IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට තහංචි

( +++ සුජිත් හේවාජුලිගේ)

අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අගමැති ලේකම්වරයාට හා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් යවමින් නියෝග කර ඇත.

දූෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ලේකම්වරයා මේ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.

ජනාධිපති ලේකම්වරයා ඉකුත් 7 වැනිදා දාතමින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.

මේ නියෝගය දැඩිව ක්‍රියාත්මක කරන්නැයිද ජනාධිපති ලේකම්වරයා අගමැති ලේකම්වරයාට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

​මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ එවැනි උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් තමාටද ලැබී ඇති බවයි..



අදහස් (8)

ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට තහංචි

rasika Monday, 10 February 2020 05:10 AM

සිදුවිය යුතු දෙය වෙමින් පවතියි. ජනාධිපතිතුමාට සහාය දීම අපි හැමෝගේම යුතුකමක්. නව පාර්ලිමේන්තුවට වැඩක් කරන්න පුළුවන් අලුත් පිරිසක් පත්කරලා යවන්න.

:       303       140

athuraMonday, 10 February 2020 06:48 AM

සිදුවිය යුතු දෙය වෙමින් පවතී. පවුලේ අයගේ ඒවාට ඔට්ටු නැහැ හොදේ.

:       11       111

BamunuarachchiMonday, 10 February 2020 08:09 AM

බම්බුව තමයි. මේවා ඔක්කොම ඇස්බැන්දුම්. රජ පවුලේ මාමණ්ඩිලාට, නැන්දම්මලාට, ජනාධිපති වටේ ඉඳන් කෑ ගහපු අර නෝනලාට මේ නීති අදාල නැද්ද?

:       16       132

palitha Monday, 10 February 2020 05:41 AM

හරියටම හරි, වන්දිභට්ටයින්ට නියම පෝරියල් එක. අත අරින්න එපා ජනාධිපතිතුමනි, මේ අයව හිටෝලා පස් ගහලා ගන්න ඕන.

:       16       138

athuraMonday, 10 February 2020 11:37 AM

අපේ රටේ මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ. කියනකොට මෙහෙමයි කරන ටික දන්නේ නැහැ...

:       0       2

රවින් Monday, 10 February 2020 07:11 AM

ඒක හොඳයි. ඉස්සරහින් යන කරත්තකරුවාට පුළුවන් ගොනාව කරත්තේ පෙරලෙන්න තප්පුලන්නේ නැතිව හරියට කරත්තේ දක්කාගෙන යන්න. නැතිනම් 225 යි හෙන්චයියලා ටිකයි කරත්තෙත් පෙරලලා තියන බඩුමුට්ටුත් විනාශ කරලා පාරත් කඩලා තමයි නවතින්නේ.

:       0       81

කපුරුහාමි Monday, 10 February 2020 09:26 AM

මොන තහංචි දැම්මත් වැඩසිද්ද වෙන්නේ නායකයින්ගේ වුවමනාවන්ට කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හතර වරිගයම ඉන්න අයට මොනතරම් තානාන්තරද දීලා තිබුනේ..?

:       1       108

siri Monday, 10 February 2020 09:38 AM

මේ ගැන මෙන්න මෙහෙම විවරණයක් අන්තර්ජාලයේ තියෙනවා දැක්කා "මෙය බැලූ බැල්මට ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලවලින් සිදුවන දූෂණ නතර කර ගැනීමට ජනාධිපතිට ඇති අවශ්‍යතාවයක් ලෙස ප්‍රදර්ශනය කරන නමුත් එය එසේ නැත. එවැනි අවශ්‍යතාවයක් ජනාධිපතිට තිබෙනවා නම් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ වරදට අධිකරණයෙන් බරපතල වැඩ ඇතිව වසර 3ක් හිරේ දමාදැනට ඇපමත සිටින ලලිත් වීරතුංග තම ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරගන්නේ නැත. මෙය පැහැදිලිවම අගමැති මහින්ද, කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ දත් ගැලවීමකි. අතපය විලංගු ලෑමකි. සියළු බලතල ජනාධිපතිවරයා අත්පත්කර ගැනීමකි. මන්දයත් චක්‍රලේඛය මගින් කියන අමාත්‍යාංශ ලේකම්ලා පත් කරන්නේ ඍජුවම ජනාධිපතිවරයා විසින් වන බැවින් එවිට ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයාට අවශ්‍ය දේ නොව ජනාධිපතිට අවශ්‍ය දේ වන බැවිනි. සිතුවාට කලින් අනතුර පැමිණ ඇත. රටේ ජනයා එක්ව කිසිඳු දේශපාලන අත්දැකීමක් නැති විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විධායකයට පත් කරද්දී ව්‍යවස්ථාදායකයේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මේ තරම් ඉක්මණින් අපට සිදුවේ යැයි කිසිදා නොසිතුවෙමු." උපුටා ගැනීම අවසන්...

:       7       175

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 485 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 96 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 763 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 761 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1177 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1073 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site