(විජේරත්න රත්නායක)
ඇල්ල ප්‍රාදේශීය සභාව මගින් ඇල්ල කරඳගොල්ල මඩුගස්තලාව ගම්මානයේ අක්කර 5ක භූමියක ආරම්භ කිරීමට යෝජිත කසළ ව්‍යාපෘතියකට විරෝධය දක්වා එම ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් අද (25) විරෝධතාවයක නිරතවූහ.
කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අසළට රැස්වූ ප්‍රදේශවාසීන් විරෝධය දක්වන අවස්ථාවට පැමිණි ඇල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජී.ප්‍රියංගිකා, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක හා ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර යන මහත්ම මහත්මීන් විරෝධතාකරුවන්ගෙන් කොටසක් සමඟ මඩුගස්තලාව ප්රජාශාලාවේදී සාකච්ඡාවක නිරත වූ නමුත් එම සාකච්ඡාව සාර්ථක නොවීය.
මෙම කසළ ව්‍යාපෘතිය කිසිසේත් පරිසරයට හානිකර නොවන, ප්‍රදේශවාසීන්ට කිසිදු ගැටළුවක් නොවන, නවීන යන්ත්රසූත්ර සහිත ව්‍යාපෘතියක් වන අතර එහි කසළ ගොඩකිරීමක් සිදුනොවන බවද, දිරන කසළ කොම්පෝස්ට් කිරීම, පොලිතීන් ප්ලාස්ටික් ආදියෙන් බෝට්ටු ඉන්ධනයක් නිපදවීම හා තෝරාගත් ඉඩමේ අක්කරයක් වගා භූමියක් කිරීම ආදියද සිදුවන බව අදාළ නිලධාරීහු පැවසූහ.
ඒ සම්බන්ධයෙන් විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ එතරම් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් නම් මෙය කොට්ඨාසයේ කෙළවරක, සභාවේ සිට කිලෝමීටර් 20 ක පමණ දුරක ස්ථාපිත නොකර සභාවට ආසන්නව ඇති ජනශූන්‍ය ප්‍රදේශයක් ඒ සඳහා තෝරාගන්නා ලෙසයි. ඒ සඳහා ඉඩම් කොතෙකුත් ඒ ආන්නව පවතින බවද ඔවුහු පෙන්වාදුන්හ.
කෙසේ වුවද මෙතෙක් කසළ ව්‍යාපෘති සම්බන්ධයෙන් රටේ සෑම තැනම විශාල ගැටළු මිස විසඳුමක් නොමැති බැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද විශ්වාසයක් තැබිය නොහැකි බවත් එබැවින් මෙම ව්‍යාපෘතිය සිය ගම්මානයේ ස්ථාපිත කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ගම්වාසීහු අවධාරණය කළහ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇල්ලේ අක්කර 5ක් කසළ ව්‍යාපෘතියකට වෙන්කරන්න යයි
Deepal kandy Friday, 26 February 2021 04:30 AM
කිසිම දවසක, කිසිම ආණ්ඩුවකට ශ්‍රී ලංකාව දියුණු කරන්න බැහැ. අපේ මිනිස්සුන්ගේ ආකල්ප හරි යනතුරු...
chathura Friday, 26 February 2021 04:41 AM
පරිසර හිතකාමී ව්‍යාපෘතියක් නම් මෙය කොට්ඨාසයේ කෙළවරක, සභාවේ සිට කිලෝමීටර් 20ක පමණ දුරක ස්ථාපිත නොකර සභාවට ආසන්නව ඇති ජනශූන්‍ය ප්‍රදේශයක්... ඒ සඳහා තෝරාගන්නා ලෙසයි. හොඳ තර්කයක්...