IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවේ විරෝධතා මඩින්න හමුදාව කැඳවන්නැයි ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අවසන් කිරීම සඳහා හමුදාව කැඳවන්නේ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) තර්ජනය කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතා පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 21කට වැඩි ගණනක් ජාතික ආරක්ෂක බළකාය කැඳවා තිබෙන අතර නගර 120කට වැඩි සංඛ්‍යාවකට විරෝධතා පැතිර ගොස් ඇත. ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පැවැත්වෙන විරෝධතා කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් එරට තුළ පැතිර යන්නේ යැයි ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබිණි.

පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් වෙතින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට රටවල් ගණනාවකට පැතිර ගොස් ඇත.

ඇමෙරිකාවේ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගැනීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය කනස්සල්ල පළ කර ඇති විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් රටවල් රැසක් සිය විරෝධය පළ කර ඇත.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ආරම්භ වී මේ වනවිට සතියකට ආසන්න කාලයක් ගත වී තිබේ.

මෙම විරෝධතා ආරම්භ වීමෙන් පසු පළමු වතාවට ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙරේදා ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර ඔහු ධවල මන්දිරයේදී මාධ්‍ය ඇමතීමට පෙර ධවල මන්දිරය වටා සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ‘රෝස් ගාඩ්න්’ සිට මාධ්‍ය ඇමතීමට මොහොතකට පෙර ආරක්ෂක අංශ ඇතුළු පොලීසිය ඒ ආසන්නයේ සාමකාමී ලෙස විරෝධතාවයේ නිරත වී සිටි විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්, රබර් උණ්ඩ යනාදිය යොදාගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.

ඇමරිකානු ජනාධිපතිවරයා වේදිකාව මත නැගී සිට තමන් ‘‘නීතියේ හා සාමයේ ජනාධිපතිවරයා’’ යයි ප්‍රකාශ කරද්දි අවට පරිසරය තවත් කඳුළු ගෑස්වලින් පිරී ගියේ යැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරය ආසන්නයේ තිබෙන ඓතිහාසිකට ශාන්ත ජෝන් දේවස්ථානයට ගොස් බයිබලය අතැතිව ඡායාරූපයකට පෙනී සිටියේය. ඔහු එහිදි ලොව ශ්‍රේෂ්ඨතම රට ඇමෙරිකාව යැයි ද කීවේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා දෙවස්ථානයට ගියේ දැඩි ආරක්ෂක රැකවල් මැදය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා දේවස්ථානයට යෑමත් ඔහු එහි හැසිරුණු ආකාරයත් මේ වනවිට දැඩි විවේචනයකට ලක්ව ඇති අතර ඊට කතෝලික පූජකවරුන් ඇතුළු ආගමික නායකයන් මෙන්ම තවත් බොහෝ පිරිසකගෙන් චෝදනා එල්ල වී ඇත.

තමන් ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් එහෙත් මෙම අවස්ථාව රට තුළ වෙනසක් කිරීම සඳහා යොදාගත යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

විරෝධතාවලට එක්වූ 5,000කට වැඩි පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. විරෝධතා අතරවාරයේදී කඩසාප්පු රැසක් ගිනිබත් වී තිබෙන අතර වොෂින්ටන් අගනුවර වීදි පෙරේදා රාත්‍රියේදී කහපාටින් දිස්වූයේ දුම් වළාද සමඟ ය.

මංකොල්ලකෑම් ද මේ අතරවාරයේදී සෑම නගරයකින්ම පාහේ වාර්තා වන බවත් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක දේපළ හානි සිදු වී ඇති බවත් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය.

විරෝධතා අතරවාරයේදී පස් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වොෂින්ටනයේ ආරක්ෂාව සඳහා හමුදා පොලිසිය යොදවා ඇත.

විරෝධතා අතරවාරයේදී පොලිස් නිලධාරීන් ද පහර කෑමට ලක්ව ඇති අතර මාධ්‍ය නිදහස කඩ වූ සිදුවීම් 100කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍යවේදීන් සුරැකීම සඳහා කමිටුව සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත.

චීනය සහ ඉරානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනා ය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙන අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

වර්ගවාදය ඇමෙරිකානු සමාජය තුළ මුල් බැස රෝගයක් යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියෑන්ග් අද (2) පැවැසීය.

චීනයේ බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය. ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතාවලින් වර්ගවාදය කොතරම් විශාල ප්‍රශ්නයක් වී ඇත් ද යන්නත් එහ බරපතළකම මෙන්ම ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වය ද පෙනී යන බව ඔහු කීවේය.

ඇමෙරිකානු ආණ්ඩුව සහ පොලිසිය ඔවුන්ගේම වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි අවධාරණය කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි පැවැසීය.

‘‘අපි ඇමෙරිකානු බලධාරීන්ටත් පොලිසියටත් අවධාරණය කරනවා. තමන්ගෙම මිනිස්සුන්ට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය නවත්වන්න. ඔවුන් හුස්ම ගන්න දෙන්න’’ ඉරානයේ තෙහ්රාන් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්බාස් මුසාවි අද (1) පැවැසීය.

‘‘ඇමෙරිකානු ජනතාවට අපි කියන්න ඕනේ. ලෝකය ඔබ සමඟ සිටිනවා’’ යැයි ද ඔහු කීය.

ඇමෙරිකානු පොලීසියේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඉරානය කම්පාවට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කරගැනීමට නොහැකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ‘‘දුර්වල’’ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද චෝදනා කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය චෝදනාවකටත් වඩා අපහාසයක් යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ඩ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ නගර සියයකට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන උද්ඝෝෂණ මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්, නීති බලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දුර්වල යැයි එහිදි චෝදනා කර ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතා පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද අවධාරණය කර ඇත.

‘‘ඔබ බොහෝදෙනෙක් දුර්වලයි. ඔබට මිනිස්සු අත්අඩංගුවට ගන්න වෙනවා’’ යැයි ට්‍රම්ප් කීය.

ඒ.එෆ්.පී./රොයිටර්ස්

055

ඡායාරූප - ඒ.එෆ්.පී./රොයිටර්ස්/‘ද නිව්යෝක් ටයිම්ස්’

 

 



අදහස් (8)

ඇමෙරිකාවේ විරෝධතා මඩින්න හමුදාව කැඳවන්නැයි ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

Asanga Tuesday, 02 June 2020 05:28 PM

අමන පාලකයෙක් පත්කිරීමේ විපාකය මුලු ඇමෙරිකාවම භුක්ති විදිනවා.

:       1149       1532

jayanthaWednesday, 17 June 2020 07:21 PM

අනේ නොදන්න මගුල් කතා නොකර ඉන්න...

:       0       0

Witharana Tuesday, 02 June 2020 10:51 PM

අවුරුදු ගාණක් තිස්සේ පුංචි රටවල් සූරාගෙන කාපුවාට විපාක පලදෙනවා.

:       0       380

Rizwan Wednesday, 03 June 2020 03:07 AM

අපිට ඵල ලැබෙන්නේ අපි වපරපු දේවල් වලින්ම මිසක් අනිකකින් නෙවේ. මේ ලෝකේ කව්රුත් හිතන විදියට සුපිරි රටක් හරි සුපිරි ජාතියක් හරි කියලා දෙයක් නැහැ. අපි හැම කෙනාම ස්වභාව ධර්මයටත් කියන එක පිළිගන්න ඕනේ. හැම කෙනාම එකිනෙකාට ගරු කරන්න ඕනේ. හැම කෙනාටම නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ. අපි එනකොට ආවේ හිස් අතින් . නමුත් යනකොට යන්නේ හිස් අතින් උනාට පව් කන්දරාවක් පුරවාගෙන...

:       2       141

හරේන්Wednesday, 03 June 2020 04:56 PM

රිස්වාන් ඔයා ඔහොම කිව්වට කුරාණයෙ තියෙන්නෙ ඔහොම නෙවෙයි නේද? අපිව රවට්ටන්න නේද මේ බණ කියන්නෙ?

:       25       74

BamunuarachchiThursday, 04 June 2020 12:25 PM

එහෙනම් යහපාලන කාලේ අර පාසල් පෙළපොත්වල ලියලා පිට ආගමක නම් මරා දාන්න කියලා ඉගැන්නුවේ මොන එහෙකටද?

:       0       42

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 June 2020 05:00 AM

රටක නායකයෙක් හමුදා බලයම තම ආයුධය කරගෙන රටක් පාලනය කරන්නට සිතුවොත්, එම රටත්, නායකයාත් පිරිහෙනවා. එසේ වූ රටවල් තිබෙනවා. රටේ ආරක්ෂක හමුදාවන් අවතක්සේරු කිරීමක් මෙයින් පැවසෙන්නේ නැහැ. යුද්ධයකදී මෙන්ම අනෙකුත් අවස්ථා වලදීත් රට රැකීමට කැපවී සිටින හමුදා අපට මිලකල නොහැකි අගනා සම්පතක්. ඒත්, තම ආධිපත්‍යය රැකගැනීමට හමුදාව බලය යොදාගන්නා පාලකයා රටවාසීන්ට එපා වෙනවා. රටක ඉන්නා හොඳම වීරයා අහිංසක නිරායුධ වැරදි නොකරන පුරවැසියා.

:       0       141

Bamunuarachchi Thursday, 04 June 2020 12:22 PM

යන යකා කොරහ බිඳගෙන යන්න වගේ හදන්නේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 515 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 107 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 253 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1501 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 450 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site