IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඉතාලියේ 366ක් වයිරසයෙන් මිය ගිහින්

කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 366 දක්වා ඉහළ ගොස් ඉතාලි බලධාරිහු පවසති.

එක් දිනක් ඇතුළත මියගිය ගණන 133 කින් ඉහළ ගොස් ඇතැයි ද වයිරසය ආසාදනයවූවන්ගේ ගණන 25%කින් ඉහළ ගොස් ඇතැයිද ඉතාලියේ සිවිල් ආරක්ෂක ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 7,375 දක්වා ඉහළ ගොස් ඇත.

ඉතාලිය මේ වනවිට දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ඉතාලියේ ලොම්බාර්ඩි හා පළාත් 14 ක මිලියන 16කට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී සිටිති.

මෙම ප්‍රදේශවලට යෑමට හෝ ඒවායින් පිටවීමට හෝ අනෙකුත් ගමනාගමන කටයුතු සඳහා විශේෂ අවසරයක් ගැනීමට ජනතාවට සිදුව ඇත.

අත්‍යවශ්‍ය හේතුවක් නැතිනම් ගමන්බිමන් සීමා කරන්නැයි ද ඉතාලි බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇති අතර පොදු ස්ථාන සියල්ල වසා දැමීමට ද ඔවුහු ඉරිදා පියවර ගත්‍හ.

(ඒ.එෆ්.පී./රොයිටර්ස්) 
055



අදහස් (2)

ඉතාලියේ 366ක් වයිරසයෙන් මිය ගිහින්

ඉතාලියේ කෝමෝ සිට ලියමි Monday, 09 March 2020 08:30 AM

ඉතාලිය මේ වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙමින් ඉන්නවා. ඔවුන් මේ වනවිට මෙම වෛරසය ව්‍යාප්තවීම අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා ඔවුන් යම් යම් පළාත්වලින් පළාත්වලට ගමන් කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් කිසිඳු ප්‍රදේශයක නිවෙස්වලින් පිටතට යෑමේ තහනමක් කර නැහැ. ආපනශාලා උදේ 6 සිට සවස 6 දක්වා විවෘතව තිබෙනවා. සියලු වෙළඳසල් විවෘතව තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතය තව දුරටත් පවත්වාගෙන යනවා. මේ සියල්ල මැද මෙම වසංගතය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වගකීමෙන් දායකවෙන ලෙසත් අනවශ්‍ය කලබලවීම්වලින් තොරව සිහි බුද්ධියෙන් කටයුතු කරන ලෙසත් සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

:       0       3

Sanath Kandy Monday, 09 March 2020 08:41 AM

දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්. ලෝකයේ රටවල් වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80% ක් ජිවත් වන ප්‍රශ්නයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකළොත් මානව සංහතියම අනතුරේ. අනවශ්‍යය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණ දීම සදහා අප සුදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමුහිකව මෙයට මුහුණ දුන් නිසා අද වන විට යම් කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමුහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 127 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 526 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 362 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 85 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 354 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 256 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site