IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇවන්ගාඩ් සැකකරුවන් 4ක් තවදුරටත් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ  4, 5, 6 සහ 7 වන සැකකරුවන් තවදුරටත් ලබන මස 6 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත  කිරීමට ගාල්ල අතිරේක  මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(23) නියෝග කළාය.  
 
මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත  කරනු ලැබුවේ 4 වන සැකකාර රක්නා ලංකා සමාගමේ සභාපති  වික්ටර් සමරවීර, 5 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, 6වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල සහ 7වන සැකකාර පොලිස් කොමිසමේ ලේකම්  සමන් දිසානායක යන සැකකරුවෝ  සිව් දෙනා වෙති.
 
සමන් දිසානායක යන සැකකරු මෙයට පෙර නඩුදිනවල අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද   බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
මෙහිදී 7වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට ජයවර්ධනපුර රෝහලේම ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
 

එවිට දැඩි ආරක්ෂාවක් යටතේ සැකකරුවන් ගෙන ඒමට සිදුව ඇති නිසා සැකකරුවන් බන්ධනාගාර රෝහලේ නතර කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස බන්ධනාගාරය ඉල්ලා සිටියේය.
 
එම ඉල්ලීම් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එතෙක් දැනට පවත්වාගෙන යන ආකාරයටම පවත්වාගෙන යන ලෙසද නියෝග කළාය.
 
නීතිවිරෝධි ගිනි අවි ප්‍රවාහනය කරමින් සිටියදි  ගාල්ල වරාය ආසන්නයේදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13වනදින  ඇවන්ගාඩ්  නෞකාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදි නැවේ තිබී ටී 56 ගිනි අවි 549ක්, 84 එස්. වර්ගයේ ගිනි අවි 264ක්, එල්.එම්.ජී.ගිනි අවි දෙකක් සහ උණ්ඩ 204604ක් සොයාගෙන ඇත.
 
සැකකරුවන් වෙනුවෙන්, නීතිඥ අජිත් පතිරණ, හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සෙනරත් මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වන ලදී.
 



අදහස් (1)

ඇවන්ගාඩ් සැකකරුවන් 4ක් තවදුරටත් රිමාන්ඩ්

Bishan Friday, 23 August 2019 01:38 PM

අයියෝ රණවිරුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 0 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 230 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1555 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 184 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 588 4

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 957 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site