(ප්‍රසන්න පත්මසිරි)
රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් දැවී විනාශ වී ගිය ඇල්ල රොක් සංචාරක ප්‍රදේයේ පැළ දහසක් රෝපණය කිරීම ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදුවිය.
දින තුනක් තිස්සේ ගිනිගැනීමෙන් අක්කර 60 ක ප්‍රදේශයක භූමියේ තිබූ වනය විනාශ විය.ඇල්ල රොක් හි දේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් ගැවසෙන ප්රදේශයකි.
ගින්නෙන් විනාශ වී ගිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආණ්ඩුකාරවරයා ප්‍රදේශයට ආවේණික ශාක වර්ග දහසක් සිටුවීමට තීරණය කළේය.
ඌව පළාත් සභාව,ඇල්ල ප්‍රාදේශීය සභාව,පාසැල්,යුද හමුදාව ඇතුළු ආයතන කිහිපයක් සහභාගී කරගනිමින් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි
ඡායාරූප - පාලිත ආරියවංශ
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇල්ල රෝක් හි පැළ රෝපණය කරයි
Raveendra Sunday, 01 September 2019 08:26 AM
කවුරු කරත් මෙය නම් ඉතා හොඳ අනාගත ආයෝජනයක්. සහභාගී වූ සැමට අපගේ ආචාරය...
sirimal Sunday, 01 September 2019 08:32 AM
කවුරුත් අතහිත දියයුතු උතුම් සත් ක්‍රියාවක්. ඒ වගේම ඇල්ල පළාතට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය නැවතීම්, සනීපාරක්ෂක සහ ගමනාගමන පහසුකම්ද නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කරනවා නම් වටිනවා. දැනට මාර්ග සංඥා හෝ වැසිකිලි, කැසිකිලි පහසුකම් කිසිවක් ඇත්තේම නැත. විශේෂයෙන් විදේශ සංචාරකයින් ගසාකන පළාතේ වැදගත්කම ගැන හෝ සුන්දරත්වය ගැන කිසි වැටහීමක් මෙන්ම තැකීමක් නැති හුදෙක් " සුද්දන් ගසා කෑම " පමණක් හිතේ තියාගෙන කටයුතු කරන කපටි මඟ පෙන්වන්නන්ගෙන්ද ඇල්ල ප්‍රදේශය පිරී ඇත. වෙළඳසැල්වල පවා විදේශිකයින්ගෙන් පානීය ජලය සහ ආහාර වැනිදේට වැඩි මුදලක් අයකිරීම පුරුද්දක් කරගෙන ඇත. ත්‍රීරෝද රියදුරන්ද එපරිද්දෙන්ම කටයුතු කරනු දක්නට ඇත. වරක් පැමිණි කෙනෙකු තව දෙතුන් වරක් ආපසු ගෙන්වා ගැනීම කාගේත් අරමුණ ලෙස හිතේ තියාගෙන කටයුතු කළොත් සුගතියක් වෙන්නේ එම පුද්ගලයින්ටමය... ඇල්ල යනු වරක් පැමිණි කෙනෙකුට නැවතත් පැමිණීමට තරම් ඇල්මක් ඇතිවෙන මනරම් පරිසරයක් ඇති සුන්දර ස්ථානයකි. මේවා නිසි අයුරින් පාලනය කළ යුතුවෙයි. අල්ල ප්‍රදේශයේ සුන්දර ස්ථාන වෙත ගමන්කිරීමේදී උපයෝගී කරගත හැකි පැහැදිලි සිතුවම් දුම්රිය ස්ථානයේදී සියලුම දෙනාට ලබාදීම වටිනවා. ජයවේවා...!!!
sirimalSunday, 01 September 2019 09:15 AM
මෙහි සුළු වැරදීමක් තිබෙනවා. දුම්රිය ස්ථානයේදී සංචාරකයින් සඳහා "සිතුවම්" නොව " පැහැදිලි මාර්ග සිතියම්" නොමිලයේ ලබාදීම ඉක්මණින් කළයුතු දෙයක්...
Gamarala Sunday, 01 September 2019 08:58 AM
කවුරුත් මේවගේ එකතුවෙලා කරනවානම් අපේ වනගහනය කොච්චරද කියලා කියන්න බැහැ. හොඳ වැඩක්...
SL Sunday, 01 September 2019 10:02 AM
එයාලා කපනවා . අපි හිටවනවා. ඒකයි වෙනස. මේ වගේ වැඩක් කරන්න කලින් අපිටත් දැනගන්න ලැබුණානම් සතුටින් එකතු වෙන්න තිබුනා .
sachith Sunday, 01 September 2019 03:24 PM
ඉතාමත්ම හොඳ වැඩක්. මේවගේ වැඩ තවත් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.!!මගෙන් පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්... මේවගේ දේවල් කරන කොට වැඩිහිටියෝ ඔක්කොම කාර්යයන් කරලා පුංචි ළමයින්ට කියලා පැළ හිටවන වැඩේ කළා නම් හොඳයි කියලා හිතෙනවා. එතකොට පොඩි කාලෙ ඉඳලා ගහට, කොළට ආදරේ කරනවනේ..
ISURANDI Monday, 02 September 2019 04:46 AM
නියම වැඩක්. අපේ රට හරිත වනාතාරවලින් සක්‍රිය කරන්න හැමෝම සහයෝගය දිය යුතුයි.
ජයරත්න Tuesday, 03 September 2019 12:56 AM
වැඩේ හොදටම හොදයි- ඒවගේම මේවට ජලය සැපයීම ,ආරක්ෂාව හා නඩත්තුව ගැනත් අවධානය යොමු කළ යුතුයි