IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ ප්‍රාන්ත පහකට පළඟැටියෝ කඩාවදිති

පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත පහකට කඩා වැදී ඇත.

පළඟැටි උවදුර පාලනය කිරීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ වනවිට ඉන් බලපෑමට පත් ප්‍රාන්තවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඉන්දියාවේ කෘෂිකාර්ම සහ ගොවි සුබසාධන අමාත්‍යාංශය සඳහන් කළේය.

‘‘ගිනිනිවන රථ 89ක් යොදාගෙන තිබෙනවා. එම ගිනි නිවන රථ යොදාගනිමින් පළිබෝධ නාශක ඉහිනවා. ආවේක්ෂණ වාහන 120ක් යොදාගෙන තිබෙනවා. විදින උපකරණ සහිත පාලන රථ 47ක් යොදවා තිබෙනවා. පළිබෝධක නාශක ඉසිය හැකි ට්‍රැක්ටර් රථ 810ක් යොදාගෙන තිබෙනවා. මේ සියල්ලම විවිධ ආකාරවලින් විවිධ දවස්වලදී පළිඟැටියන් මර්දනය කිරීම සඳහා යොදාගන්නවා’’ යැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

රාජාස්ථාන්, පංජාබ්, ගුජරාට්, මහාරාෂ්ට්‍ර යන මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත පහට අද (28) පස්වරු වනවිට පළඟැටියන් උවදුරට ගොදුරු වී තිබිණි.

ඉන්දියාවෙන් දෛනික වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ගණන ද මේ වනවිට වැඩි වී තිබෙන අතර වැඩිම වයිරස ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තය මේ වනවිට පළඟැටි තර්ජනයට ලක් වී තිබෙන අතර මෙම අර්බුද දෙකම පාලනය කරගැනීමේ දැවැන්ත අභියෝගයකට මේ වනවිට එම ප්‍රාන්තය මුහුණ දී සිටී. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (28) පස්වරු 6 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 56,900 ඉක්මවා ගොස් තිබිණි.

‘හින්දුස්තාන් ටයිම්ස්’

055



අදහස් (1)

ඉන්දියාවේ ප්‍රාන්ත පහකට පළඟැටියෝ කඩාවදිති

CHANDIMA Thursday, 28 May 2020 03:54 PM

දැන් මීළඟට බුරුතු පිටින් කට්ටිය මැරෙන්නේ කෘමිනාශක විෂ වෙලයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 260 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 143 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 187 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 197 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 430 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3640 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site