IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය අද රාත්‍රී දිවුුරුම් දුන්නේය.

කැබිනට් ඇමැතිවරු 12 දෙනෙක් ද, රාජ්‍ය ඇමැතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද අද මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය

මහින්ද රාජපක්ෂ - මුදල් හා ආර්ථික කටයුතු

නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා

සරත් අමුණුගම - විදේශ කටයුතු 

මහින්ද අමරවීර - කෘෂිකර්ම

විජයදාස රාජපක්ෂ - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

රංජිත් සියඹලාපිටිය - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

මහින්ද සමරසිංහ - වරාය හා නාවික කටයුතු 

විජිත් විජයමුණි සොයිසා - ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු

ෆයිසර් මුස්තාපා - පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා

ඩග්ලස් දේවානන්ද - පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු

ආරුංගම් තොන්ඩමන් - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන

වසන්ත සේනානායක - සංචාරක සහ වනජීවී

වඩිවේල් සුරේෂ් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ආනන්ද අලුත්ගමගේ - සංචාරක සහ වනජීවී නියෝජ්‍ය ඇමැති

 



අදහස් (33)

ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි

sirimal Monday, 29 October 2018 02:19 PM

"අම්ම පල්ල කීයක් දුන්නත්, මොන තනතුර දුන්නත් ආයේ නම් එහාට මෙහාට පනින්නේ නැහැ "කියලද දන්නේ නැහැ දිවුරුවේ. දැන් දේවල් සිද්ධවේගන යන පිළිවෙලට සිකුරාදා වෙනකල්වත් ඇමතිකම තියෙයිද කියන්න අමාරුයි.

:       1447       2242

sirimal Monday, 29 October 2018 02:38 PM

හිටපු ඇමතිවරුන්ට අස්කළ බවට ලිපි ලැබිලා නෑ කියලත් කියනවා. එතකොට දැන් ආණ්ඩු දෙකක් ක්‍රියාත්මකද?

:       2032       409

ගල්කටස් Monday, 29 October 2018 02:49 PM

ඉක්මනට මහා මැතිවරණයකට යං...

:       32       1928

Samantha Monday, 29 October 2018 02:55 PM

උදේ යන්නැ කිව්ව කෙනා හවස රාජ්‍ය ඇමති වෙලා.. මේ වගේ අයද රටට ඕනේ..

:       1624       2254

sinidu shantha Monday, 29 October 2018 03:05 PM

පසුගිය සිකුරාදා වෙනස් වුනේ අගමැති රනිල් පමණි. පැරණි ඇමතිවරු එළෙසම තම ඇමති ධුරය දරනු ඇත. මේවා කියවන අහන බලන අපිට වේලාවකට පිස්සුද කියලා හිතෙනවා. තමන්ගේ බලයට ඇති කෑදරකම වෙනුවෙන් රටේ ඇති සම්පත් විකුණමින් රට විනාශයට ඇද දමන සියලුම දෙනාට ස්වභාවධර්මයාගෙන් වත් පිළිතුරක් නොමැති දෝ යැයි මට සිතේ. මහින්ද යුද්ධය ඉවර කළා.. රනිල් රට ඉවර කළා.. මේවා බල බලා අපි සැමදා සුසුම් හෙලනවා. අපිට නම් පිස්සු වගේ රනිල් ආවත්, මහින්ද ආවත්, මෛත්‍රි ආවත් ඇමති මණ්ඩලයේ අපි සැමදා දකින්නේ එකම මුහුණු ටික පමණි. අප්පච්චි මලා කිව්වා. දැන් එතුමා මහ අප්පච්චිගේ ඇමති මණ්ඩලේ ඉන්නවා. එක්කෝ අප්පච්චිට ලැජ්ජා නැත. නැතිනම් අප්පච්චි මළ බව කියූ පුතාට ලැජ්ජාව උපතින්වත් උරුම වී නැති බව පෙනේ. කාට කියන්නද මේ වෙන විගඩම්? අපිට තියෙන්නේ මේවා බලබලා හූල්ලන්නටම නොවේද? අපි අද දින මහන්සි වී හම්බ කරගත්තෝතින් අද දවස බඩගින්නේ නැති කරගත හැකිය. අපි නිකම්ම බලා හිටියොත් කවුරුත් අපට කන්න දෙන්නේ නැත. මේවා නොසිතන මෝඩ මිනිසුන්... අනේ මන්දා තනිකරම හරක් ටිකකි...

:       1793       2138

නිමල්Monday, 29 October 2018 03:55 PM

මම දේශපාලනය ගැන එච්චර දන්නේ නෑ, හැබැයි මට හිතුනා, කවුරු හරි බලයක් තියෙන අවංක නායකයෙක් මේ දේශපාලන ක්‍රමය අර චීනයේ වගේ කොමිනියුස්ට් පාලනයකට හැරෙව්වා නම් අපට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා.

:       201       290

SatayayaMonday, 29 October 2018 09:06 PM

මාගේ වචනය විශ්වාස කරන්න. සැබවින්ම රටට ආදරය කරන දක්ෂ ඒ වගේම ඉතාම උසස් අධ්‍යයාපන මට්ටමක් ඇති ජාත්‍යන්තර කීර්තියට පත් දැනට විදේශ රටක ජීවත්වන කෙනෙක් ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. තෝරා ගැනීම ලක් වැසියන් සතුයි.

:       214       16

Rohana Monday, 29 October 2018 03:06 PM

මේ රටේ දේශපාලකයින්ගේ ලැජ්ජා නහර නැහැ. මෙවැනි දේශපාලකයින් සහ ඔවුන් පසුපස යන ජනතාවක් ඉන්න මේ රට අගාධයට යනවා මිස ගොඩ එන්නේ නැත.

:       17       305

Thushara Monday, 29 October 2018 03:08 PM

ආයෙමත් අර අප්පච්චි මළෝ දේශපලන අනාතයෝ ටික මහින්ද මහත්තයට සෙට්වෙලා ඇමැතිකම් ගන්නවා. ආණ්ඩු නෙවෙයි මුළු රටම මාරු වුනත් එකම සෙට් එක තමා ඉතින් ගොඩ යන්නේ. ඔහොම ගිහින් රනිල් මහත්තයටත් ඇමැතිකමක් ලැබෙයිද දන්නෙත් නෑ.

:       2       215

sandy Monday, 29 October 2018 03:08 PM

ඔහොම යන්... ඔහොම යන්... චූන් පාන් තව ටිකයි

:       1955       2214

Sunil Monday, 29 October 2018 03:13 PM

අද දවල් ඔබ සමග කියලා රනිල්ට පොරොන්දු වූ අය හවසට සිරිසේන ළඟ ඇමැතිකම් අරගෙන. ප්‍රවෘත්තිය කියවන්නත් ලැජ්ජයි වගේ.

:       1715       2016

mona Monday, 29 October 2018 03:19 PM

අප්පච්චි මලාත් ඇවිල්ලා....

:       20       112

Ruwansri Monday, 29 October 2018 03:33 PM

ඉතින් අර කලින් කැබිනට් එකෙ කට්ටියමයි එ් තනතුරු ටිකයි එහෙම්මනේ.. ආ‌ණ්ඩු මාරු කළාට එකම මුහුණු ටික තියෙන්නේ.. ලැජ්ජයි.

:       1806       414

amila deshapriya Monday, 29 October 2018 03:36 PM

අපගෙන් සුබ පැතුම් !!!

:       428       1908

Kapurubanda Monday, 29 October 2018 03:39 PM

ලංකාව හැමදාම එක තැන... දෙවියන්ගේම පිහිටයි ජනතාවට..

:       1678       313

samarakoon Monday, 29 October 2018 03:44 PM

එන අයටනේ දෙන්නේ... අනිත් කවුරු වුනත් මන්ත්‍රී කෙනෙක්නේ.. පාර්ලිමේන්තුවේ ඉන්න, මේ පැත්තට යන අයට ඇමැතිකම් දෙන්නේ නැතිව කඩෙන් මිනිස්සු ගෙනත් දෙන්න බැහැනේ ඇමතිකම්... ඊළඟ ඡන්දෙදි හොඳ අය පාර්ලිමේන්තු යවන්න මිනිස්සු දැන ගන්න ඕනෑ. නැත්නම් බැන බැන ඉන්න වෙන්නේ මෙයාලටම තමයි.

:       134       2366

hussain Monday, 29 October 2018 03:57 PM

පසුගිය සිකුරාදා වෙනස් වුනේ අගමැති රනිල් පමණි. පැරණි ඇමතිවරු එලෙසම තම ඇමති ධුරය දරනු ඇත. මේවා කියවන අහන බලන අපිට වේලාවකට පිස්සුද කියලා හිතෙනවා. තමන්ගේ බලයට ඇති කෑදරකම වෙනුවෙන් රටේ ඇති සම්පත් විකුණමින් රට විනාශයට ඇද දමන සියලුම දෙනාට ස්වභාවධර්මයාගෙන් වත් පිළිතුරක් නොමැති දෝ යැයි මට සිතේ. මේවා බල බලා අපි සැමදා සුසුම් හෙලනවා. අපිට නම් රනිල් ආවත්, මහින්ද ආවත්, මෛත්‍රි ආවත් ඇමති මණ්ඩලයේ අපි සැමදා දකින්නේ එකම මුහුණු ටික පමණි. කාට කියන්නද මේ වෙන විගඩම්? අපිට තියෙන්නේ මේවා බලබලා හූල්ලන්නටම නොවේද? අපි අද දින මහන්සි වී හම්බ කරගත්තෝතින් අද දවස බඩගින්නේ නැති කරගත හැකිය. අපි නිකම්ම බලා හිටියොත් කවුරුත් අපට කන්න දෙන්නේ නැත. මේවා නොසිතන මෝඩ මිනිසුන්...

:       1744       217

Pablo Monday, 29 October 2018 04:27 PM

රුචි පරිදි තනතුරු බෙදා ගනිති. තව ටික දවසකින් අලුත් අයට කෝටි ගණන් වැයකර වාහන ගෙන්වා ගනිති. නිල නිවාස සාදවා ගනිති. නමුත් කීයක් දෙනා හිසට සෙවණක් බඩට අහරක් නැතුව ලංකාවේ ඇතිද...

:       0       238

රජින්ද Monday, 29 October 2018 05:05 PM

කව්රුත් වැඩිය කලබල වෙන්නෙපා. මේ ඇමතිකන් තව ටික කාලෙකට පමණයි. ලගදීම මහා මැතිවරණයක් එනවා. අන්න ඒ දවසට සුදුසුකම් තියෙන වැදගත් කිහිප දෙනෙක්නම් ඉන්නේ අන්න ඔවුන්ව පාර්ලිමේන්තු යවන්න. ඡන්ද දායකයින් පක්ෂ වලට බෙදී සිටීමේ වාසිය යන්නේ එක එක පුද්ගලයින්ට මිසක් රටට නොවේ. අපේ ඡන්ද දායකයින් දැනගන්න ඕන ඔවුන් පත් කරන ආණ්ඩුව 2/3ක් නැති ආණ්ඩුවක් උනොත් ඒ 2/3ක හදාගන්න ඇමතියින්ව බා ගන්න වෙනබව. එතකොට ඒ ගන්න ඇමතිගේ චරිතේ බලන්නේ නැහැ. ඒ නිසා මෙදාපාර පත්කරගන්න රටට අවම හානියක් ඇති කරයි කියා ඔබ හිතන අයව. එහෙම නැතුව පක්ෂ-පාට මතම යැපෙන්න එපා.

:       6       2132

PerakumMonday, 29 October 2018 10:05 PM

මේ ගැටළු සියල්ලටම හේතුව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට හැකි වීමයි. ව්‍යවස්ථාවෙන් එය වෙනස් කළා නම් මේ සියලු ප්‍රශ්න විසඳෙනවා. නිවැරදි ප්‍රජා තන්ත්‍රය එයයි. නමුත් කිසිම දේශපාලන පක්ෂයක් ඊට කැමති නැත.

:       0       104

SalindaTuesday, 30 October 2018 03:40 AM

ඊලඟ පාර ජවිපෙට අවස්ථාවක් දීලා බලමු.

:       0       208

Jay Monday, 29 October 2018 05:18 PM

සුබ පැතුම් නව කැබිනෙට්ටුවට, මේක හොදම නිදසුනක් කාටත්, බැරිනම් නැවත උත්සහ කරන්න.

:       209       1805

K Perera Monday, 29 October 2018 06:06 PM

සුබ පැතුම්! විනෝද වන්න! කල් තබපු පාර්ලිමේන්තුව නැවත කැදවන තුරු..

:       1730       616

Nalaka Monday, 29 October 2018 06:40 PM

අගමතිලා දෙකක් ඇමති මණ්ඩල දෙකක් ආණ්ඩු දෙකක් ඇති රට කුමක්ද?

:       0       3

Rasika Monday, 29 October 2018 06:46 PM

හැබැයි මෙගමන ලොකු වෙනසක් තියෙනවා. ඇමති මණ්ඩලේ 30 කට සීමා කරලා.. මේකවත් කරන්න බැරි උනානේ කලින්. අනෙක රාජපක්ෂ පවුලේ කාටවත් ඇමතිකම් දීලා නැහැ. හොද දෙයක්. නමුත් ඊලග ඡන්දෙන් හොද අයව තෝරලා පාර්ලිමේන්තු යවන්න. එතකොට පුළුවන් හොද ඇමති මණ්ඩලයක් පත් කරන්න.

:       103       0

Amila Monday, 29 October 2018 07:10 PM

උදේ සහ දවල් අව්ව තියෙනකන් මේ සමහර චරිත වලට මොලේ පෑදෙනවා. කරුවල වැටුණ ගමන් මොලේ අවුල් යනවා. නැත්තම් ඉතින් උදේ කියපුවා කරුවල වැටෙන කොට වෙනස් වෙන්න පුලුවන්ද.

:       0       2

ඉන්ද්‍රජාල Monday, 29 October 2018 07:30 PM

ඇත්තටම මේ රටේ ජනතාව තණකොළ කනවැයිද හිතාන ඉන්නෙ. මෙහෙමත් පිල් මාරු කිරිල්ලක් තමන්ගේ ආත්මය විකුණන්න ලජ්ජාවක් නැති හැටි. ඊළඟ මැතිවරණයේදී රෙද්දක් ඇඳගෙන මිනිස්සු ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද මේ අයට හැබෑටම? ඇමරිකාවේ හිටපු ජනපතිවර⁣යකු වන රොනල්ඩ් රේගන් මෙහෙම කියනවා: "දේශපාලනය යනු ලොව දෙවන පැරණිතම වෘත්තියය යි මා අසා තිබෙනවා. මේ වන විට මා තේරුම්ගෙන ඇති දෙයක් නම්, එයත් පැරණිතම වෘත්තීන් අතර පළමුවැන්නත් අතරත් බොහෝ සමානකම් ඇති බවයි"

:       0       100

duminda Monday, 29 October 2018 09:08 PM

යහපාලනයේ වුනු එක හොදක් නම් ඇමති මණ්ඩලය 30 වීමම කොතරම් හොඳක්ද

:       1       41

sensa Tuesday, 30 October 2018 02:18 AM

ප්‍රතිපත්තියක් නැති, කිසිම සදාචාරයක් හික්මීමක් නැති, කිසිදු වටිනාකමක් විශ්වාසයක් තියන්න බැරි කණ්ඩායමක් තමයි අප රටේ දේශපාලකයා.

:       0       103

duminda Tuesday, 30 October 2018 03:26 AM

මෛත්‍රී ට ලැජ්ජාවක් ඇත්තෙම නැත , මහින්දටද නැත , රනිල්ටද තිබෙන්න විදිහක් නැත , ලැජ්ජාව කියන වචනේවත් දන්නේ නැත

:       0       5

amitha Tuesday, 30 October 2018 03:54 AM

අපි සුද්දගෙන් අරගෙන දේවත්වයෙන් වගේ ඉහමුදුනින් තියාන ඉන්න ප්‍රජාතන්ත්‍රවදය කියන්නෙ මේකටද අනේ?

:       0       5

gunasinghe Tuesday, 30 October 2018 04:05 AM

මෙහෙම අය ඉන්න රටක ජිවත් වීමට සිදුවීම ගැන තියෙන්නේ පුදුම දුකක්.

:       1       17

athula Tuesday, 30 October 2018 01:59 PM

මොනතරම් හාස්‍යජනකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1312 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3347 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2113 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5648 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4669 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site