IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඉන්දියාව කොටි සංවිධානයට පනවා තිබූ තහනම පස් වසරකින් දිගු කරයි

එල්.ටී.ටී.ඊ සංවිධානය මත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. 

ඉන්දියාවේ ස්වෛරීත්වයට හානි කිරීම, ඉන්දියාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ආරම්භ කිරීම සහ කඩා කප්පල්කාරී ක්‍රියා යනාදි කරුණු මුල් කරගනිමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 2014 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය “නීති විරෝධී” සංවිධානයක් ලෙස නම් කළේය.

එලෙස පනවන ලද තහනම තවත් වසර පහකින් දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නව නිවේදනයක් නිකුත් කර තිබේ.

“එල්.ටී.ටී.ඊ. සංවිධානය දිගින් දිගටම ඉන්දීය විරෝධී මතවාද අනුගමනය කරමින් ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වූයේ” යැයි නව නිවේදනය නිකුත් කරමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. 

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් “නීති විරෝධී” සංවිධානයක් බව එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් ඩයස්පෝරාව අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව තුළ ඉන්දීය විරෝධී ආකල්ප ඇති කිරීමට උත්සාහ කරන බවත්, ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පරාජයට ඉන්දීය රජය වගකිව යුතු බවට චෝදනා කරමින් සිටින බවත් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එම තත්ත්වය ඉන්දීය ජාතිකයන්ට විශේෂයෙන්ම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉතාම වැදගත් පුද්ගලයන් සහ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 වසරේදී ශ්‍රී ලංකාවේදී යුදමය වශයෙන් පරාජයට පත්වුවත් “ඊළාම්” සංකල්පය අත්හැර නොමැති බවත් ඒ වෙනුවෙන් මුදල් එකතු කරමින් ප්‍රචාරණාත්මක වැඩසටහන්වල නිරත වී සිටින බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 

ඉතිරි වී සිටින එල්.ටී.ටී.ඊ. නායකයන් සහ කාඩරයන් එම සංවිධානය නැවත සංවිධානගත කිරීම සඳහා දේශීයව සහ අන්තර්ජාතික වශයෙන් කටයුතු කරමින් සිටින බවද එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර ඇත. 

ද හින්දු ඇසුරිනි 

055

 



අදහස් (1)

ඉන්දියාව කොටි සංවිධානයට පනවා තිබූ තහනම පස් වසරකින් දිගු කරයි

Prabha Tuesday, 14 May 2019 11:31 AM

මෝදි මහත්තයා අපේ මංගල අයියව තරහ කරගන්න යන්නේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 695 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 295 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 749 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 762 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 301 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 484 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site