IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂාවට

(සිතුම් චතුරංග)

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව යුද හමුදාව කියයි.

අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම් හි තුර්කි නගර් නැමති නව මුස්ලිම් ගම්මානය ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කළ බව යුද හමුදාව පවසයි.

ඊයේ උදෑසන 06.00 සිට දහවල් 01.00 දක්වා මෙම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සඳහා යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටියහ.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරාපුරම් නිවස පැය කිහිපයක් විශේෂ සෝදිසියකට ලක්කළ අතර එහි තිබී කිසිදු සැකකටයුතු යමක් සොයාගැනීමට නොහැකිවූ බව යුද හමුදාව සඳහන් කරයි.

තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි කිණිසි කිහිපයක් සොයාගත් අතර එම කිණිසි වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බාරදී තිබේ.

යුද හමුදාව පැවසූයේ තුර්කි නගර් හා තාරාපුරම් හි නිවාස 150 අධික සංඛ්‍යාවක් විශේෂ සෝදිසියකට ලක්කළ බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විදේශ ගතව ඇති අතර ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී නිවසෙහි සිට ඇත්තේ සේවකයින් කිහිපදෙනකු පමණක් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය. 

         



අදහස් (30)

ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂාවට

d.upul Monday, 06 May 2019 09:35 AM

අනේ මෙහෙමත් මෝඩයෝ. චෙක් කරන්න තිබුනේ ප්‍රහාර එල්ලවුණු දවසේමයි.

:       69       645

ගල්කටස් Monday, 06 May 2019 09:43 AM

මේවට හිනහ නොවී මක් කරන්නද..? වැඩ බැරිනම් ටාසන්ලා අාණ්ඩුව කරනකොට මෙයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. අර සුදු වෑන්, බ්ලැක් කැටිස් හොඳයි කියලා හිතෙන්නේ මොවුන් නටන නාඩගම් දැක්කම තමයි..

:       14       712

aseMonday, 06 May 2019 10:36 AM

ඇත්තනේ... එදා කලේ නම් මෙහෙලා සෙල්ලන් පිස්තෝල වලින්නේ සෙල්ලම් කලේ !!!

:       195       114

විරාජ් Monday, 06 May 2019 09:45 AM

ඒක මරු, ප්‍රහාරය වෙලා සති 2කට පස්සේ අස්සයත් ඉස්තාලෙන් පැන්නට පස්සේ සෝදිසි කරනවා.. අපිට දෙවියන්ගේම පිහිටයි..

:       0       367

Manula ChamindaMonday, 06 May 2019 10:28 AM

ශ්‍රී ලංකාවේ යහපාලන රටාව තමයි..

:       3       123

indika Monday, 06 May 2019 09:47 AM

දැන් පරීක්ෂා කරලා මොනවා හොයාගන්නද? මිනිහා මෝඩයෙක්ද මෙච්චර දවස් ගෙදර තියාගෙන ඉන්න. ඕවා කලින්ම කරන්න තිබ්බ දේවල්... මේකෙන් වෙන්නේ එය නිවැරදිකාරයෙක් වෙන එක විතරයි.

:       0       548

shyamMonday, 06 May 2019 10:01 AM

නිවැරදිකාරයෙක් කරන්න තමයි පරික්ෂා කරන්නේ... ඕවා සංදර්ශන...

:       0       443

sachithMonday, 06 May 2019 10:05 AM

ඔබතුමා සමග 100% එකඟයි. 21දා හවස ඇඳිරි නීතිය දාපු වෙලාවේම ඕවා පරීක්ෂා කරා නම් මේ අහුවෙලා තියෙනවට වඩා ගොඩක් දේවල් හම්බ වෙයි. සර්පයගේ ඔළුවම අහක් කරනවා මිසක් නැට්ට කපල දාලා වැඩක් නැහැ. මේ කරන්නෙත් සර්පයාගේ ඔලුව හුරතල් කර කර නැට්ටෙන් කෑල්ලක් කපනවා වගේ වැඩ...

:       3       377

Kumara Monday, 06 May 2019 09:55 AM

මේවට මොනවද කියන්නේ? මෙහෙම රටකනේ අපි ජීවත් වන්නේ...

:       0       215

සේන Monday, 06 May 2019 10:11 AM

කොහොමද යහපාලන රජයේ සැලැස්ම... බදුර්දීන් උන්නැහේ රට යැව්වා. කාලෙකට පස්සේ ගේ සෝදිසි කරනවා. දැන් ඉතින් මොකුත් නෑනේ. තව ටිකක් කල් මහජන සල්ලිවලින් මිනිහා හොඳ සැපක් අරගෙන වීරයෙක් වගේ ලංකාවට එයි. ඔය ඇමතිලා යයි ගුවන්තොටට මල් මාලයක් දාලා පිළිගන්න. තමන්ගේ පැවැත්ම සඳහා අසූචිත් කන යහපාලනය...

:       2       1011

ranjith Monday, 06 May 2019 10:19 AM

අපේ ශ්‍රේෂ්ඨ රජවරු එක්සේසත් කරපු මේ රටේ තුර්කි නගර නමින් නගරයක් ඇතිකරන්න ඉඩක් දීලා කාලකන්නි දේශපාලනේ රට විනාශ කරන හැටි..

:       0       334

Sapumal. Monday, 06 May 2019 10:24 AM

අශ්වයා පැනලා ගියා. දැන් මොන පරීක්ෂාද? මේවා කෙරෙන්නේ රට රවටන්නට වුණත්, මේවායින් රැවටෙන්නේ සමහර දේශපාලකයන් පමණයි.

:       0       219

sam Monday, 06 May 2019 10:28 AM

මෙයාගේ බදු ටික ඔක්කොම හන්ගන්න ඉඩ දීලා දැන් පරික්ෂා කරලා කියයි...මුකුත් නැහැ කියලා. මේක හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ. මේ තමයි මහ මොලකරුවා. ජනතාවනේ, මේවා හොඳටම මතක තියාගෙන... ඉස්සරහට එන ඡන්දවලදී මේවාගේ ජනතාව අන්දවන කාලකන්නි දේශපාලකයෝ ගෙදරම යවපල්ලා. තමන්ගේ කතිරේ ගහන කොට මොලේ පාවිච්චි කරලා කතිරේ ගහපල්ලා. මේ දේශපාලකයන් පට්ට හොරු තමයි.

:       0       255

Upali Monday, 06 May 2019 10:40 AM

අස්සයා ගිහින් ඉවරයි. මක්කටෙයි දැන් ඉස්තාලේ බලන්නේ?

:       0       216

shirley suraweera Monday, 06 May 2019 10:42 AM

සියලු කලමණා අස්කරගන්න කියලද චෙක් කලේ?

:       0       216

indika Monday, 06 May 2019 10:58 AM

මේවට කොහෙන් හිනාවෙන්නද කියලා තේරෙන්නේ නැහැ. සති 2කට පස්සේ මොනවා හොයන්නද?

:       0       56

Amila Monday, 06 May 2019 11:05 AM

සති 2ක් ගිහින් මිනිහත් රට පැන්නාට පස්සේ මොනවා හරි තිබිලා අහුවුණා නම් තමයි පුදුම වෙන්න ඕනෑ. අායෙත් මිනිස්සු ගොනාට අන්දමින් ඉන්න බව පේනවා. මේ යන විදියට පාලකයන්ගේ වුවමනාවට කරපු බෝම්බ පිපිරීමක් කියලත් සාධාරණ සැකයක් ඇතිවෙනවා. වළක්වා ගැනීමට උත්සාහ කරෙත් නෑ සහ දැන් පරීක්ෂණත් ඈලිමෑලි ගතියකින්නේ වෙන්නෙත්...

:       0       86

දිලුම් Monday, 06 May 2019 11:09 AM

අනේ මෙහෙම ආණ්ඩුවක් මේ ප්‍රශ්නේ බරපතලකම දන්නෙ නැතිවද? මේ කාලකන්නි 225 මේ රගපාන්නේ. අවුරුදු 30ක් යුද්ධෙන් බැට කාපු දේපල, දරුවන් , ඥාතින් අහිමිකරගෙන ජීවිතය විදිනවාට වඩා විදවන මේ රටේ අහිංසක මිනිසුන් වන අපි ට තවත් ඇයි මේ කාලකන්නි 225 වද දෙන්නේ. අපේ මලමිනී උඩින් රජවී රටට කරුමයක් වී ඇති පාලකයිනි තොපට නැවත මිනිස් ආත්මයක් නොලැබේවා . තොපි වැනි 225ක් අප උපදින උපදින එක් ආත්මයකවත් අපිට නැවත දකින්නට හෝ තොපි ඉපදී සිටින නගරයකවත් අපි නොසිටීවා යන්න මේ රටේ සමස්ථ ජනතාවගේ පැතුමයි.

:       0       40

janith Monday, 06 May 2019 11:51 AM

ප්‍රහාරය වුන දවසෙම පරීක්ෂා කලත් එයට කලින් ලොකු දේශපාලුවන්ගෙන් අවසර ගන්න වෙනවා. එතකොට එම ලොකු දේශපාලුවා බදුර්දීන්ට කතා කරලා කියනවා ඔන්න ඔයාගේ ගෙදර බලන්න හමුදාව එනවා කියලා. මේ අයගේ ඔලුවේ තියෙන්නේ ඡන්ද ගොඩ වැඩි කරගන්නේ කොහොමද කියන එක විතරයි. අපේ හමුදාවත් පොලිස්සියත් අසරණයි

:       0       156

hira Monday, 06 May 2019 12:09 PM

ආණ්ඩුව මහජනතාවට විහිළු සපයනවා.

:       0       29

බය නැති අගමැති Monday, 06 May 2019 12:43 PM

මන් කිව්වනේ මගේ අය ඕවට සම්බන්ධ නැහැ කියල

:       1       8

sisira Monday, 06 May 2019 12:46 PM

සති දෙකකට පස්සේ ?

:       0       13

sugath Monday, 06 May 2019 01:29 PM

මේවට පස්ස පැත්තෙන් හිනා යන්නේ.. ඉස්තාලේ ඇරලා අශ්වයා පන්නලා වැඩක් කරන්න පටන් අරගෙන, හරියට පොඩි එවුන් හැංගි මුත්තම් කරනවා වගේ...

:       0       41

janahitha Monday, 06 May 2019 01:39 PM

අශ්වයා පැන යන්න හැර ස්තාලය වැසුවට වැඩක් නැති බව ඒ අය දැනගෙන ඉඳලා නැහැ. මුල ඉඳන්ම කලේ ඕකමනේ. ජනතාව දැන් තේරුම් අරන් ඉවරයි කර ගත්ත මෝඩකම... අපරාදේ අපි අමාරුවේ වැටුණා කියල තමයි කවුරුත් කියන්නේ... හිතන්නේ.

:       0       21

රිෂාඩ් Monday, 06 May 2019 09:08 PM

මං නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තියේ , කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ .

:       0       4

sharm warn Tuesday, 07 May 2019 05:38 AM

මන්නාරමේ තුර්කි නගර ??? හරි අපුරුයි නේ ...... එතකොට මන්නාරම අයිති වෙන්නේ තුර්කියට ..එහෙමද අලුත් සිතියමේ තියෙන්නේ? මුස්ලිම් නම් වලින් ගම්මාන බිහි වෙන එක කාටවත් පෙන්නේ නැද්ද ??? වත්තල එඩේරමුල්ල අක්බාර් ටවුන් කියලා නම වෙනස් කරලා ගමේ මිනිස්සු උද්ඝෝෂණය කළා . නමුත් මම දැක්කා දැන් එඩේරමුල්ල -අක්බාර් ටවුන් කියලා කියනවා . මට විතරද මේවා පෙනෙන්නේ එතකොට?

:       1       21

prabash Thursday, 09 May 2019 12:06 PM

දැන් හරි පරික්ෂ කරන්න කියල කියනකන් වෙන්න ඇති බලා ඉන්න ඇත්තේ

:       0       0

tikiri Thursday, 09 May 2019 12:22 PM

තිබුණු චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කළ හැකි .

:       0       0

sena Friday, 10 May 2019 09:06 AM

මේවා හොඳයි පාර්ලිමේන්තුවේ ඉන්න අයට... අපි දන්නවා ඊට වඩා..

:       0       0

PA - RA Friday, 10 May 2019 02:56 PM

අහුවෙන්න එපා ඔය බයිලා වලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 6 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 46 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 116 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1228 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 516 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 657 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site