි 20 ජනතාවගේ ඡන්දෙ තියාගන්න බැරුව අවුරුදු ගානක් මැකෝ සහ පවතින රජය බයිලා කියනවා රට වැසියාට. බැරි නම් පුළුවන් එකෙක් ඉන්දියාවෙන් හරි ඉන්දුනීසියාවෙන් හරි ආනයනය කරලා ඡන්දෙ තිබ්බනම් ප්‍රශ්න ගොඩක් විසදෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 7 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 626 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 508 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 490 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 256 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 703 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site