ඇමෙරිකා එක්සත් ජනපදයේ විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සහ ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා අද (2) කීය.
‘‘ලොවපුරා මාධ්‍යවේදීන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථාව තිබිය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව ඔවුන්ට ඔවුන්ගේ රාජකාරි කරන්න බලධාරීන් ඉඩ සලසන්න ඕනෑ’’ යැයි අග්‍රාමාත්‍ය ප්‍රකාශක ජේම්ස් සැල්ක් කීය.
පසුගිය දින කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වන බවත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වූ බවත් කී හෙතෙම එක්සත් රාජධානිය ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින්නේ යැයි කීවේය.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප හද කම්පා කරනවා. එයින් විපතට පත් සියලු දෙනාට අපි කනගාටුව හා ශෝකය පළ කරනවා’’ යැයි ජේම්ස් සැල්ක් කීය.
‘‘ජනතාවට නිදහසේ විරෝධතා දැක්වීමට ඉඩ තියෙන්න ඕනෑ’’ යැයි ද ඔහු කීය.
‘‘පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා. යුක්තිය සහ සාධාරණත්වය ඉටු වනු ඇතැයි අපි විශ්වාස කරනවා’’ යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.
අල්ජසීරා
055
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’ඇමෙරිකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර ගැන විමසිල්ලෙන්’
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 June 2020 05:45 PM
"ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට බලධාරීන් ඉඩ සලසන්න ඕනෑ " යන්න ගැන අවධානය යොමුකිරීම වටී.මෙය අපේ රටේ සියලු දේශපාලකයන්ද තදින්ම සිහිතබා ගත යුතුය.පුවත්පත් කලාවේදීන්ගේ යහපත උදෙසා "ඩිෆමේශන් ඇක්ට්" පනත අතිකලේද විදේශිකයන් විසිනි.
Prasanna Tuesday, 02 June 2020 08:17 PM
එහෙම වුණේ නැහැ කියලා මෙයාලා මොනවා කරන්නද? ඇමෙරිකාවත් එක්ක යුද්ධ කරන්නද?
රවින් Tuesday, 02 June 2020 09:00 PM
බලාගෙනම ඉන්න .කට අරින්න එපා. ලෝකෙට ලොක්කාට අනුන්ගේ වදන් තේරෙන්නේ නැත්තේ මොලේ කොරෝනා හැදිලා. මෑන්ස්සුත් පහුගිය ටිකේ ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා නේද? ඔං ඒ පැත්තේ පොලිසියේ ලොක්කෙකුත් කීවාලු මෑන්ස් ගේ කට වැහැව්වොත් ප්‍රශ්නේ ඒ ගොල්ලන්ට විසඳන්න පුළුවන් කියලා.
සමන් - ඕමානයWednesday, 03 June 2020 03:05 PM
මම මේ බලන්නේ අර යෙස්මින් සූකාට නින්ද ගිහිල්ලාවත් දෝ කියලා. අපේ රටේ පොඩි සිද්ධියක් වුනොත් රෙද්ද කරට අරගෙන කෑගහන උන්දැ හා එන් ජී ඕ කාක්කෝ ටික පුදුම නිශ්ශබ්දතාවයක ! ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය මානව හිමිකම් ගණයට ගැනෙන්නේ නැතුවා වත්ද?
chandima Wednesday, 03 June 2020 02:57 AM
අපේ රනිල් මහත්මයා ට්‍රම්ප්ට ලියුමක් යවලා නැතිද?
Rizwan Wednesday, 03 June 2020 03:10 AM
නමුත් අපේ රටේ මේ "ඩිෆමේශන් ඇක්ට්" පනත ක්‍රියාත්මක වෙනවද කියන සැකය නම් තියෙනවා.
ලැවොයිසියර් Wednesday, 03 June 2020 04:17 AM
සුද්දන් අතර වෙසෙන මිනිසකුගේ අදහසක්.