IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකානු බලධාරීන් හා තලේබාන් සංවිධානය අතර එකඟතාවයක්

වසර 18ක ගැටුම් අවසන් කරමින් ගිවිසුමකට පැමිණීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර එකඟතාවක් ඇති වී ඇතැයි සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් පැවැසීය. 

දින අටක් මුළුල්ලේ පැවැති සාකච්ඡා අවසානයේදී දෙපාර්ශවය අතර මෙම එකඟතාව ඇති වී තිබේ. කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී මෙම සාකච්ඡා පැවැති අතර දෙරට අතර ගිවිසුමකට අත්සන් තැබුණහොත් ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් නික්මෙනු ඇතැයි පැවසේ.

මේ වනවිට ඇමෙරිකානු සෙබළු 13,000ක් ඇෆ්ගනිස්තානයේ රැඳි සිටිති. ඔවුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ඇමෙරිකාව එකඟත්වය පළකර තිබෙන අතර ඒ වෙනුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දීමට තලේබාන් සංවිධානය එකඟතාව පළ කර තිබේ.

“අපි ගිවිසුමට අත්සන් කරන්න ඔන්න මෙන්න ඉන්නේ. ගිවිසුම අත්සන් කළාම ප්‍රචණ්ඩත්වය අඩුවේවි. ඒ වගේම තිරසර සහ ගෞරවාන්විත සාමයක් උදෙසා සාකච්ඡා කිරීමට ඇෆ්ගනිස්තානයට අවස්ථාව උදා වේවි” යැයි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත්කර සිටින ඇමෙරිකාවේ විශේෂ නියෝජිත සල්මේ කලීල්සාද් පැවැසීය.  

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ඇෆ්ගනිස්තානයට යන බව ද හෙතෙම කීවේය. ඇෆ්ගනිස්තානයේ දී සල්මේ කලීල්සාද් එරට නායකයන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා කීය. 

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ඇමෙරිකානු හමුදා මුල් වරට ඇෆ්ගනිස්තානයට යවන ලදී. අල්කයිඩා සංවිධානය එම ප්‍රහාර එල්ල කළ අතර තලේබාන් සංවිධානයේ සහාය හිමිවුණු බව ද පැවසිනි. අල්කයිඩා සංවිධානයේ හිටපු නායකයා වූ ඔසාමා බින් ලාඩන් තලේබාන් සංවිධානයේ සහාය ඇතිව ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි බව ද පැවැසුණි.

ඇෆ්ගනිස්තානය තුළ කෙරෙන ඇමෙරිකානු හමුදා මැදිහත්වීම් අවසන් කිරීමට ඇමෙරිකානු රජයට වුවමනා වී තිබේ. ඇමෙරිකානු හමුදා මෙතරම් දීර්ඝකාලයක් මුළුල්ලේ රැඳී සිටින එකම විදේශය වන්නේ ද ඇෆ්ගනිස්තානයයි. 

ඇමෙරිකානු නිලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර සාකච්ඡා ආරම්භ වූයේ 2018 වසරේදීය.

සැප්තැම්බර් 1 වැනිදාට ප්‍රථම ගිවිසුම සකසා අවසන් වනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය. ඇෆ්ගන් මැතිවරණය මේ මස අගදී පැවැත්වීමට නියමිත අතර ඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතය. ඒ සියල්ලට කලින් මෙම ගිවිසුම් සකසා අවසන් කිරීමට දෙපාර්ශවය බලාපොරොත්තු වන බව පැවසේ.

 
“ගිවිසුම සකසා අවසන් කිරීමට නියමත” යැයි දෝහා නුවර සිටින තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සුහයිල් ෂහීන් කීවේය.

ඇමෙරිකාව සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමත් තලේබාන් සංවිධානය ආරක්ෂාව සහ ඇෆ්ගනිස්තානය ජිහාද්වාදීන්ගේ ආරක්ෂිත නිවහනක් ලෙස භාවිත නොකිරීම තහවුරු කිරීම යන කරුණු කෙරෙහි ගිවිසුමෙන් වැඩි ප්‍රමුඛත්වය දෙන බව කියැවේ.  

එමෙන්ම ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා මෙන්ම දෙපාර්ශවය අතර සටන් විරාම ගිවිසුමකට අත්සන් කිරීම සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුවනු ඇත. 


ඒ.එෆ්.පී. ඇසුරිනි 

055



අදහස් (11)

ඇමෙරිකානු බලධාරීන් හා තලේබාන් සංවිධානය අතර එකඟතාවයක්

CHANDI Sunday, 01 September 2019 10:50 AM

අලුතෙන්ම කියනවා නම් ඇෆ්ගන් එක්ක කෙළගෙන පාඩු වුනේ ඇමෙරිකාවටයි. ඔවුන් හිතුවා වගෙයි. ලේසි වුණේ නැහැ... හම්බයිනුත් එක්ක කෙල ගන්න එකට. මෙම යුද්ධයෙන් පාඩු වුණේ ඇමරිකාවට. තව කෙල ගත්තොත් ඔවුන්ගේ ආර්ථිකයත් කඩන් වැටෙනවා...

:       148       161

මුස්ලිම් මල්ලී Sunday, 01 September 2019 12:51 PM

ඔයා හරි... 9/11 ප්‍රහාරය අමෙරිකානු, ඊශ්‍රායල අභ්‍යන්තර මවාපෑමක් කියලා එරට හමුදා දැනටමත් දන්නවා. ලෝකයත් දැන් සත්‍ය දන්නවා...

:       12       67

ChathuriSunday, 01 September 2019 01:19 PM

ඇමරිකාවට නම් කවදාවත් පාඩුවක් වුනේ නැහැ. බිල්ලාඩන් ගහපු වෙලාවේ වුණු පාඩුව තිබුණාටත් වඩා වැඩිය. හොඳට ගොඩ නගා ගත්තා... ජනතාවට කිසිම දෙයකින් අපහසුතාවයට පත් කෙරුවේ නැහැ රට... බලන් ඉද්දී ඉනිමං නගිනවා.. ආර්ථිකය කඩන් වැටුණා. කියන්නේ කොහොමද? ඔයා දොම්පේ ඉඳන් කොහොමද? ඇමරිකාවේ ආර්ථිකය කතා කරන්නේ... ඇවිත් ඉඳලා බලන්න රට කොහොමද කියලා.. අම්බයින්ට බයේ. හැංගිලාද කියලා, ලංකාවේ අවුරුදු 35 යුද්ධය වවාගෙන කෑවා... ලැබෙන අාධාර මුදල් පත් වෙන නායකයින් හොර කෑවා... නමුත් ඇමරිකාවේ නායකයා ඉඳලා මන්ත්‍රීට යනකම්... රටේ දේපල, මුදල් මේ අය හොරා කන්නේ නැහැ, රටට, ජනතාවට ආදරෙයි. ඒකයි රහස රටක් දියුණු වෙන්න... අපේ රටේ එ්කේ අනිත් පැත්ත... නායකයා වූ ගමන් අතට පළඳින්නේ රෝලෙක්ස් ඔරලෝසුව, බේබිලටත් අරන් දෙනවා.. ඒවල රසදන්නා නිසානේ මුළු පවුලම තරගෙට එන්නේ... අපේ ජනතාවට තමන්ගේ නායකයා රටට කරන හේනේ පේන්නේ නැහැ.. අනිත් රටවල නායකයින්ගේ කුණු හොයනවා. අපේ රටේ වෙන කැත වැඩ... ලෝකේ කිසිම රටක වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න.. මම ලංකාවේ ජනාධිපති වුණොත් ජනතාවට. සුරසැප දෙනවා මේක අල්ලක් තරම් රටක්, මට හොඳ දැනුමක් තියෙනවා කාබාසිනියා කරපු රට ගොඩගන්න හැටි... පළමුව නීතිය රජකිරීම, දෙවනුව හොරු ඇතුලට ජීවිත කාලයටම පසුව හමුවෙමු...

:       95       257

amarasiriTuesday, 03 September 2019 07:17 PM

මමත් දැන් අවුරුදු 21ක් පමණ ජීවත්වන්නේ ඇමෙරිකාවේ. මම එකම එක දෙයක් කියන්නම්.. ඇමෙරිකාව හොරා කන්නේ විදේශ රටවල වත්කම්... බොරුවට කතාවක් ගොතලා ඉරාකයේ යුද්ධය පටන් ගත්තා. ඒ අවුරුදු 5 තුළ පෙට්‍රෝලියම් බැරල් මිලියන ගණනක් ඇමෙරිකාවට පැටව්වා, සුපර් ටැන්කර් වලින්... ඇමෙරිකාවේදී ඒවා භූගත කොන්ක්‍රීට් ටැංකිවලට ඉන්ජෙක්ට් කරලා ගබඩා කරගත්තා. යම්රටක ජනතාව කාලා බීලා අන්දලා ඉන්නවා නම් ඇමෙරිකාව ඒකට විනයක් කටිනවා. ලෝකයේ සිටින ජරාමගති පැවතුම් තියෙන ඊශ්‍රායල් ජාතිකයින් තමයි ඇමෙරිකාවේ සුරතල් බලු පැටියා...

:       0       0

රවින් Sunday, 01 September 2019 11:04 AM

බල්ලෝ හැදුවා, හුරතලේටද? හරියට සාත්තු කෙරුවේ නැහැ. ඔවුන් ගැන සැලකිලිමත් වුනේ නැහැ. ජලභීතිකා රෝගය හැදුනා. හපාගෙන හපාගෙන යනකොට තමා දැනුනේ උන්ගෙන් සමහරකුට පිස්සු කියලා. ඔය ඔක්කොම වෙනකන් හිතුවේ මට බල්ලන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා. හැබැයි බල්ලෝ ගෙදර උදවිය හපන්න ගන්නකොට තමා දැනුනේ උන්ගේ තරම. දැන් හිතනවා උන්ව හිලෑ කරගන්න. අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් // මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...

:       2       183

RaveendraSunday, 01 September 2019 03:54 PM

රවින් මයා වෙත, ඔබගේ විග්‍රහය ඉතාමත්ම සාධාරණයි. ඔබ අවට පරිසරය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන කෙනෙකු වුවත් ඒ අවබෝධය අපේ රට පාලනය කරන " අයට" තිබේද යන්න නම් ගැටළුවක්...

:       0       19

Bandara Sunday, 01 September 2019 11:07 AM

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ත්‍රස්තවාදීන් සමග එකඟතා සිදුකළ නොහැක.

:       0       20

Buddhika Sunday, 01 September 2019 02:03 PM

ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ ගන්න තියෙන තෙල් සහ රන් සහ අනෙකුත් වටිනා ලෝහමය දේවල් ඔක්කොම ඇමරිකාවට පටවා අවසන්. ඒක තමයි තවත් ඔවුන්ට එහෙ ඉඳලා වැඩක් නැහැ.. ලංකාව තමයි ඊළඟ රට...

:       5       503

සමන්ත Sunday, 01 September 2019 08:14 PM

හරියට හරි ...

:       2       2

Aris Sunday, 01 September 2019 03:35 PM

සටන් කරලා මැරෙන්න ඇමෙරිකන් සෙබළු සූදානම්. හැබැයි මරන් මැරෙන්න කැමැති නැහැ. නීතියක්, ආගමික නීතියක් නැහැ. ඒ නිසා තමයි ආපසු යන්න හදන්නේ.

:       32       0

ධම්ම Monday, 02 September 2019 05:11 AM

තලේබාන්ලා බූරුවා පිට යමින් තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්නේ තමන්ගේ සියලු දේ කැප කරමින්. ඔවුන් අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ. රුසියාව අවුරුදු දහයකට අධික කාලයක් තලේබාන් සමග සටන් කළා. අන්තිමේ බැරිම තැන දාලා ගියා. මේ වෙලා තියෙන්නෙත් ඒ ටිකම තමයි. ඇමෙරිකාව ගිවිසුම් ගහගෙන අයින්වෙන්න හදන්නේ ලෝකය ඉදිරියේ වෙච්ච ලැජ්ජාව වහගන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 148 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 414 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 206 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 141 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 221 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 22 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site