IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ වෙඩිතැබීමක් : 10ක් මරුට - 16කට තුවාල

ඇමෙරිකාවේ ඩේටන් නගරයේ, ඔහියෝ ප්‍රාන්තයේ, ඔරිගන් දිස්ත්‍රික්කයේ පුද්ගලයකු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දසදෙනෙකු මිය ගොස් 16දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙම ඝාතන සිදුකළ පුද්ගලයා ද පොලිසිය කළ වෙඩිතැබීමෙන් මිය ගොස් ඇති අතර, ඒ අනුව වෙඩි තැබූ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් නමදෙනෙකු මිය ගොස් තිබේ.

ඔරිගන්හි  නෙඩ් පෙපර්ස් නම් මත්පැන් අවන්හල අසළදී අද උදෑසන 1.00ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇත.

වෙඩික්කරු රයිෆල් වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඇතැයිද, ඔහු කේවලව ක්‍රියාත්මක වී ඇති බවද ඩේටන් පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් ප්‍රධානී මැට් කාපර් මහතා පවසයි.

ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් වෙඩිතැබීම සිදුවූ  ප්‍රදේශයට ක්ෂණිකව ගොස් එහි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි. සිද්ධිය සැලවූ වහාම පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ක්‍ෂණිකව ක්‍රියාකිරීම හේතුවෙන් මෙම සිද්ධිය මැඩපැවැත්විය හැකි වූ බව ඩේටන් පොලිසිය පවසයි.

තුවාලකරුවන් ඒ අසළ වූ රෝහල් කරා ගෙනයාමට එම නිලධාරීන් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ආරක්ෂක අංශ පැවසුවේ මෙම ප්‍රහාරයේ අරමුණ පැහැදිලි නොවුණ බවය. 
ඔවුන් මෙතෙක් මිය ගිය වෙඩික්කරුගේ අනන්‍යතාව මාධ්‍යයට හෙළිකර නැත.
 
ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී.
 
ඇමෙරිකාවේ ටෙක්සාස්හි පුද්ගලයන් 20දෙනෙකුට මරු කැදවමින් කළ වෙඩිතැබීමකින් පැය කිහිපයකට පසු ඔහියෝ ප්‍රාන්තයේ මෙම වෙඩිතැබීම වාර්තා වී තිබිණි.

(බීබීසී සහ රොයිටර් ඇසුරිනි)

16844



අදහස් (5)

ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ වෙඩිතැබීමක් : 10ක් මරුට - 16කට තුවාල

Ramesh Sunday, 04 August 2019 09:12 AM

පව් අහිංසක මැරුණු මිනිස්සු... ට්‍රම්ප්ගේ ජාතිවාදී ප්‍රකාශ නිසා මෙක්සිකෝවේ සරණාගතයින්ට සුදු ජාතික අන්තවාදීන් විසින් ප්‍රහාර එල්ලකිරීම තරයේ හෙළා දකිනවා. බලන් ගියාම ඔය කියන සුදු මිනිස්සු ඇමරිකාවට ආවේ එංගලන්තයේ ඉඳලා. මුලින්ම ඇමරිකාවේ වාසය කරපු රතු ඉන්දියානුවන්ව විනාශ කරලා දැම්මා. දැන් වෙන රටකින් එන මෙක්සිකෝවෙන් එන මිනිස්සුන්ට මේ සුදු මිනිස්සු කියන්නේ සරණාගතයන් කියලා. එතකොට එංගලන්තේ ඉඳලා ආපු සුදු අන්තවාදියෝ කවුද දන්නේ නැහැ...

:       40       86

JAYATISSA Sunday, 04 August 2019 10:15 AM

මේ ප්‍රාන්තයේ නම "ඔහායෝ" වශයෙන් නිවැරදි විය යුතුයි. ඇමෙරිකාවේ සමහර වචන ලියන ලෙසින්ම උච්චාරණය වෙන්නේ නැහැ.

:       12       2

රවින් Sunday, 04 August 2019 11:12 AM

මේ ගොල්ලෝ මුළු ලෝකෙටම අවි පාලනය ගැන කියාදෙන්න හදනවා. නරකද ඒ ගොල්ලන්ගේ රටේ අවි පාලනය කරගත්තොත්... ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...

:       0       1

kolam boss Sunday, 04 August 2019 11:16 AM

කරුණාකර ඇමෙරිකාවට ට්‍රැවල් බෑන් හෝ වෝනින්ග් එකක් දාන්න ලංකාවේ අයට යන්න එපා කියලා. එහෙ සංචාරය කරන්න අනතුරුදායකයි. කොයි වෙලේ කොහෙන් කවුරු වෙඩි තියනවද දන්නේ නැහැ...

:       0       7

anura Sunday, 04 August 2019 02:03 PM

ලංකාවේ සමහර කට්ටිය බලාගෙන ඉන්නේ ලංකාවේ ත්‍රස්තවාදය මඩින්න ඇමෙරිකන් හමුදාවේ උදව් ගන්නයි. දැන් කියන්න තියෙන්නේ ලෝකේ අනික් අයගේ ප්‍රශ්න විසඳන්න ඉස්සර තමන්ගේ රටේ ප්‍රශ්න විසඳගන්න කියලයි. මේවාට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 56 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 32 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 119 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 18 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1737 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 510 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site