IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවේ සිදු වූ කොල්ලකෑමකදී වෙඩි පහරකින් ලාංකිකයෙක් මරුට

(තිළිණි ද සිල්වා)
 
ඇමෙරිකාවේ කැලිෆෝනියාහී නගරබද ප‍්‍රදේශයකදී  සිදුවූ මංකොල්ලකෑමකදී වෙඩි ප‍්‍රහාරකට ලක්ව ඒ අසළ සිටි ශ්‍රී ලාංකිකයකු මියගොස් ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ ජනත් ලියනගේ නමැත්තෙකි. මොහු කාලයක පටන් අමෙරිකාවේ පදිංචි අයෙකු යැයිද පැවසේ.
 
එම ලාංකිකයා කැලිෆෝනියාහී ඔක්ලන්ඞ් නගරබද ප‍්‍රදේශයේ 20වැනි මාවතේදී සිදුවූ සොරකමක් අතරතුර වෙඩිවැදීමෙන් පසුගිය 25 වැනිදා බරපතල තුවාල ලබා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
 
පසුව ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට එරට ආරක්ෂක සේවා නිලධාරීහු පියවර ගෙන තිබුණි. රාත‍්‍රි 11.14ට පමණ ඔහුට වෙඩි වැදී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක අංශ පරීක්ෂණ පැවැත්වූහ.
 
කැලිෆෝනියා හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ ඔහු ඊට පසුදින අලුයම මිය ගියේය.
 
වෙනත් පෙදෙසක පදිංචිව සිටින මෙම තැනැත්තා මෙම ස්ථානයට ගියේ ඇයිද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැතත් , මිය යන විට ඔහු සිය වාහනය ඉදිරිපසසිට ඇති බවත් සොරකම කර පලායන්නන් ඔහුට වෙඩිතබන්නට ඇති බවත් එරට පොලිසීය සැක පල කර සිටී. 
 
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයාට වෙඩි තැබූ ඝාතකයා සොයාදෙන අයකුට මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකා පොලීසිය මේවනවිටත් නිවේදනය කර ඇති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක‍්‍රියාත්මකය.

 



අදහස් (12)

ඇමෙරිකාවේ සිදු වූ කොල්ලකෑමකදී වෙඩි පහරකින් ලාංකිකයෙක් මරුට

පිටිගල මිලානෝ Monday, 26 August 2019 03:46 PM

ඉරාකය සහ ඇෆ්ඝනිස්ථානය ඇමරිකාවට වඩා ආරක්ෂා සහිතයි.

:       78       159

jayaMonday, 26 August 2019 11:12 PM

කිව්වොත් ඉතින් ඔහොම කතාවක් තමයි..

:       2       32

Kumar Monday, 26 August 2019 04:17 PM

ඕක්ලන්ඩ් කියන්නේ ඇමෙරිකාවේ මිනීමරුවන්ගේ අගනුවරටයි. රාත්‍රී 11:30ට පමණ තම වහනය ළඟ සිටගෙන ඉන්න එක අවදානම්. සමහර හොර කල්ලිවලට බැඳෙන්න කෙනෙක්ව මරන්නම ඕනෙලු... පොලිස් නිලධාරීන් වුණත් රාත්‍රීකාලයේ තමන්ගේ ස්ථානයෙන් පිටතට යන්නේ ඔයවගේ දෙයක් සිදුවීමෙන් පසුවයි. වසර 10ක් මේ රටේ ඉන්න කෙනා මේ ගැන නොදන්නා එක පුදුමයක්‌...

:       0       1

පුදිත Monday, 26 August 2019 09:40 PM

තමන් වැරද්දක් කලත් ,නොකලත් , වැරදි තැනක ,වැරදි වෙලාවක යමෙක් සිටියානම් මෙවැනි දේවල් සිදුවෙනවා. මෙවැනි සිදුවීම් ඊයෙත් , අදත් , හෙටත් නොකඩවාම සිදුවෙයි. යමක් වෙන්නට තියෙනවනම් ( හොඳ හෝ නරක ) එය වෙනවාමයි.. එයට තැනක් ,නොතැනක් රටක් අදාල වන්නේ නැත.

:       1       21

මුදිතWednesday, 28 August 2019 12:30 AM

මිය ගිය තැනැත්තා ලංකාවේ සිංහලයෙකු වුවත් බෞද්ධයෙක් නොවන්න ඇති.නැත්නම් අකාලයේ වීදි සංචාරය නුසුදුසුයි කියා දැනගන්න ඕනෑ.

:       0       0

කරුණාවති Monday, 26 August 2019 10:02 PM

කෝ මේ චානක් ලොස් ඇංජලීස්? ඒකත් රාජපක්ෂලාගේ වැඩක් කියයි ද දන්නේ නෑ.

:       6       79

Kasun Tuesday, 27 August 2019 03:50 AM

ලංකාවෙ රහස් පොලිසියට බාර දුන්නනම් දවසින් මිනීමරුව සොයාගනියි. අපේ නිලධාරීන් ගොඩක් දක්සයි. ඒත් ඔවූන්ට ස්වාධීනව වැඩකරන්න නිදහස නෑ.

:       1       32

Bandula Tuesday, 27 August 2019 08:31 AM

කසුන් ... පිස්සුද වැරදිලාවත් එම වෙඩික්කරුවන් එක්තරා ජාතියකට අයත් අය නම් කිසිදාක සොයාගන්නේ නැහැ. හැබැයි සිංහල අය නම් පැය 24න් හොයගනී.

:       0       1

janahitha Saturday, 31 August 2019 09:51 AM

ලොස් ඇංජලීස් තමා වෙඩි කාල මැරුනේ.. වීසා හදලා දුන්නේ රනිල් මහත්තයා... තව දුරටත් යූ.එන්.පීය වෙනුවෙන් කොමෙන්ට් දාන කෙනෙක් අඩුවුණා.

:       0       0

appuhamy Saturday, 31 August 2019 09:53 AM

මේ ලොස් ඇන්ජලිස් ලංකාවේ වගා කරන්න බැරිද? අපිට කෝ මේ චානක් අම්මපා...

:       0       0

janahitha Saturday, 31 August 2019 09:55 AM

මිනිහා පොලොස් ගේන්න මාර්කට් ගිහිල්ලා... මාලඹේ ඇන්ජලිස් පාරේ ඉන්නේ...

:       0       0

rahas polish Saturday, 31 August 2019 09:57 AM

මාස 6ක් වත් ඕනෑ.. එ්ත් මේ ආණ්ඩුව තිබුණොත් කපේට බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2237 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1176 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 904 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 397 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 698 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 622 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site