IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉඩෝරයෙන් අම්පාරේ ජලාශ සිඳී - ගවපට්ටිකරුවන් පීඩාවට

(නවරත්න සමරතුංග)

නැගෙනහිර පළාතට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් ඉඟිනියාගල, පල්ලන්ඔය, නාමල්ඔය, අම්බලන්ඔය, එක්ගල්ඔය, පන්නල්ගම ආදී ප්‍රධාන ජලාශවල ජල ධාරිතා පහත වැටී ඇතැයි අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. 

ජලාශවල ජල මට්ටම පහත වැටීමට සාපේක්ෂව ගහකොළ සියල්ල මැරීයාමට පටන්ගෙන ඇති බවද, මේ හේතුවෙන් ගව පට්ටිකරුවන් විශාල පිරිසකට තම සතුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීමේ උග‍්‍ර ගැටළුවකට මුහුණපා ඇතැයි ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. 

අක්කර අඩි හත්ලක්ෂ හැත්තෑ හත් දහසක ජල ධාරිතාවයක් රඳවා තබා ගත හැකි ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ අද(21) දිනට පැවති ජලමට්ටම අඩි 48 ක් වූ අතර එහි ජල ධාරිතාවය අක්කර අඩි හැත්තෑ පන්දහස් හයසිය පනහක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් කීය. 

පල්ලන්ඔය ජලාශයේ අද දිනට පැවති ජල මට්ටම අඩි 20 අඟල් 07 ක් ද, නාමල්ඔය ජලාශයේ ජල මට්ටම අඩි 07 අඟල් 07ක්ද, අම්බලන්ඔය ජලාශයේ අඩි 04 අඟල් 06ක්ද, එක්ගල්ඔය ජලාශයේ ජල මට්ටම අඩි12 අඟල් 08ක්ද, පන්නල්ගම ජලාශයේ ජල මට්ටම අඩි 16 අඟල් 07ක්ද වශයෙන් පහත වැටී තිබිණි.

මේ පිළිබඳව සීමා සහිත මිල්කෝ කිරිගොවි සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති ජගත් වීරසිංහ මෙසේ පැවසීය. 

“ගහකොළ මැරිලා ගිහින්. සතුන්ට කන්න දෙයක් නෑ. කුඹුරුවල තියෙන තණකොළ කපාගෙන ඇවිත් දැන් සතුන්ට දෙනවා. අත් මුදලට පෞද්ගලිකව පුන්නක්කු ගෙනැත් දෙන්න සිද්ද වෙලා තියෙනවා. කිරි නිෂ්පාදනයට මේ පෑවිල්ල දරුණු ලෙස බලපාලා” ගොවි සංගම් සභාපති වරයා කීය. 
 
අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා පැවැසුවේ වියළි කාලගුණික තත්වය හේතුවෙන් අවශ්‍ය ස්ථානවලට පානීය ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇති බවය. 

කතරගම පාද යාත‍්‍රා වැනි වැඩසටහන්වලට සහභාගීවන දහස් ගණනක් ජනතාවට පානීය ජලය ලබාදීමට හා ටැංකි ලබා දීම සිදුකරන බවද දිසාපතිවරයා කීය.

පීඩාවට පත්වන ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ජලය සහිත ට‍්‍රැක්ටර්, ලොරි, බවුසර් රථ ස්ථානගත කර ඇති බවද පැවැසූ දිසාපතිවරයා මේ සඳහා රජයෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇති බවද පැවසීය. 



අදහස් (1)

ඉඩෝරයෙන් අම්පාරේ ජලාශ සිඳී - ගවපට්ටිකරුවන් පීඩාවට

chandima Friday, 21 June 2019 04:15 PM

වැව හිඳිලා ගවපට්ටි අමාරුවේ කිව්වම මට හිතුනේ පාර්ලිමේන්තුවට වතුර එන්නෙත් අම්පාරෙන්ද කියලයි..?

:       0       35

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1084 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 474 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 424 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 265 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 478 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 456 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site